Why are you outstanding? Come and understand the umbrella

(2010 පෙබරවාරි 19-W3Lankaදෙමළ ජාතික සන්ධානයෙන් බිඳුණු මන්ත්‍රීන් කීපදෙනෙක් සහ ආචාර්ය වික්‍රමබාහු කරණාරත්න එක්ව ඉදිරි මහ මැතිවරණයේදී වාමාංශික විමුක්ති පෙරමුණ ලෙස කුඩය ලකුණින් තරග කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.


දෙමළ ජනතාවගේ සිවයං නිර්ණ හිමිකම පිළි ගත් එක්සත් ශ්‍රී ලංකාවක් යන පදනමින් තරග වදින මෙම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ කණ්ඩායමේ මන්ත්‍රීන් වන එම්.කේ. සිවජිලිංගම් සහ එන්. ශ්‍රීකාන්ත දැනටමත් එක් වී සිටිති. හිටපු ඇමතිවරයකු වන අබූ යුසුෆ් ද ‍මෙම සන්ධානයට එක් වී සිටින අතර දෙමළ ජාතික සන්ධානයේ සිටි රැඩිකල් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පද්මිනී සිදම්බරනාදන් හා එස්. ගජේන්ද්‍රන් ද ඉදිරියේදී එයට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


වාමාංශික විමුකිති පෙරමුණ සියලු දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියි.


පසුගිය ජනාධිපතිවරණයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඡන්ද 7055ක් ලබා ගත් අතර ඔහු සමග එක්ව ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුණ එම්.කේ. සිවාජිලිංගම් ඡන්ද 9662ක් ලබා ගත්තේය.


සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්ද 8,352ක් ලබා ගත් අතර විජේ ඩයස්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී සමානතා පක්ෂය ඡන්ද 4,195ක් ලබා ගත්තේය. මෙම පක්ෂ දෙක ද වෙන වෙන ම මහ මැතිවරණය තරග කිරීමට සූදානම් වෙමින් සිටිති.


මහ මැතිවරණයේදී ද සුපුරුදු ලෙස ම වාමාංශික පක්ෂ අතර එක්සත්කමක් නිර්මානය නොවන බව දැනගන්නට තිබේ.

Comments

  1. These are one man parties, run by three egoistical individuals with funds from NGOs and foreign governments.

    ReplyDelete
  2. ඔය වැටිල තියෙන්නෙ හුළඟෙ ගිය ඡන්ද

    ReplyDelete
  3. මරු සබ් හෙඩිම. ඕක උඩුරාවණ එකක් නේද?

    කතන්දරකාරයා

    ReplyDelete
  4. මරු සබ් හෙඩිම. ඕක උඩුරාවණ එකක් නේද?

    කතන්දරකාරයා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා