විශ්වාස භංගයේදී අපි උදය ගම්මන්පිලට!


(2009 ඔක්තෝබර්  21 - W3Lanka) බස්‌නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සුළුවාරිමාර්ග සහ පරිසර කටයුතු පිළිබඳව ඇමැති උදය ගම්මන්පිල පළාත් සභාවේ ඇමතිවරයකු ලෙස සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ම පළාත් සභා ක්‍රමය හෙළා දැකීම හේතුවෙන් පළාත් සභාවේ විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


එජාපයේ තර්කය වන්නේ ගම්මන්පිල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි. එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විවේචනය නො කළ හැකි යයි එහි කොතැනකවත් සදහන් වන්නේ නැත. විවේචනය කළත් නො කළත් රටේ පුරවැසියන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුව තිබේ.


එජාපයේ තර්කය පුස්සකි. ඒම තර්කය මත පදනම්ව කටයුතු කළොත්, විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එජාපය දැන් එය වෙනස් කරන්නට යෝජනා කිරීම එජාපයට එරෙහිව විශ්වාස භංගයක් සඳහා ද නිමිත්තක් වේ.

ව්‍යවස්ථා හදන්නේත්, ඒවා ප්‍රතිසංස්කරණය කරන්නේත් පුරවැසියන් ම බව එජාපයට අමතක වී තිබේ. පළාත් සභා ක්‍රමය සුදු අලියකු බව මුළු රට ම දනී. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන ආ එය ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට සපයන්නේ අවම දායකත්වයකි. පළාත් සභා වෙනුවට ජාතීන් අතර බලය බෙදාහැරීම සඳහා වෙනත් ව්‍යූහයක් අවශ්‍ය ය.


බලය බෙදිම පිළිබඳ සංවාදය ඉදිරියට යාම සඳහා උදය ගම්මන්පිලගේ හා ජාතික හෙළ උරුමයේ මැදිහත් වීම ද අවශ්‍ය ය. මක් නිසා ද යත් ඔහු සිංහල අන්තවාදයේ නියෝජිතයකු බැවිනි. සිංහල අන්තවාදයට ද නියෝජනයක් අවශ්‍ය ය.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා