රාජ්‍ය ආයතනවලට පැමිණිලි යොමු කළ හැකි වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිල්ලක් | A complain regarding the website through which people can lodge complains against state institutes

(2010 පෙබරවාරි 27-W3Lanka)  රාජ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ඇති බවට පුවතක් අද දිනමිණේ පළ විය.


දිනමිණේ පළ වන හැම පුවතක් ම පච යයි සැකයක් ජනතාව අතර ඇත. මෙම පුවත ද එම කරුණ ඔප්පු කරන්නකි. පුවතට අදාළ සබඳතා පුරුක මත ක්ලික් කර බැලූ විට එය ඔප්පු වනු ඇත.


රජයේ තොරතුරු තාක්ෂණ කටයුතු දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ බොහෝ විට තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ බොරු සෝබනය සඳහා මිස සැබෑ මහජන සේවාවක් සැලසීම සඳහා නොවන බවයි. මේ වන විට රජය විසින් දහස් ගණනක් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. එහෙත් මේ අතරින් 99%ක් ම කලට වේලාවට යාවත්කාලීන වන්නේ නැත. එය වෙන ම කතා කළ යුතු ප්‍රශ්නයකි. 



රාජ්‍ය ආයතන වලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්

ජීවනී පතිරණ
රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී යම් දුෂ්කරතාවකට ලක් වුවහොත් ඒ පිළිබඳ රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පැමිණිලි කිරීමට දැන් හැකියාව ලැබී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ www.gie.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ පැමිණිලි කිරීමට හැකි වේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයකුට තම ප්‍රදේශයේ නැණසල මධ්‍යස්ථානයකට ගොස් මේ පහසුකම් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.
සාමාන්‍යයෙන් ලිපි ඔස්සේ මෙවැනි කටයුතු කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් මග හරවා ගැනීමට මේ නව ක්‍රමවේදය නිසා හැකි වන බව ද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි. ජනතාව යොමු කරන පැමිණිලි වලට දින තුනක් ඇතුළත අදාළ අංශ මගින් පිළිතුරු ලැබීම ද මේ ක්‍රමවේදයේ විශේෂත්වයකි.

පුවතෙහි නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අදාළ ලේඛකයා හෝ උප කර්තෘ හෝ වෙනත් බලධාරියෙක් උත්සාහ කර නැත. දිනමිණෙහි වෙබ් මාස්ටර් පවා එම සබඳතා පුරුක පරීක්ෂා කර නැත.

දිනමිණෙහි සඳහන් වෙබ් අඩවියේ නම www.gic.gov.lk ලෙස නිවැරදි විය යුතුය.  එම වෙබ් අඩවිය හරහා ඔබට ඔබගේ පැමිණිල්ල යොමු කළ හැකිය. එහි යම් යම් තාක්ෂණික සංකීර්ණතා නිසා මේ සඳහා ඔබ පුහුණු පරිගණක හසුරුවන්නෙක් විය යුතුය.

අප මෙම වරද පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් යොමු කළෙමු. ඒ මෙසේය: "දිනමිණ පුවත්පතෙහි http://www.dinamina.lk/2010/02/27/_art.asp?fn=r1002273 යටත් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙබ් අඩවියේ නම හා දිනමිණ වෙබ් අඩවියෙහි ඒ සඳහා දී තිබෙන සබඳතාව වැරදිය. "

පහත සඳහන් පිළිතුර ලැබිණි.


පැමිණිල්ලක් එවීම පිළිබඳ අපගේ ස්තුථිය. පැමිණිල්ලේ අංකය විද්‍යුත්තැපෑල හරහා ඔබට ලැබෙනු ඇත.ඔබගේ පැමිණිල්ලේ අනු අංකය 36401267223332

අදාළ විද්‍යුත් තැපැල් ලිපිනයට ද පහත සඳහන් පණිවුඩය ලැබී තිබිණි.


මෙම අංකය අවශ්‍ය අවස්ථාවලදි පැමිණිල්ලේ අනු අංකය ලෙස භාවිතා කරන්න 36401267223332

ඉතින් ඊට පස්සෙ...........

Comments

  1. ඉතින් ඉට පස්සෙ .... බිත්තියෙ හයියෙන් ඔලුව ගහගන්න...

    ReplyDelete
  2. :D

    ඉතිං ඊට පස්සේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා