ඔබාමාගේ නොඛෙල් සාම තෑග්ග අනාගත යුද්ධ වෙනුවෙන් දුන් එකක්


එක්සත් ජනපද ජනාධිපති ඔබාමාට නොඛෙල් සාම ත්‍යාගය හිමි වීම බොහෝ අංශවල විවේචනයට ලක් වී තිබේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද දෙකක වැදී සිටින එක්සත් ජනපද හමුදාවේ සේනාධිනායකවරයා වූ ඔබාමා යටතේ පසුගිය මැයි මාසයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිය ගණනක් සිවිල් වැසියෝ මිය ගියහ. සාමය වෙනුවෙන් ඔහු කර ඇති දේ කුමක්දැයි විවේචකයෝ අසති. නොඛෙල් සාම ත්‍යාගය තමන්ට පිරිනැමූ පුවත අසා තමන් විමතියට පත් වූ බව ඔබාමා ම පවසා තිබේ. ඔබාමා සැරසෙමින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ හමුදා තර කිරීමට හා පකිස්තාන් දේශ සීමාව දක්වා තලේබාන් විරෝධී යුද්ධය ව්‍යාප්ත කිරීමටයි. එතැනින් නො නැවතී න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ වෙමින් සිටින ඉරානයට එරෙහිව රළු පිළිවෙතකට ද ඔබාමා තල්ලූ වෙමින් සිටියි.


නෝර්වේ බහු පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් විසින් කරනු ලබන නොඛෙල් සාම ත්‍යාගලාභියා තේරීමේ ක්‍රියාවලියෙන් ප්‍රකාශයට පත් වන්නේ යුරෝපා පාලක ප්‍රභූන්ගේ ලෝක දේශපාලන දැක්ම හා ආකල්පයයි. එය සාම ත්‍යාගයක් වුව ද බොහෝ විට එය ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලනික උපාය මාර්ගික සම්මානයක් ලෙසයි. ඉතිහාසයේ මේ සම්මානය දී ඇති ආකාරය මෙයට දෙස් දෙයි.


ඇමරිකන්-වියට්නාම් යුද්ධය අවසන් කළ පැරිස් සාම ගිවිසුම අත්සන් කළ හෙන්රි කීසිංජර්ට 1973දී නොඛෙල් සාම ත්‍යාගය හිමි වුව ද අද පවා ඔහු වියට්නාම් යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් එක්සත් ජනපදයෙන් බැහැර නොයන බව ද, ඔහු සමග අදාළ ගිවිසුම සාකච්ඡා කළ වියට්නාමයේ ලේ ඩුක් තෝ එයින් සිය රටට සාමයක් උදා නොවූ බව පවසා සම්මානය ප්‍රතික්ෂේප කළ බව ද ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපියක් ලියන බිල් වැන් ඕකන් පවසයි.


ඉන් වසර කීපයකට පසු ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් සමග කෑම්ප් ඩේවිඩ් සම්මුතිය අත්සන් කිරීම හේතුවෙන් ඊශ්‍රායල් අගමැති මෙනචම් ඛෙගින්ට හා සදාත්ට නොඛෙල් සම්මානය දෙද්දී ඛෙගින්ගේ ත්‍රස්ත ඉතිහාසය අමතක කළ බව ඔහු පවසයි.


2002දී නොඛෙල් සම්මානය ලැබූ ජිමී කාටර් ඇෆ්ගනිස්ථානය සමග යුද්ධයකට මග පෑදුවෙකි. ඔහුට සම්මානය දුන්නේ ඔහුගෙන් පසු බලයට ආ ජ්‍යේෂAඨ ජෝර්ජ් බුෂ්ගේ යුරෝපය නොතකා හිතුමතේට කටයුතු කරන ප්‍රතිපත්තිය හෙළා දැකීමේ අදහසින් බව ඉහත කී ලිපිය පෙන්වා දෙයි. 2000දී කණිෂ්ඨ ජෝර්ජ් බුෂ්ට පරාජය වූ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක අල් ගෝර්ට 2007දී, ඔබාමා බලයට පත් වූ ජනාධිපතිවරණයට මඳ කලකට පෙර, නොඛෙල් සම්මානය ලබා දෙන්නේ යුරෝපයට බුෂ්ගෙන් ගැලවීමට තිබු අවශ්‍යතාව පෙන්නුම් කිරීමට බව ලේඛකයා වැඩි දුරටත් පවසයි.


එදා එක්සත් ජනපදයේ ඒක පාක්ෂික ප්‍රතිපත්ති හෙළා දැකීමට නොඛෙල් සම්මානය පාවිච්චි කළ යුරෝපය දැන් ඔබාමාගේ යුරෝපය සමග එක්ව යන බහු පාක්ෂික ලෝක ප්‍රතිපත්තිය අනුමත කිරීම පිණිස මෙම සම්මානය ඔබාමාට දී තිබේ. යුරෝපය වර්තමාන එක්සත් ජනපද රජය ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ පමණක් නොව ඉරානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති පවා අනුමත කරයි.


නොඛෙල් සාම සම්මානලාභී ඔබාමා හෙට ඉරානයට පහර දුන්නොත්, භූගත ඉලක්ක සොයා යාම ස`දහා යොදා ගැනීමට නියමිත එක් බෝම්බ විශේෂයක් ටොන් 30,000ක් බර ය. නොඛෙල් තෑග්ග ආරම්භ කළ ඩයිනමයිට් සොයා ගත් ඇල්ෆ්‍රඩ් නොඛෙල් මිනී වලේ සිට පවා මේ ගැන උනන්දු විය හැකි ය.

Comments

  1. නඩුත් හාමුරුදුවන්ගේ බඩුත් හාමුරුදුවන්ගේ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා