කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අලුත්ම ස්වයංක්‍රීය පද්ධතිය ලබා දෙන්නේ වැරදි දත්ත


(2009 ජුලි 20, W3Lanka) 2004 සුනාමියෙන් පසු ජපන් ආධාර මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සවි කරන ලද ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය හරි හැටි ක්‍රියාත්මක නොවන බව ද එමගින් ලබා දෙන්නේ වැරදි දත්ත බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම පද්ධතිය නිල වශයෙන් රජයට භාර දීම ජුලි 13දා උත්සවාකාරයෙන් සිදු වූ අතර එයට ආපදා කළමනාකාර අමාත්‍ය මහින්ද සමරසිංහ හා ලංකාවේ ජපන් තානාපතිවරයා සහභාගි වූහ. 

වායු උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාව, සුළං වේගය හා දිශාව, සූර්ය විකිරණ, වර්ෂාපතනය ආදී කරුණු පිළිබඳව මෙම පද්ධතිය මගින් දත්ත සපයන අතර ඒවා වැරදි බව ඔප්පු වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි සඳහා එම දත්ත පාවිච්චි කරන්නේ නැති බව වාර්තා වේ. 


එහෙත්, මෙම ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය නඩත්තු කිරීමටත්, ඒ සඳහා අදාළ වූ චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීම සඳහාත් දෙපාර්තමේන්තුව දැවැන්ත පිරිවැයක් මාසිකව දැරිය යුතුව තිබේ.


රු. මිලියන 650ක් වූ මෙම ව්‍යාපෘතියේ වියදමින් වැඩි කොටසක් දරනු ලැබුවේ එය ස්ථාපනය කිරීම සඳහා පැමිණි ජපන් ජාතික කාර්ය මණ්ඩලයේ නවාතැන් සඳහා තරු පහේ හෝටල් සැපයීම වැනි කාරණාවලට බව සේවකයෝ පෙන්වා දෙති.



මෙම පද්ධතිය සදහා ආනයනය කරනු ලැබූ උපකරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, සවි කරන ලද ඇතැම් තත්වයෙන් බාල චීන උපකරණ මෙම වැරදි දත්ත නිකුත් කිරීමට හේතු වන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 

Comments

  1. හෙහේ මේක ලංකාවනේ තවම

    ReplyDelete
  2. මේක මාර වැඩක්නේ. කැමතිනම් මට මේක පත්තරේ දාන්න පුළුවන්. අපි මේ වගේ දූෂණ වංචා හෙළි කළ යුතුයි. මම පත්තරකාරයා නිසා වැ‍ඩේ පුළුවන් පොඩ්ඩක් මාව සම්බන්ධ කරගන්නවාද ?
    sdwijeweera@gmail.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා