විමල් මෙට්ටය උඩට; නන්දන "අපි නම් අහුවෙයි"ගොඩට


(2009 ජුලි 19) ජාතික නිදහස් පෙරමුණේ නායක, ජනතා විමුක්ති පෙරමුණෙන් බිදී ආ පැරණි විප්ලවවාදියකු වන විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා සෙසු සටන්කාමී වාමාංශිකයන් කුපිත වන අන්දමින් ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ.



ඒ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාර බොහොමයකට විමල් වීරවංශ සහභාගි කර ගනු ලබන අතර එම දර්ශනවලට පුළුල් ප්‍රචාරයක් ලබා දෙයි.


මේ ඔස්සේ සටන්කාමී නායකයන් තම දෙපා මුල කීකරු බලු කුක්කන් වී සිටින ආකාරය රැඩිකල් තරුණ පරපුරට ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන බව නිරීක්ෂකයෝ පවසති. 



ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක, කොටි සංවිධානයෙන් බිඳී ආ කරුණා අම්මාන් වැනි අයද එක් කාලයක මේ අන්දමින් සුරතල් කර ඔවුන්ගේ සටන්කාමී ප්‍රතිරූපය බිඳී ගිය පසු ඈත් කරන ලදී.


එහෙත්, මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ සභාපතිවරයා වන, විමල් සමග එතරම් හොඳ හිතක් නැති නව සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ අලුත්ම පෝස්ටරයක ශරීර භාෂාවෙන් වෙනස් අදහසක් ගම්‍ය කිරිමට ඔහු උත්සාහ කර ඇති බව පෙනේ. 

පේරාදෙනි සරසවි මිතුරන් විසින් ප්‍රකාශයට පත් කරන ලද බවක් කියැවෙන මෙම පෝස්ටරයේ ජනාධිපතිවරයා නන්දන ගුණතිලක ඉදිරියේ දෙකට නැවීගෙන ඔහුගේ අත් දෑතින් අල්ලාගෙන සිටියි. 



 
 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා