ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්න එකඟ වූ කොන්දේසි මොනවාද?

(2009 ජුලි 28 - W3Lanka) සන්ධාන ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙම ණය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වන කොන්දේසි හෙළි නොකරන ලෙස එම මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිමින් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියා සිටින්නේ යයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැදිගමදී 25දා පැවති රැස්වීමකදී පැවසීය.


රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී එකඟ වූ කොන්දේසි අනුව, සෑම වසරකදීම හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශයේ වියදම් ද ඇතුලු රජයේ වියදම් අඩු කළ යුතු බවද රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවිය කොන්දේසි ලෙස පැහැදිලිව දක්‌වා තිබෙන බව ද ඔහු පවසයි.



මෙවැනි ණය මුදලක්‌ ලබාගැනීමේදී ඊට ඇතුළත් ප්‍රතිපත්ති හා ලියකියවිලි සියල්ල පාර්ලිමේන්තුවට හෙළිකිරීම සම්ප්‍රදායක්‌ බව ද, 2001 වසරේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ණය ලබාගත් අවස්‌ථාවේදී හා 2003 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ණය ලබාගත් අවස්‌ථාවේදී ද අදාළ වෙබ් අඩවිය මගින් තොරතුරු ඉදිරිපත් කළ බව ද වික්‍රමසිංහ පැවසීය. 

මීට පෙර එච්. එස්‌. බී. සී. බැංකුවෙන් වැඩි පොලියට ලබාගෙන තිබෙන ණය මුදල ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් ණය යොදා ගන්නා අතර එච්. එස්‌. බී. සී. බැංකුවෙන් තවත් ණය මුදලක්‌ ගැනීමෙන් එම ණය බර ද ජනතාව පිට පැටවෙන බව පවසන විපක්ෂ නායකවරයා මේ ලබාගන්නා සල්ලිවලට සිදුවන්නේ කුමක්‌දැයි විමසීය. 

මෙයට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2001 දී බලයට පත් වු රජය 2003දී ප‍්‍රධාන කොන්දේසි 7කට එකඟ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි. එසේ එකඟ වී ඇති කොන්දේසි වන්නේ රක්ෂණ සංස්ථාව විකිණීම , ආදායම් බදු දෙපාර්තමේන්තුව අවලංගු කැර ආදායම් අධිකාරියත් පිහිටුවීම,  මහජන බැංකුව  හා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය, හිල්ටන් හෝටලය විකිණීම, වන්දි සූත‍්‍රයක් මගින් රජයේ සේවකයින් සේවයෙන් ඉවත් කිරීම හා ඩීසල් හා පෙට්රල් මිල ඉහළ දැමීම බව කබ්රාල් පවසයි. 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6 ක් ණය ගැනීමට රජය කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව මහ බැංකු අධිපතිවරයා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.
 



Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා