සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි



(2009 නොවැම්බර් 14 - W3Lanka) ලංකාවේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන සමලිංගිකත්වය හේතුවෙන් පීඩාවට ලක් වීම හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයකුට එරට විසින් රැකවරණ පිරිනමා තිබේ.


ලංකාවේ ලිංගිකත්ව සුළුතර ප්‍රජාවන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය මෙම තීරණය මහත් සේ අගයන බව පවසයි. මෙවැනි පුද්ගලයන් පීඩාවට පත් වීමට හා රටින් පළා යාමට හේතු වන නීති කාලයත් සමග වෙනස් වනු ඇතැයි ද එම සංවිධානය බලාපොරොත්තු පළ කරයි.


එක්සත් ජනපදය සමලිංගිකත්වය නිසා පීඩාවට පත් වීම යන හේතුව මත කිසියම් පුද්ගලයකුට දේශපාලන රැකවරණ සැපයූ තුන්වන අවස්ථාව මෙය බව නම සඳහන් නො කරන ලද එම ශ්‍රී ලාංකිකයා විසින් ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය වෙත එවන ලද ඊමේල් ලිපියක සඳහන් වේ.

Comments

  1. සමලිංගිකත්වය සදහා යොමුවූවන් ස්වභාව ධර්මය විසින් ප්‍රතික්ෂේප කරන බව සහ ඔවුන් ජීවයේ පැවැත්මට කිසිදු සහයක් නොදක්වන කොටසක් බව සත්ව විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.

    විශේෂයෙන්ම ඩෙස්මන්ඩ් මොරිස් නම් සත්ව සහ මානව විද්‍යාඥයා මේ බව සාධක සහිතව ඔහුගේ කෘතින්ගේ දක්වා ඇත.

    මෙලොවට බිහිවන ඕනෑම ජීවියෙකු‍ගේ ප්‍රධානතම වගකීම සහ කාර්්‍යය වන්නේ ජීවයේ ඉදිරි පැවැත්ම සදහා තම වර්ගයා බෝ කිරීමයි. මානවයා සංස්කෘතියේ දුහුල් කඩින් මේ සත්‍යය වසන් කරමින් සිටියද මේ ස්වභාවික සත්‍යයට පිටුපෑමට අප කිසිවෙකුටත් නොහැකියි.

    සමලිංගිකයන් යනු තම වර්ගයාගේ පැවැත්ම සදහා කිසිම කාර්්‍යභාරයක් ඉටු නොකරන ස්වභාව ධර්මය විසින්ම ප්‍රතික්ෂේප වන කොටසකි.

    ReplyDelete
  2. The above comment is a wrong interpretation. Perhaps a result of half learning. Desmond Morris has never said so. In fact, in his latest 'The Naked Man' Morris dedicates a whole chapter (24. Preferences) and says almost the opposite.

    ReplyDelete
  3. ඩෙස්මන්ඩ් මොරිස් ස්වාභාවිකව සමලිංගිකත්වය පහදා දී ඇත. ඒ මිස ඉහත කෞශල්‍ය කියන ආකාරයේ මනෝ විකාර කියවා නැත.

    ReplyDelete
  4. ජිවියාගේ ප්‍රධාන කාර්යය තම වර්ගයයා බෝ කිරිමය.තම වර්ගයයා බෝ කිරීමට අනුවර්ථනය විය නොහැකි ජිවින් පරිසරයෙන් ප්‍රතික්ෂේප විය යුතුය.
    ඕනෑම සතෙකුට අදාලව යම්කිසි විදියට සමලිංගික ආකර්සනයක් තිබුනත් එය උපසංස්කෘතික හා මානුසවාදී ලේබලය අලවා සමලිංගිකත්වය සාමන්‍යකරනය තුල සිදුවන්නෙ මිනිසාගේ පරිනාමික පැවත්මට තර්ජනයක් වීමය.

    ReplyDelete
  5. ජිවියාගේ ප්‍රධාන කාර්යය තම වර්ගයයා බෝ කිරිමය.

    බාගෙට ඉගෙන ගෙන කියන ගොන් කතා කියන්නේ මේවාටය. ජීවියාගේ ප්‍රධාන කාර්යය තම වර්ගයා නිකම්ම බෝ කිරීම නොව අනෙකුත් වර්ගයන්ට තර්ජනයක් වනසේ වඩා දියුණු කරමින් බෝ කිරීමය. මානවයාගේ ප්‍රධාන කාර්යය නිකම්ම තම වර්ගයා බෝ කිරීම නම් අප රස්සා නොකර, අධ්‍යාපනය නොලබා, නව නිපැයුම් නොකොට ලිංගික ක්‍රියාවලියම කරමින් සිටියාම ඇතිය. මානවයා එසේ නොකරන්නේ හේතු ඇතුවය.

    සමලිංගිකතාවය සේම ආගම් විසින් යම් කොටසක් පැවිදි දිවියට ඇතුළත් කිරීමෙන්ද වෙන්නේ වර්ගයා ප්‍රමාණාත්මකව බෝවීම අඩු කිරීමය. නමුත් එනිසා කිසිම කෙනකු මිනිසුන් පැවිදි නොවිය යුතුය නොකියයි.

    සමලිංගිකතාව මානව පරිනාමය ආරම්භයේ පටන්ම තිබුණේය. නමුත් කිසිම කාලයක ඒ නිසා මානව ජනගහණ වර්ධනයට හානියක් වූ බවට සාධක නැත. මානව ජනගහණය යම යම් අවස්ථාවල අඩු වීමට ලක්ව ඇත්තේ යුද්ධ හා සාගත යනාදිය නිසා මිස සමලිංගිකතාවය නිසා නොවේ.

    සමලිංගිකතාවය හෝ ආගමික හේතූන් නිසා ලිංගික ක්‍රියාවලින් ඇත් වී සිටීම මානව පැවැත්මට තර්ජනයක් නොවන්නේ හැම සමාජයකම එසේ සිටින පිරිස සුළු කොටසක් (10%ට අඩු) නිසාය. මේ අඩුව ලෙහෙසියෙන්ම ඉතිරි කොටසට පිරවිය හැකිය. ඒ නිසා මේ තර්කය පුස්සකි.

    ReplyDelete
  6. ජීවියාගේ ප්‍රධාන කාර්යය තම වර්ගයා බෝ කිරීම යනුවෙන් ලියා ඇති පලියට අනිත් දේවල් සිදුනොවිය යුතු යැයි අදහස් කර නැත.ප්‍රධාන යන වචනය යොදාගෙන ඇත්තෙ එම නිසාය.
    ලිංගිකත්වයේ ප්‍රධාන අරමුණ විනෝදය හෝ වෙනත් දෙයක් නම් ශ්‍රකාණු හෝ ඩිම්බ තිබිය යුත්තේ නිකම්ම නිකන් ප්‍රෝටීන ගුලියක් ලෙසය.
    සමලිංගිකත්වය යනු තවම බෙහෙත් සොයා නොගත් රෝගයකි.ස්වභාවයෙන් පුරුෂයකු ස්ත්‍රියකට සිදුවිය යුතු ආකර්ෂණය සිදුනොවි තවත් පුරුෂයෙකුට සිදුවන්නෙ ඔහු පිටතින් පුරුෂයෙකු ලෙස වර්ධනය වුවත් ඇතුලතින් එසේ නොවීම ‍නිසාය.සමහර විට මානසික හෝ සමාජකාරනා නිසා මෙය සිදුවිය හැක.ඕනෑම සමලිංගික ජෝඩුවක් තුලම පැහැදිලිව වෙන්කර ගත හැකි ස්ත්‍රියක් හා පුරුෂයකු සිටී.
    ලෝකයේ ක්‍රමයෙන් සමලිංගික ප්‍රතිශතය වැඩිවේ.එය යම්කිසි දිනක ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් වුවහොත් එය මිනිසාගේ පැවත්මට තර්ජනයකි.
    සමලිංගිකයින් සමාජ රෝගවලට ගොදුරුවීම වැඩි අතර ජානවිකෘතිතා හා ආයුඅඩුවීමද වැඩිය.

    (මම අන්තවාදි සමලිංගික විරෝධියෙක් නොවෙමි.)

    ReplyDelete
  7. Memo, සහතික ඇත්ත. සමලින්ගිකයන්, සැරියුත් මුගල්න් ඇතුලු මහනුන්, කිරිස්තියානු පියවරුන් සහ කසාද නොබැද ඉන්න උදවිය පමනුකුත් නොවෙයී, වදගැහැනුන් සහ තනි ලමයේකු පමනක් ඉන්න පවුලුත් මේ ආකරයෙන්ම මනුශික ප්‍රජාවට තර්ජනයකි. ලෙඩුන්ය. අබ්බගාතයන්ය. සමාජ පිලිලයන්ය. Memoගේ අතිවිශිශ්ට විද්‍යාත්ම දැනුම ඉතාම අගනේය. පරීකශන නිරීකශන නොමැතිව, පැන් පහරකින් රොග නිරිනය කිරීමේ අති මහත් හැකියාව ඔබගේ දෙමාපියන්ට ආඩම්බරයකි. Memoගේ අලන්කාර විද්‍යාත්මක නුවනින් කියනා මේ ලෙඩුන්ට අල්ලා කුදලා සිරිගත කිරීම අපේ ජාතියට ආඩම්බරයකි. පොල්ලෙන් ගසා මැරුවාන එල කිරිය. සිංහලය.


    ජීවීන්ගේ ප්‍රදාන කාර්‍යය බෝ කිරීමනම්, අපි පාසල්, විශ්ව විද‍යාල වසා දමා, පට්ටි ගැසීම සදහා පට්ටි පොලවල් ආරම්බ කරයූතුය. හ්ට්ලර් එවැන්නක් කල බව මතකය. ජීවින්ගේ ප්‍රධාන කාර්‍ය කුමක් දැයී මම දන්නේනම් නැත. මම දන්නා එකම දේ, එසේ දන්නවායැයී කියනා උදවිය දන්නා ඉටිගෙඩේයක් නැතිබවය.

    ReplyDelete
  8. 1 මමද රෝගියාගේ සිට ඕනෑම මිනිසෙකුගේ අයිතීන් නිදහස ගරුකරමි.නමුත් මම ගොබ්බ මානුසියවාදියකු නොවෙමි.

    2 මෙහි ලියා ඇත්තෙ ඩෙස්මන්ඩ් මොරිස් හෝ වෙන මොකෙක් වත් කියපු කරුණු නොව මට දැනෙන සමාජ දේශපාලන කරුණුය.

    3 සමලිංගිකත්වය බොහෝවිට ක්‍රම දෙකකින් ඇති විය හැකි අතර *,පුද්ගලයකුගේ අභ්‍යන්තර රසායනයේ වෙනස්වීම නිසා ප්‍රමුඛ ලක්ෂනය යටපත් වී නිලීන ලක්ෂණය මතු වීමෙන් සමලිංගිකත්වයට නැඹුරැ විය හැක.*,අනිත් දේ භාහිර සමාජයේ බලපෑම නිසා හා ඇබ්බැහිවීම නිසා සමලිංගිකත්වයට නැඹුරු විය හැක.

    4 මම කතාකරන්නෙ ශරීරයේ අභ්‍යන්තර වෙනස්කම්නිසා ඇතිවන සමලිංගික්ව නැඹුරුව ගැන නොව සමාජයේ සාමන්‍යකරනය තුල පුද්ගලයින් පෙලෙබෙන සමලිංගිකත්වය ගැනය.

    5 පුද්ගලයකු සමලිංගිකත්වයට පෙලෙබෙන ප්‍රධාන කාර්යය සුරාන්තයට හවුල් කරුවකු යන සිතුවිල්ලෙන් වන අතර පිරිමියකු නම් කටට ගැනිමට කෙනෙක් සහ හිලක් යන සිතුවිල්ලෙනි.

    6 සමලිංගිකත්වය යනු ඇබ්බැහී වීමක් වන අතර ඔබට කුඩාකල සිට කවුරුහරි ගල් කැපුවහොත් ඔබ බොහෝවිට ගල්කැපීමට හුරුවන අතර කාන්තා පාර්ශ්වය ගැන ආකර්ෂනය නොමැති වේ.බොහෝ විට මෙය ලිංගික අපයෝජනයකි.

    7 අප ජීවත් වන්නෙ බටහිර නොවන අතර අපේ සියළුදේ එකට බැදී පවතීන නිසා කිසියම් දෙයකින් අපේ පද්ධතියට වන හානිය වැඩිය.උදාහරනයක් කිව්වොත්,මීට වසර කිහිපයකට පෙර විදෙස්ගත වු මගේ මිතුරන් තිදෙනෙක් විදේශිකයකුගේ නිසා ‍ප්‍රබල සමලිංගිකයින් බවට පත් වී ඇති අතර වසර අටකින් තවම ඔවුන් ලංකාවට පැමින නැත.ඔවුන්ගෙන දෙදෙනකු ලංකාවේදී විවාව වි ලමයින් සිටි අයවන අතර ඔවුන්ගේ පවුල්වලට කන්න අදින්න දෙන්න කවුරුවත් අද නැත.තව ඔබට ලංකාවේ මුහුදු තීරය දිගේ ඇවිදගෙන ගිය හොත් මුදල් සෙවීමේ මාර්ගයක් වශයෙන් සමලිංගිකත්වයට නැඹුරුවි කාලකන්නි වී ඇති තරුණ ජීවිත ඕනෑම තරම් සොයාගත හැක.

    8 තව බකපන්ඩිත මානවවදීන් ලෙස පෙනී සිටින අය,මුදල් ප්‍රදානකොට ගත් සමලිංගික අයතීන් වෙනුවෙන් පෙනීසිටින NGO,සමලිංගිකත්වය පහසුකරන්න උපකරන විකුණන ආයතන,සමලිංගික අසභ්‍ය වීඩියේ ගහන එවුන් සමලිංගිකත්වය විකුණාගෙන කන එවුන් වන අතර සමලිංගිකත්වය බොහෝ විට සාමන්‍යකරනය කරන්නෙ මොවුන්ය.

    9 අපි කතාකරන්නෙ සමලිංගිකත්වය වන අතර ආගම්,හාමුදුරැවරු,වදගැහැනුන් ආදී සියළුදේ අච්චාරුකොට එකට ගෙන ගොරකපාට් ‍නොදමා සිටීම මැනවි යයි සිතේ.ඒවා ගැන වෙනම අර්ථ දැක්වීම් ඇති අතර ඒවා වෙනත් වෙලාවක කතාකරන්නෙ නම් මැනවි.

    10 සමහර විට වඩා හොද තිරනය විය හැක්කෙ සමලිංගිකයින් එයින් මුදවාගැනීමට බෙහෙත් සහ මානසික් උපදේශන ලබා දීම විය හැක.

    11.ජීවියාගේ ප්‍රධාන කාර්යය හැකි උපරිම විදියට අනුවර්ථනය වී තම පැවැත්ම හදා ගැනීම වේ.

    ReplyDelete
  9. සමලිංගිකත්වය රෝගයක් විය හැකි අවස්ථා ඇතත් බහුතරයක් සමලිංගිකයන් රෝගී නොවෙති. එය වෙනස්කමක් (variation) ද රෝගයක් දැයි දැනට දන්නේ නැත. ඇත්තේ විවිධ මත පමණෙකි. සමලිංගිකත්වය ට ඉඩ දීම තුල එත්‍රම් ප්‍රශ්නයක් නොවෙතැයි සිතමි.

    ReplyDelete
  10. 1. මාතෘකාවෙන් පිටයී.

    2. සමාජීය දේශපාලනය සහ ඔබට එය දැනෙන ආකාරය එකකි. මිනිසුන්ගේ ලිංගික ජීවිතය අනිකකි.

    3. පදනම් විරහිත කාරනයකි. හේතුව කුමක්දැයී යන්න අනවශ්‍යය. විවිද හේතු නිසා පුද්ගලයන් විවිද දේ රිසි කරති. සමහරැ කාන්තාවන් ප්‍රිය අතර, සමහරු ලොකු දෑවැද්දක් ප්‍රියය. සමහරු සම ලිංගිය ප්‍රියය.

    4. පදනම් විරහිත කාරනයකි. අනවශ්‍ය කාරනයකී. වැඩිහිටියන්ට තමාගේ ජීවිතය ගැන තීරන තමා විසින්ම ගැනීමේ නිදහස තිබේ. අල්ලපු මිනිහාට වඩා Memoට අල්ලපු මිනිහාගේ රෙද්ද පල්ල ගැන තීරන ගැනීමට තබ සතයක වැඩි දැනීමක් තිබෙනවායැයී පිලිගත නොහැක.

    5. පදනම් විරහිත කාරනයකි. කාරනා අංක 3ට අදාලය. නමුත් සමලිංගිකයන් පිලිබද අසම සම මෙමොගේ දැනුම අප සැමට ආඩම්බරයකී.

    6. කුඩාකල ලිංගික අතවරයනට ලක්වූ උදවිය ඒ බයානක අත්දැකීම් ජීවිත කාලය පුරාම අගය කරනවායැයී කීම අමන කතාවකි.

    7. අකමැත්තෙන් උනත් මට කියන්න ඇත්තේ, Memo බටහිට සහ පෙරදිග ගැන දන්නා ලබ්බක්නම් නැත. සැරියුත් මුගලන් ගේ සිට පොන්න නිමිත්තා දක්වා සහ ඉන් ඔබ්බට පෙරදිග සමලින්ගිකයන් හෝ තෙවෙනි ලිංගිගය පාපයක් කර සැලකූවේ නැත. තත්වය වෙනස් වුනේ බටහිට ආගම් සහ සංස්කෘතිය අපේ රටවලට පැමිනීම සමගය.

    විවිදාකර හේතු නිසා අවුල් වූ පවුල් දැක ඇත. කාලකන්නී වූ ජීවිත අනන්තවත් දැක ඇත. රට ගිය උදවියද දැක ඇත. ගනිකාවන්ද දැක ඇත. ඒ සමලිංගිකවූ නිසාදැයී මා දන්නේ නැත. ඒවා අතර පදනම් විරහිත සම්බන්දතා මවා පෑමට මගේ හිත නොදෙන්නේ මගේ ගුරුවරුන් පදනම් විරහිත කාරනා ඇද බාන්නට උගන්වා නැති නිසාය.

    8. අමන කතාවකි. අනවශ්‍ය කාරනයකී. මාතෘකාවෙන් පිටයී. මා සමලිංගයන් සාමන්‍යකරනය කරන්නේ Oscar Wildeගේ Hans Christian Andersenගේ පොත් කියවා ඇති නිසායී. Aristotleගේ Francis Baconගේ දැනුමට ණය නිසාය. Tchaikovskyගේ 1812 Overture අසා ඇති නිසායී. Da Vinciගේ නිර්මාන දැක ඇති නිසායී. ඒ සියලු දෙනාටම වඩා, මා හෝ අනිකාට සමාන සමලින්ගික පුද්ගලයන්ද, අමන කාලකන්නී සමලිංගියයන්ද හමුවී ඇති නිසාය.

    9. එකග නැත. සමලිංගිකයන් මානුශික ප්‍රජාවට කරනවායැයී කියන හානිය, ඒ සියලුදෙනාම එක හා සමානව කරයී. මට තියන ගැටලුව, හානිය එකසේමනම්, සමලින්ගිකයන් පමනක් හිරේ යන්නේ මන්ද යන්නයී? විරුද්ද ලිංගයට නැති ඇල්ම මෙන්ම, කිසිම ලිංගයකට නැති ඇල්මද ලිංගික කාරනයකි. එකම පුරස්නයකි. එකක් වෙන් කර අනික ගැන කතා කිරීම කුහක කමකී.

    10. සමලින්ගිකයන්ට බෙහෙත් දෙනවානම්, ලිංගික කිරියාවන්ගේ සම්පූරුනයෙන්ම නොඇලෙන අයට පලමුව බෙහෙත් දිය යුතුය. මානුශික උපදේශ ලබා දිය යුතුය. නමුත් මේ සියල්ලටම පෙර රෝගය යන්නේ අර්තවචනය බලා සිටියෝතින් මැනවියැයී කරුනාවෙන් ඉල්ලා සිටිමි.

    11. එය එසේනම්, ජීවීන්ගේ ලිංගික ආකර්ශනය ඒ සදහා කිසුදු බාදාවක් වී නැති බවට සාක්කි දෙන්නේ වසර මිලියන ගනනාවක අතිඋශ්කර්ශවත් මානව ඉතිහාසයයී.

    ReplyDelete
  11. 1 අදාලය.ඔබේ ඉහත පලමුවන කමෙන්ටුව හා බැදේ.සැබෑ සමලිංගික අයතීන් හා නිදහස ගරුකරමි.නමුත් සමලිංගික අයිතීන් යන එකම හැන්දෙන් බෙදීම නිසා සාමාන්‍යකරනය වි
    අපි නොදනීම යටපත් වෙන,දැන දැන යටපත් කරන ලිංගික සුරාකෑම් ලිංගික අපයෝජනයන් සහ බෘටල් සහ ගොතික් හැගිම් මත පදනම් වු ලිංගික හැසීරීම් ගැන මට අර්ථදැක්වීමක් ඇත.

    2 ගොංපාට් එකකි.එසේ නම් කවුරුවත් අදහස් ප්‍රකාශ නොකර සිටීම යහපත්ය.මිනිසුන්ගේ ලිංගික ජීවිතය මට,මගේ පවුලට,මගේ සංස්කෘතියට,මගේ ආර්ථිකයට බලපායි නම් එය මටද අදාලය.මගේ සහොදරයකු සහෝදරියක සමලිංගකත්වයට ගොදුරුවේ නම් සමහර විට එය මගේ පවුලම කඩාවැටෙන්න පුළුවන.

    3 ආයිත් ගොංපාට් එකකි.කිසියම් දෙයක හේතුව මුලය නොසොයා කතාකිරිම අලි ගොංපාට් එකකි.

    4 තුන්වන කරුණ හා අදාලය.මම ඔබගේ දැනුම ගැන ආඩම්බර වෙමි.මගේ දැනුම ඔබට වැඩිය ගොඩක් පහත්ය.

    5 නැවතත් ගොරකපාට් එකකි.සමලිංගිකත්වයට නැඹුරුවීමට වෙනත් හේතු තිබේ නම් ඉදිරිපත් කරන්නෙ නම් මැනවි.(මගේ භාෂාව භාවිතය පිලිබද ගැටළු ඇත.)

    6 බො‍හොමයක් සමලිංගිකත්වයට නැඹුරු වී ඇති එය සමලිංගිකත්වයට පත් වි තිබෙන්නෙ කුඩාකාලයේ සිටය.කාලයක් අපේ ගෙවල්ගාව පන්සලේ හාමුදුරුවො තියන් හිටපු මගේ වයසේ මිතුරකු අද ප්‍රබල සමරිසියෙකි.සෑම්ට අවශ්‍ය නම් අද ඔහු සමරිසියෙකු නිසා කාසදයක් කරදීමට කොල්ලෙකු සොයා දිය හැක.

    7 මම ඔබේ දැනුම ගැන ආඩම්බර වෙමි.ඔබ කියන දේ සැබෑය.තත්වය වෙනස් වුයේ බටහිර ආගම් සංස්කෘතිය අපේ රටට පැමිණිමත් සමගය.
    මම සැරියුත් මුගලන් සමලිංගිකයින් බව දන්නෙ නැත.ඔවුන් සමලිංගිකයින් බව සාක්කි ඇතුව ඔප්පුකරන ලෙස ඉල්ලා සිටිමි.(ඔබ පදනම් විරහිත කතා නොකියන බව විශ්වාස කරමි.)

    මම දැක්වු උදාහරණ පදනම් විරහිත බව පැවසීමට තරම් ඔබ ඉන්නෙ පොලොවේ පය ගහලාද යන්න සැකය.

    8 මාතෘකාවට අදාලය.මම එය පොත් කියවල නැත.ඔබගේ කියවීමේ කුසලතාවය අගේ කරමි.මම සැබැ සමලිංගිකයින් පොත් වලින් නොව සැබෑ ‍ලෝකයේදී එකට ඇසුර කරන නිසා ඔවුන්ගෙ සිතුවිලි,වේදනාවන්,අපහසුතාවයන් හොදින් හදුනමි.

    9 නැත.අන් සියළුදේට වඩා උපසංස්කෘතියක් ලෙස සමරිසි කම වේගයෙන් වර්ධනය වේ.වද ගැහැනියෙක් තවත් වද ගැහැනියක් බෝ කරන්නෙ නැත.නමුත් සමරිසියෙක් තමා අවට තව බොහෝ දෙනෙක් එයට හවුල් කරගනී.

    10 එය මගේ අදහසකි.ප්‍රතිකාර අවශ්‍ය කාට වුව ප්‍රතිකාර දුන්නාට කමක් නැත.

    12 පුදුම කතාවකි.පැවත්ම රදාපවතින්නෙ තරගය තුල අනුවර්ථනය වී උචිත ලක්ෂණ තියාගනිමින් අනුචිත ලක්ෂන ඉවත් කරමින් පරිණාමනයට දායක වීමෙනි.අනෙකාට ආකර්ෂණය වි ප්‍රජනනය කොට නව පරම්පාරවක් බිහිකිරිමෙනි.

    ReplyDelete
  12. අලන්කාර ලෙස කාතාවේ නියලීමත්, අදහස් දැකීවීමත් අගය කරමි. වෙනත් තැනකත් මේ කාරනය ගැනම හෝ වෙනත් කාරනයක් ගැන හෝ මෙවැනිම කතාවක යෙදිමේ අවස්තාව ලැබේවායී පතමි.

    ReplyDelete
  13. wikaara katha relak, samalingika thathawaya lankaawe thahanam kale suddo. inida wala thahanam kaleth suddo. lankaawe thiyana neethiya suddo genaawa ekak. nethuwa ubalage desha hithaisheen genaawa ekak newi. suddo india wata aawama india wala samalingika hasirim thiyanawa dekala eka thahanam kalaa. peradigin saha africa walin thamai homosexual behavior gena paranama evidence labila thieyenne. danne nethnam nodanna magul kiyawanne nethuwa hoyala balapalla

    ReplyDelete
  14. attatama mata nam keyanna tiyenne samalingikatwaya samanya deyak keyala.... mamat samalingikayek. attatama mama malli kenekta adare karanawa. eyat mata adarei... mata tawama 18i. mallita 17i. api kawadawat wen wenne naha. mokada dannawada..? waradi parawal wala giya api ape adare wenuwen dan hari maga yanawa. ape adare niasa apita labuna dewal godak tiyenawa.. o/l faill wenna tibuna mata 8/9ka result akak labune ape adare nisa. dan api dennama a/l karanawa.. a nisa mama nam smalingika adarayata godaaaaaaaaak garu karanawa...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා