අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා චීනයේ තහනම්

(2009 ජුලි 30 - W3Lanka) ලංකාවේ 'සුචරිතවාදී' ආණ්ඩුව වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට වැඩිහිටියන්ටත් තහනම් කරන්නට කටයුතු කරමින් සිටියි. 


රහස් පොලිසියේ මහත්වරුන් බලා තිබෙන 'කාමුක' දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක්ද තහනම් කර ඇත. රජය විවේචනය කරන වෙබ් අඩවිවලට බාධා පමුණුවා තිබෙන්නේ නීති විරෝධී අන්දමිනි. 

බොහෝ දේවලදී දැන් දැන් ලංකාවට ගුරූපදේශ දෙන චීනය මේ සතියේ ලංකාවට ආදර්ශයට ගත හැකි වැඩක් කළේය. 



චීන රජය තමන්ට පාලනය කළ නොහැකි කිසිදු ආකාරයක සංවිධානය වීමකට මහජනයාට ඉඩ දෙන්නේ නැත. පසුගිය සඳුදා සිට සංවිධානාත්මක අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා ද තහනම් කර තිබේ. “Godfather,” “Gangster” සහ “Mafioso Hitman,” වැනි ජනප්‍රිය පරිගණක ක්‍රීඩා රැසක් මේ අනුව තහනම් කර තිබේ. 


ලංකාව ද මෙය අනුගමනය කිරීම ඇත්තෙන් ම නරක නැත. මක් නිසා ද යත් ඝාතන, පහර දීම්, දූෂණය කිරීම් ආදී ක්‍රියා මනසින් කරවන මෙබඳු ක්‍රීඩා සමාජයේ යහපැවැත්මට අහිතකර යයි තර්ක කළ හැකි බැවිනි. 


ඒ සමගම පරිගණක ක්‍රීඩාවල නොව හැබෑ ලෝකයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. දැන් කරන පරිදි තෝරා ගත් පාතාල අපරාධකරුවන් පමණක් නොව, තමන්ට සේවය කරන මැරවින්ලාගේ කල්ලි ද මර්දනය කළ යුතුය.

Comments

  1. :D :D අන්තිමට කියපු කතාව නම් එල :D :D

    ReplyDelete
  2. මුන් ආපූ දවසේ ඉදලම කරේ උන්ගේ පතාලේ තියාගෙන අනිත් උන් මර්දනය කරපු එක. මන් නන් කියන්නේ මර්දනය කරන්න ඔනේ පොලීසීයේ ඉන්න පාහර මිනිස්සු. උන්ට මොනවා කරත් තියෙන ලොකුම දඩුවම ස්ථාන මරුවක්. එහෙමත් වෙලාවක තමයි වැඩ තහනම් කරන්නේ. කවදාවත් ඊට එහා දඩුවක් නෑ. උන්ට අල්ල ගත්ත පතාලෙ එකෙක් කොන්ට්‍රෝල් කර ගන්න බෑ. අල්ල ගන්න පතාලේ උන්ව හැමදාම රෑට තමයි ආයුධ තියෙන තැන් වලට එක්ක යන්නේ. පොලීසීයෙ උන් හිතන් ඉන්නේ උන්ට ඇස් පෙන්නේ රෑට කියලා.එත් හමදාම උන්ට වරදිනවා. හැමදාම පාතාලෙ උන් බොම්බ ගහන්න හදනවා.හැමදාම රජයෙන් අවසර ලත් නිල පාතාලෙන් උන්ට වෙඩි තියනවා. රටට අධිකරණයක් ඔනේ නෑ. රජ්ජුරුවන්ටත් අධි කරනයක් ඔනෙ නෑ. හමෝම දන්නවනේ එයා අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන එක ප්‍රතික්ෂේප කරපු හැටි. දැන් උන් කියන දෙයක් අහන් උන් කරන නැටුමක් බලන් ඉන්න තමා මහ ජනතාවට වෙලා තියෙන්නේ. පොලීසීයේ උන්ව දම්මලා උන්ට ඕනේ ජර වැඩ කරලා මිනිස්සුන්ට හිරි හැරකරනවා. පොලීසීයේ උනුත් රජයෙන් කිසිම පියවරක් උන්ට විරුදව ගන්නේ නැති නිසා උන් කැමති විදියට මිනිස්සුන්ට හිරි හැර කරනවා.අද ලංකාදීප එකේ තියේ පොලීසීයෙන් ගන්ජා දාලා මිනිහෙකුයි එයාගේ බිරිදවයි අත් අඩංගුවට ගත්ත සිදියක්.මේවා පොලීසීයෙන් කරා කියලා ඔප්පු කරන්න කවදාවත් හම්බ වෙන් නෑ.ගෑනියෙක් අතඩංගුවට ගනිද්දී එ ගැහැනිය මෙවාගේ පොලීසීයකින් කොච්චර නම් අතවර වෙන්න පුලුවන්ද.ඒවා කොහමවත් ඔප්පු කරන්න බෑ. ගෙවල් වලට ගන්ජා දාලා මිනිස්සු හිරේට ගන්න පොලීසීයක, එ අත්තඩංගුවට ගත්ත අහිංසක ගැහනියම පිට මිනිස්සු නැති පොලීසීය අතුලට ගිනිච්චම එකෙ ඉන්න බල්ලෝ මොනව කරනවද කියලා කාටද කියන්න පුලුවන්. යුක්ති ගරුක නැති නීතී ගරුක නැති රජයක් තියෙන රටක පොලීසීයේ උන්ගේ වැරදී ඔප්පු කරන්න හිතන්නත් අමාරුයි. අඩූ ගානේ පොලීසීයේ කෙනෙක්ට විරුද්ධව පැමිනිල්ලක්වත් බාර ගන්න තත්වයක් රටෙ නෑ. ඒතියා සාමාන්ය දිකාසාද පමිනිල්ලක් දාන්න ගියත් ගැනුන්ට පවා කුනුහර්පෙන් කතා කරන පොලීසියක් අද ඉන්නේ. මන් නන් කියන්නේ මුලින්ම පොලීසීයේ පාතාල වැඩ මර්දනය කරලා ඉන්න ඕනේ. ඒ එක්කම රජයේ පාතාලේ මර්දනය කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් අපරාධ කාරයෝ මර්දනය කරන්න ඕනේ. අද පාතාල ක්‍රියා වලට හැමදාමත් ප්‍රසිදියක් උසුලපු හික්කඩුව ප්‍රාදේශිය සබාවට හොද තීරනයක් රජයෙන් නෙවේ අධිකරනයෙන් දීලා තියෙනවා.හබැයි ඒ මරන දඩුවමත් රජ්ජුරුවො ටික කාලෙකින් අස් කරයි ද දන්නේ නෑ. කලිනුත් ඇමති කෙනෙක්ගෙ බිරිද කෙනෙක්ට ද්විත්ව ඝාතන සිද්දියකට දීපු මරන දඩුවම අවුරුදු 4ක් විතර ගියාට පස්සෙද කොහේ අපේ රජ්ජුරුවො එයාගේ බල තල වලින් cancel කරල දාලා සම්පුර්නයෙන්ම නිදහස් කරා. නීති ගරුක පොලීසියක් ඇති කිරීම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. ගැහනු සම්බන්ද සිද්දි වලට කටයුතු කිරීමට ස්ත්‍රී පොලිස් නිලදාරීන් පමනක් කල යුතුයි.අනික දැන් ඉන්න සිය්ලු දෙනාම වගෙ අයින් කරලා අඩු ගානෙ උසස් පෙල සමත් පුද්ගලයන් පමනක් වත් පොලීසියට බදවා ගත යුතුයි.

    ReplyDelete
  3. චිනය ගැනත් කියුබාව ගැනත් මහා ලොකුවට වර්ණා කරන සමහර අය ලංකාවේ අයට කියුබාව චීනය ගැන කියා දුන් ආදරනීය ජනතා විමුක්ති පෙරමුණ ඇලජික්ය. ත්‍රස්තවාදය පරාජය කිරීමට අදාල මූලික වසතු බීජය පැලකලේ ආදරනීය ජනතා විමුක්ති පෙරමුණයි. ඵල නෙලාගත් මහින්ද රාජපක්ෂයි. තවත් කියන්නට බොහෝ දේ ඇත. කියා වැඩක් නැත.

    ReplyDelete
  4. සයිබර් සරදියෙල්!
    ලංකාවට චීනය ගැන කියා දුන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී වෙන්වුණ ෂන්මුගදාසන්ගේ කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) විසිනි. ජවිපෙ නිර්මාතෘ වූ විජේවීරට ද චීනය ගැන ඉගෙන ගත්තේ චීන පිලෙනි. කියුබාව ගැන හෝ චේ හෝ කස්ට්‍රෝ ගැන ලංකාවට කියා දුන්නේද ජවිපෙය නොවේ. ඒ වකවානුවේ ලෝකය පුරාම තරුණ පරපුර මහත් ආශ්වාදයකින් කියුබන් විප්ලවය ගැන කිය වූහ.ලංකාවේ එකල තරුණ පිරිස් අතරද කියුබන් විප්ලවයේ ආශ්වාදය පැතිරී තිබිණි.ජවිපෙ කලේ මෙම රැඩිකල් විප්ලවීය උද්යෝගය ගසා කෑමට ළාමක උපක්‍රම යොදා ගැනීමයි.වි‍ජේවීර සිය කැප් එකේ තරුව ගසාගෙන චේ ගේ හිස්වැසුම අනුගමනය කළ නමුත් ඔහු සිය පන්ති 5 එක් පන්තියක් වූ ලාංකීය විප්ලවයේ මාදිලිය නම් දේශනයේදී කියුබන් විප්ලව මාදිලිය බැහැර කර තිබිණි.පීඩිත ජනතා නැගිටීම් ත්‍රස්තවාදය ලෙස හංවඩු ගසමින් ඒවා මර්දනය කිරීමට කටයුතු කිරීමට ධනපති ආණ්ඩු සමග ලජ්ජා විරහිතව එක පෙළට සිට ගත් බව අප පිලිගනිමු. එහෙත් ජවිපෙ විසින් නොකියන කතාව නම් එලෙස ඔවුන් විසින් ‍‍‍ත්‍රස්තවාදය පරාජය කිරීමට පැළ කළ මූලික වස්තු බීජ විශාල වශයෙන් රෝපණය වී මහා දෙමළ සංහාරයකින් අනතුරුව අද සිංහල කම්කරුවන්ද බිලිගනිමින් සිටින බවය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා