ටැබූ සබ්ජෙක්ට්ට පෙනෙන ධනවාදයේ සුන්දරත්වය අපට නො පෙනෙන්නේ ඇයි?
(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) අජිත් පැරකුම් ජයසිංහගේ ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය පිළිබඳ අදහසක් දක්වන හිතවත් බ්ලොග්කරුවකු වන ටැබූ සබ්ජෙක්ට්ස් මෙසේ පවසයි. ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. අප සිතන පරිදි මෙම කරුණ පිළිබඳ සංවාදයක් මතු කර ගැනීමට හැකි නම් ඉතා හොඳ ය. ඇත්තෙන් ම අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරි වී තිබේ ද? නියම ධනවාදය යනු බටහිර රටවල තිබෙන ස්වරූපයේ එකකැයි ටැබූ සිතන බව පෙනේ. එතකොට ලංකාවේ රජය හරහා රජය කරවන ධනවාදීන්, සුළු ධනේශ්වර කොටස් හා සෙසු ධනේශ්වර ව්‍යාපාරිකයන් කරන මේ නිර්දය සූරාකෑම ධනවාදය නොවේද? නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල ...