වැටත් නියරත් ගොයම් කති; පොලිසියේ සමහරු රිමාන්ඩ්; සමහරු මාරු; තවත් සමහරු........
(අගෝස්තු 15, 2009 - W3Lanka) පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයින් දෙදෙනකු සිරමැදිරියෙන් ඉවතට රැගෙනගොස් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුබේදොර ජීට් නිව්ටන් සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකු අගෝස්තු 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා නියෝග කර ඇත. මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා වම් ඉවුර, යාය 3 මහාවිලච්චිය, කැලේදිවුල්යාය, මහාඉලුප්පල්ලම, හල්පිටිගල ජනපදය, දෙවන පියවර, ගාල්ල, මල්ලිකා මාවත, උදාකළ ගම්මානය , ඇඹිලිපිටිය යන සාමාන්‍යයෙන් නම් පීඩිත ජනයාට හිමි යයි සිතිය හැකි ලිපිනවල පදිංචිකරුවන් බව නිරීක්ෂණය කරන ලදී. මෙම නිලධාරීන් අතින් මිය ගිය බවට සැක කෙරෙන පල්ලිය පාර අඟුලාන පදිංචි මුතුසේබස්තියන්ගේ දිනේෂ් තරංග ප්‍රනාන්දු ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදීම නිසාත්, මහජන මාවත අඟුලාන පදිංචි ගෝනියමාලිමගේ ධනුෂ්ක උදයංග ඔහුගේ පපුවට හා දකුණු කකුලේ කලවට වෙඩි වැදීම නිසාත් මියගොස් ඇති බව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ ...