නිපුනට පහර දුන් අය තවමත් නිදැල්ලේ

(අගෝස්තු 13, 2009 - W3Lanka ) කැම්පස් එකක කොල්ලන් දෙදෙනෙකු ගුටි ඇණ ගැනීම සාමාන්‍ය සිද්ධියක් වුවත්, මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ ආයතනයේ ඉගෙනුම ලබන නිපුන රාමනායක ශිෂ්‍යයාට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතාගේ පුතා, බිරිඳ හා තවත් අය විසින් පහර දීමේ සිද්ධිය දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.  
එයට හේතුව, පොලිස් පුතා සිය සතුරාගෙන් පළිගැනීමට රාජ්‍යයේ නිල මර්දන යන්ත්‍රය වන පොලිසියේ තාත්තා සතු බලය ද උපයෝගී කර ගැනීමයි. 

දැන් මේ ප්‍රශ්නය පිළිබඳ රජයේ ප්‍රබල ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද කතා කර තිබේ. මේ පිළිබඳව දිවයින පුවත්පතට අදහස්‌ දක්‌වමින් ආරක්‌ෂක ලේකම්වරයා කියා සිටියේ තමාට සහ ජනාධිපතිවරයාට ශිෂ්‍යයකුට පහරදීමක්‌ ගැන සොයා බලනවාට වඩා ත්‍රස්‌ත නායකයකු වන කේ. පී. අත්අඩංගුවට ගැනීමෙන් පසු ජාත්‍යන්තරය සමඟ භාරදූර කාර්යයන් රැසක්‌ කිරීමට තිබෙන බව හා යම් සිද්ධියකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් නියෝජ්‍ය පොලිස්‌පතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරු සහ පොලිස්‌පතිවරයකු සිටින බවත් ය.
ජනමාධ්‍ය විසින් මෙම සිද්ධිය අරභයා මතු කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් තවමත් සිද්ධිය යට ගසා ගැනීමට පොලිසියට බැරි වී තිබේ.  

බරපතල අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දස දහස් ගණන් නිදැල්ලේ සිටින මේ රටේ හැටියට මේ සිද්ධිය සුළු දෙයකි.

Comments

  1. Godak watina blog ekak..jayawewa...bro..
    ape paththeth enna..comment ekak dala yanna

    http://ekewattuwa.blogspot.com/

    Thankzzzzzzzz

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා