ඉදිරියේදී කලා නිර්මාන(වල) මැකුවොත් හිරේ

(2009 ජුලි 28 - W3Lanka) 
(ඡායාරූපයේ දැක්වෙන්නේ සීගිරියේ අඩ නිරුවත් බිතු සිතුවමකි)
අපේ සදාචාරවත් සංස්කෘතික අමාත්‍යාංශය රටේ සුචරිතය ඇති කිරීමේ පියවරක් ලෙස 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය නැවැත්වීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට යන  බව 
වාර්තා වේ. 

ශී‍්‍ර ලංකාව තුළ සිදු වෙමින් පවතින සංස්කෘතික සෝදාපාළුව වළක්වා සදාචාරවත් සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පියවර ගෙන ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සීගිරිය වදුල හෝටලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


'වැඩිහිටියන්ට පමණයි' ලේබලය ඇලවෙන්නේ නිරුවත්, අඩ නිරුවත් දර්ශන හා ලිංගික හැසිරීම් හා සම්බන්ධ දර්ශන ඇතුළත් චිත්‍රපටවලටයි. ගැහැනියක හා පිරිමියෙකු සරාගී ලෙස එකිනෙකා සිපගැනීම පවා අසභ්‍ය කටයුත්තක් ලෙස සැලකෙන අතර මෙම දර්ශන අඩංගු චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම, ඒවා අඩංගු වීඩියෝ විකිණීම, ළඟ තබාගැනීම හා බැලීම නව නීති රීති යටතේ තහනම් වීමට නියමිත වන අතර, එසේ කර හසු වන අයට සිර දඬුවම් නියම වනු ඇති බව දැනගන්නට තිබේ. එසේම මෙවැනි දර්ශන ඇතුළත් චිත්‍රපට නිෂ්පාදනය කරන පුද්ගලයන්ට ද දඬුවම් විඳීමට සිදු වනු ඇත.


අශ්ලීල සහ අසභ්‍ය ප‍්‍රකාශන සම්බන්ධ නීති තවදුරටත් දැඩි කෙරෙන අතර, එකී අසභ්‍ය ප‍්‍රකාශනවලට ලිපි සැපයීම, ඒවා මුද්‍රණය කිරීම හා එම ප‍්‍රකාශන ළඟ තබා ගැනීම සහ විකිණීම යන වැරදි සඳහා දැඩි දඬුවම් පැනවීමටද පියවර ගනු ලබන බව සංස්කෘතික ඇමතිවරු දෙපළ වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා පියසිරි විජේනායක සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවේදී පැවසිණි.


ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ප්‍රදර්ශනය කළ විට ඒවා ළමයින් බලන බව ද එවිට ළමයින් 'වල්' වන බව ද, රටේ සංස්කෘතිය පිරිහී තිබෙන්නේ ඒ නිසා බවද මේ ඇමතිවරු විශ්වාස කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

Comments

  1. සහෝදරයා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට
    සහෝදරයා ටිකක් මෝඩයි වගේ......

    ReplyDelete
  2. මල කෙලියයි ගොයියො. ගෙනෙන් තිසරපටක් ඔය සීගිරි කෙල්ලන්ට අන්දන්ට. ගෙදරට මරගාතෙ ලෝකෙට පරකාසේ මෝඩ රැළ. ඕන් කිව්වා...

    ReplyDelete
  3. මෙම ජනතා නියෝජිතයින් පත් කරන ලද මහජනතාවගේ අවශ්‍යතා අනුව මෙය සි දුවන්නේ නම් මෙය ගැන කතා කර පලක් නැත. මේ රට ළමුන්ගේ රටකි. මෙහි තීරණ ගන්නන් හා ජීවත් වන සියලු දෙනා ළමුන් බවට පත්ව ඇත. එකෙක් කොස්කොල ඔටුන්නක් දාගෙන අල්ලන සෙල්ලම් කරයි. සියළු දෙනා සැගවී සිටිති. අහු වුනොත් බඩු හම්බ වෙනවාය. සියල්ල විකාරරූපී වී ඇත. ලංකාව සමස්ථයක් වශයෙන්ම වෙනස්ව ඇත. දැනෙන හැටියට නැවත වසර සියගණනික්න් ආපස්ට ගොස් ඇත. එහෙව් රටක මෙම තීරණ ගැන පුදුම විය යුතු නැත. මෙවැනි කුහක තීරණ ගන්නා ළමයින් සමග අප කුමක් කරමුද?

    ReplyDelete
  4. මැකුවොත් හිරේ ??

    නෑ මම නම් අහලා තියෙන්නෙ තව එකෙක් ඉපදේ කියලා.

    ReplyDelete
  5. මට නම් පෙන්නේ ලොකුම මොඩයා දසුන් කියලා.හේතුවක්වත් ඉදිරිපත් නොකර සදාචාරය යනු කුමක් දැයි නොදන්නා උන් සදාචරය රකින්න ගොන් ආකාරයේ උත්සාහා දැරීමේදී වන මානව නිදහස අහිමි වීම ගැන කතා කිරන්නකූ මොඩයකු කියන අය තමන්ගේ මොලේ ගැනයි තමන් වගේ අය තව හිටියම ලංකාවට යන කලදසාවයි තමයි හිතන්න ඔනෙ.
    යුද්දය දිනන්න පුලුවන් උනාට සමජීය දියුනුවක් ඇති කරන්න පවතින පාලකයන්ට බැහැ. උන් සදාචරේ කියලා කියන්නේ වැඩිහිටියන්ට තියෙන නිදහස නැති කරන එක. එත් ඒකෙන් රටේ තියෙන සැබෑ පිරිහීම වහන්න බෑ. පොලීසියේ එලිපිට දුෂන එන්න එන්නම වැඩි වෙනවා. පොලීසියේ උන්ට පරපීඩා කාමුකත්වය ලබන්න වැඩියෙන් අවස්තාවක් දෙන්න තමා රජය උදව් කරන්නෙ. අලුත් පරම්පාරව මේක තෙරුම් අරන් ජනතාවට නිදහස වැඩියෙන් ලබා දෙන පාලකයන් ඉදිරි මැතිවරන වලදි පත් කර ගන්න ඔනේ. සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කරන්න දුන්නු අවසර පතකින් කුරුනෑගල හොටෙල් කාමර වල ඉදපු පෙම්වතුන් ජොඩූ 87 අත් අඩංගුවට අරන් ඇප මත නිදහස් කරපු පුවතක් ඊයේ ලොකුවට ලංකාදීප පත්තරේ දාලා තිබ්බා.පෙම්වතුන්ට හොටෙල් වල ඉන්න නිදහසක් නැහැයි කියලා නීතියක් ලංකාවේ තීයේද? තමන්ගෙන් කාටවත් කරදරයක් නැති බව සහ සාමජයේ ගව්‍රවනීය පුද්ගලයන් බව ඔප්පු කලාට පසු ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලීසිය සතුවු බලය කුමක්ද? මෙවන් මානව අයිතිවාසකම් කඩවීමකදී පොලීසියට විරුද්ධව නඩු පැවරිමට NGO සංවිධාන උදව් දිය යුතුය. එවන් සංවිධාන මොනවාදැයි කියා ජනතාව දැනුවත් විය යුතුය

    ReplyDelete
  6. prashan,
    නෑ, දසුන්ට කොහොමත් පොඩි history එකක් තියෙනවා මොන්ගල් කතා වලට. රැවුල වැවිලා නිසා හැමෝටම කතා කරන්නේ සහෝදරයා කියලා. හිතාගෙන ඉන්නේ චේ කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා