Posts

Showing posts with the label නොබෙල් ක්‍යාගය

ඔබාමාගේ නොඛෙල් සාම තෑග්ග අනාගත යුද්ධ වෙනුවෙන් දුන් එකක්

Image
එක්සත් ජනපද ජනාධිපති ඔබාමාට නොඛෙල් සාම ත්‍යාගය හිමි වීම බොහෝ අංශවල විවේචනයට ලක් වී තිබේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද දෙකක වැදී සිටින එක්සත් ජනපද හමුදාවේ සේනාධිනායකවරයා වූ ඔබාමා යටතේ පසුගිය මැයි මාසයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිය ගණනක් සිවිල් වැසියෝ මිය ගියහ. සාමය වෙනුවෙන් ඔහු කර ඇති දේ කුමක්දැයි විවේචකයෝ අසති. නොඛෙල් සාම ත්‍යාගය තමන්ට පිරිනැමූ පුවත අසා තමන් විමතියට පත් වූ බව ඔබාමා ම පවසා තිබේ. ඔබාමා සැරසෙමින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ හමුදා තර කිරීමට හා පකිස්තාන් දේශ සීමාව දක්වා තලේබාන් විරෝධී යුද්ධය ව්‍යාප්ත කිරීමටයි. එතැනින් නො නැවතී න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ වෙමින් සිටින ඉරානයට එරෙහිව රළු පිළිවෙතකට ද ඔබාමා තල්ලූ වෙමින් සිටියි. නෝර්වේ බහු පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් විසින් කරනු ලබන නොඛෙල් සාම ත්‍යාගලාභියා තේරීමේ ක්‍රියාවලියෙන් ප්‍රකාශයට පත් වන්නේ යුරෝපා පාලක ප්‍රභූන්ගේ ලෝක දේශපාලන දැක්ම හා ආකල්පයයි. එය සාම ත්‍යාගයක් වුව ද බොහෝ විට එය ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලනික උපාය මාර්ගික සම්මානයක් ලෙසයි. ඉතිහාසයේ මේ සම්මානය දී ඇති ආකාරය මෙයට දෙස් දෙයි. ඇමරිකන්-වියට්නාම් යුද්ධය අවසන් ක...

ඔබාමාගේ නොබෙල් සාම තෑග්ග අනාගත යුද්ධ වෙනුවෙන් දුන් එකක්

Image
(2009 ඔක්තෝබර්  15 - W3Lanka ) එක්සත් ජනපද ජනාධිපති ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය හිමි වීම බොහෝ අංශවල විවේචනයට ලක් වී තිබේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද දෙකක  වැදී සිටින එක්සත් ජනපද හමුදාවේ සේනාධිනායකවරයා වූ ඔබාමා යටතේ පසුගිය මැයි මාසයේ එල්ල වූ ගුවන් ප‍්‍රහාරවලින් සිය ගණනක් සිවිල් වැසියෝ මිය ගියහ. සාමය වෙනුවෙන් ඔහු කර ඇති දේ කුමක්දැයි විවේචකයෝ අසති. නොබෙල් සාම ත්‍යාගය තමන්ට පිරිනැමූ පුවත අසා තමන් විමතියට පත් වූ බව ඔබාමා ම පවසා තිබේ. ඔබාමා සැරසෙමින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ හමුදා තර කිරීමට හා පකිස්තාන් දේශ සීමාව දක්වා තලේබාන් විරෝධී යුද්ධය ව්‍යාප්ත කිරීමටයි. එතැනින් නො නැවතී න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ වෙමින් සිටින ඉරානයට එරෙහිව රළු පිළිවෙතකට ද ඔබාමා තල්ලූ වෙමින් සිටියි. නෝර්වේ බහු පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් විසින් කරනු ලබන නොබෙල් සාම ත්‍යාගලාභියා තේරීමේ ක‍්‍රියාවලියෙන් ප‍්‍රකාශයට පත් වන්නේ යුරෝපා පාලක ප‍්‍රභූන්ගේ ලෝක දේශපාලන දැක්ම හා ආකල්පයයි. එය සාම ත්‍යාගයක් වුව ද බොහෝ විට එය ක‍්‍රියාත්මක වී ඇත්තේ දේශපාලනික උපාය මාර්ගික සම්මානයක් ලෙසයි. ඉතිහාසයේ මේ සම්මානය දී ඇති ආකාරය මෙයට ද...

2009 නොබෙල් සාම ත්‍යාගය ඔබාමාට

Image
(2009 ඔක්තෝබර්  09 - W3Lanka ) 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාට පිරිනැමීමට නෝර්වේහි නොබෙල් කමිටුව තීරණය කර තිබේ.  ඔබාමාට ඒ වෙනුවෙන් පදක්කමක්, පෞද්ගලික ඩිප්ලෝමාවක් හා විශාල තැගි මුදලක් හිමි වේ.  1901දී නොබෙල් ත්‍යාගය සඳහා මුල පිරුවේ ඩයිනමයිට් මුලින් ම නිර්මානය කළ ඇල්ෆ්‍රඩ් නොබෙල් ය. ඔහුගේ මරණ සංවත්සරය යෙදෙන දෙසැම්බර් 10දා නෝර්වේහි ඔස්ලෝ නගර ශාලාවේදී මෙම සම්මානය පිරිනමනු ලැබේ.  භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා සාහිත්‍යය වෙනුවෙන් ද නොබෙල් සම්මාන පිරිනැමේ.