දූෂණ දුරලීමට නිසි පියවර නොගැනීම හා දූෂිතයන් යළි බලය ඇල්ලීම
අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 ලංකා පුවත්පතෙනි මෙම ලිපිය පළ වන පුවත්පතේ දාතම වන දෙසැම්බර් 9 කියන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයයි. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය විසින් පවත්වාගෙන යන දූෂණ සංජානන දර්ශකය අනුව ලොව රටවල් හා භූමි ප්‍රදේශ 180ක් අතර කරන ලද ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 2017 වසරේ සිටියේ 91වන ස්ථානයේ ය. කලින් අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 95වන ස්ථානයේ ය. ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ ලකුණු දෙකකින් පමණි. 2016 වසරේ එය 36ක් වූ අතර 2017 වසරේ 38කි. පසුගිය අවුරුදු පහක් ඇතුළත ශ්‍රී ලංකාව ලබාගන්නා ලකුණු අතර කැපී පෙනෙන වෙනසක් සිදු වී නැත. ශ්‍රී ලංකාව දූෂණය පැත්තෙන් සලකුණු කර ඇත්තේ සුළු ප්‍රගතියක් පමණි. දූෂණ වංචා නැති කිරීම සඳහා රටේ පවතින නීති මදි බැවින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මෙරට තුළ නීතිගත කරන බවත්, ඒ ඔස්සේ දූෂණ වංචා සෙවීමට අලුත් සංවිධානයක් ස්ථාපිත කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර මහනුවරදී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලියේදී පැවසුවා. පසුගිය රජය කළ දූෂණ වංචා පිළිබඳ පරික්ෂා...