හටපු හමුදාපති සුදුසු ගැලවීමේ හමුදාවට යයි මා කියූ වේලේ බැන්න අය දැන් ඔහුට ඊටත් අඩු තනතුරක් දෙන්න යනවා - මංගල කියයි


(2009 ඔක්තෝබර්  14 - W3Lanka) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කළ ප්‍රකාශයකට දේශපාලන පිළිතුරක් දෙමින් තමා ඔහු සුදුසු ගැලවීමේ හමුදාවේ නායකත්වයට බව පැවසූ අවස්ථාවේ තමාට බැන වැදුණු පුද්ගලයන් දැන් හිටපු හමුදාපතිවරයාට ගැලවීමේ හමුදාවේ නායකයාටත් වඩා අඩු බලතල සහිත ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරය පිරිනමා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර පවසයි.

අගෝස්තු 13දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද අපි ඔක්කොම රජවරු නම් තේමාවෙන් යුක්ත වූ රැස්වීම අමතමින් සමරවීර මේ බව පැවසීය.


යුද්ධය දිනා දුන් රණවිරුවන්ට පදක්කමක්වත් නො දුන් රජය කාසියක් දීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් රු. 3080ක් අඩු කරගෙන ඇති බව ද ඔහු පැවසීය. 


රණවිරුවන්ගේ ලෙයින් දහදියෙන් ලබා ගත් ජයග්‍රහණය සදාකාලික එකක් බවට පත් කර ගැනීමට රජයට උවමනාවක් මෙන් ම වැඩපිළිවෙලක් ද නැති බව මංගල සමරවීර පැවසුවේ ත්‍රස්තවාදය පරාජය කළමුත් සාමය උදා වී නැති බව ද පෙන්වා දෙමිනි.

Comments

  1. අනේ මේ මංගල රජෝ ගිහින් කොල්ලෙක් හොයාගත්තොත් හොදා. ඔක්කොම එකයි ජෙනරල්ව ඕක අස්සට ඇදගෙන ඒ මනුස්සයව කිච කරල ඒ මනුස්සයට තියන මහ ජන ගරුත්වය නැති කරන්නයි දැන් දෙපැත්තටම ඕන
    තොපේ නැති ඒවටත් හෙන ගහනව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා