Posts

Showing posts with the label කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය

Image
කාලගුණය මිනිස් ගති සේ වෙනස් වන දෙයකි. ගිලීමගෙත් ඇත දත සුද්දෝ කිව්වා වාගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුණත්ඇත්ත කියන්නේ නැත්තේ ම නැත. කොහොම වුණත්, අඩු ගණනේ ධීවරයින් හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ විශ්වාස කර ඇති බව පෙනේ. එහෙම හරි පිරිසක් මේ රටේ හිටපු එක ඇත්තෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන මහජන මුදල් සම්භාරය යුක්තියුක්ත කරයි. අනෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන එක ම රාජකාරිය කාලගුණ අනාවැකි කීම නො වේ. සුළිසුළංවලට නම් තැබීම හා ඉන් පසු ඒ නම් ගැන සමාව අයැදීම , දෙයියන්ට පුද පූජා පැවැත්වීම වැනි වැදගත් වැඩ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ. දැන් අරිසෙන් අහුබුදු ශූරීන් නැති නිසා ජාතියේ නම් තබන්නා වන්නට ද කාලගුණේට පුළුවන.  කාලගුණ විද්‍යාව ය කියා කියන්නේ මේ නො දන්න අපට නම් තේරෙන ආකාරයට වැස්සාම වතුර එකතු කර, මැන මෙච්චර වැස්සා ය කියන එක ය. ඔය විදියට ම උණුසුම ගැන ද සුළඟ ගැන ද කියනවා ය.  අනාවැකි කියන්නේ වැහැගෙන, වැහැගෙන යනවා නම් ඉදිරියටත් වහිනවා ය කියන එක ය. වෙනදාත් කෙරෙන විධියට මේ කුණාටු දවසේ ද රෑ හුළං හමාගෙන, හමාගෙන ...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අලුත්ම ස්වයංක්‍රීය පද්ධතිය ලබා දෙන්නේ වැරදි දත්ත

Image
(2009 ජුලි 20, W3Lanka) 2004 සුනාමියෙන් පසු ජපන් ආධාර මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සවි කරන ලද ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය හරි හැටි ක්‍රියාත්මක නොවන බව ද එමගින් ලබා දෙන්නේ වැරදි දත්ත බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම පද්ධතිය නිල වශයෙන් රජයට භාර දීම ජුලි 13දා උත්සවාකාරයෙන් සිදු වූ අතර එයට ආපදා කළමනාකාර අමාත්‍ය මහින්ද සමරසිංහ හා ලංකාවේ ජපන් තානාපතිවරයා සහභාගි වූහ.  වායු උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාව, සුළං වේගය හා දිශාව, සූර්ය විකිරණ, වර්ෂාපතනය ආදී කරුණු පිළිබඳව මෙම පද්ධතිය මගින් දත්ත සපයන අතර ඒවා වැරදි බව ඔප්පු වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි සඳහා එම දත්ත පාවිච්චි කරන්නේ නැති බව වාර්තා වේ.  එහෙත්, මෙම ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය නඩත්තු කිරීමටත්, ඒ සඳහා අදාළ වූ චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීම සඳහාත් දෙපාර්තමේන්තුව දැවැන්ත පිරිවැයක් මාසිකව දැරිය යුතුව තිබේ. රු. මිලියන 650ක් වූ මෙම ව්‍යාපෘතියේ වියදමින් වැඩි කොටසක් දරනු ලැබුවේ එය ස්ථාපනය කිරීම සඳහා පැමිණි ජපන් ජාතික කාර්ය මණ්ඩලයේ නවාතැන් සඳහා තරු පහේ හෝටල් සැපයීම වැනි කාරණාවලට බ...