වීදි නාට්‍ය කලාවේ පියා අද සවස දැයෙන් සමු ගනියි


(2009 නොවැම්බර් 01 - W3Lanka) සිංහල වීදි නාට්‍ය කලාවේ පියා යයි විරුදාවලි ලත් ගාමිනි හත්තොට්ටුවේගම අද සවස දැයෙන් සමු ගනියි. සුපුරුදු ලෙස පැය කීපයක් ඔහුගේ දේහය කලාභවනේ තැන්පත් කර රාජ්‍ය 'ගෞරව' පිරිනැමීමට නියමිත ය. 


අප දන්නා තරමින් රාජපක්ෂ රෙජිමට මිළ දී ගැනීමට බැරි වූ කලාකරුවන් අතළොස්ස අතරින් හත්තොට්ටුවේගම එක් අයෙකි. ප්‍රගතිශීලීන් යයි හැඳින්වුණ කලාකරුවන් 1994න් පසු අවධියේදී තොග මිළට විකිණෙද්දී ඔහු සිය ගෞරවය රැකගෙන සිටි බව අපේ අදහසයි.


ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ සරසවි ඇදුරකු ව සිටිමින් මධ්‍යම පංතික ප්‍රභූ සමාජ තත්වයන් ආරක්ෂා කරගෙන ජීවත් වීමට තිබියදී වීදියට බට, එම ක්‍රම විරෝධය මියෙනතුරු ම රැක ගත් හත්තොට්ටුවේගම, ඔහු වීදියේ දමා පළා ගොස්, ඔහුගේ ආලෝකය පරාවර්තනය කරමින් බැබළෙන ඇතැම් නළුවන් ඔහු වීදියට හඳුන්වා දුන් රංගන ක්‍රමවේදය රූපවාහිනී මෙගා මාලා නාටකවල අයෝග්‍ය අන්දමින් ප්‍රතිනිර්මානය කරනු දැක සිනාසුණා ද හැඬුවාදැයි අපි නො දනිමු.

Comments

  1. Man nam hithanne wishishta kalakaruwekge awamagulediwath ohuwe weda gena kata karanawata wada deshpalanaya gena kata karana ekai mada gahana ekai arenna wena deyak danne nethi gaanata jeppo bankoloth kiyala,

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මගේ ලෝකයේ වීරයෙක්. බෝඩ් ලෑලි සමාජවාදීන් අතර, පීඩිත ජනතාව වෙනුවෙන් හඩක් නෑගූ නියම සමාජවාදියෙක්.ඔහුගේ දර්ශණය, ඉදිරියට ගෙනයාමට, තවත් මෙවෑනි උතුම් මිනිසුන් බිහිවේවා යන්න මගේ එකම පෑතුමයි.

    ReplyDelete
  4. ohuge watinakama nodanna onatharam halparuwo ada othanata ewith purajeru gahanna ethi. jvp eka witharai ohu wenuwen awasanayata poster eka wath gahanna hitiye wasantha

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා