නැ‍‍ඟෙනහිර ඉඩම් කෙසෙල් වවන්න ජපන් සමාගමකට

(2009 අගෝස්තු 08 -  W3Lanka) නැගෙනහිර පළාතේ ගොවි ජනයා බරපතල ඉඩම් හිඟයකින් පීඩා විඳිද්දී අක්කර 35,000ක් පෞද්ගලික සමාගමකට කෙසෙල් වගාව සඳහා ලබා දීමට සැරසෙන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දින පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.


මෙකී සමාගම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජපන් සමාගමකි. එම සමාගමට කන්තලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීමට යන්නේ දීර්ඝකාලීන බදු පදනමක් යටතේ ය.


මෙයට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ප්‍රකාශ කළේ ලබා දීම සඳහා සලකා බලමින් ඇත්තේ අක්කර 15,000ක් පමණක් බවයි. දැනට අක්කර 7500ක් වෙන් කර ඇති බව ඔහු පැවසීය.


ජාතිය ගොඩනැඟීමේ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ප්‍රකාශ කළේ මෙම ඉඩම් දැනට භාවිතයට නොගැනෙන ඒවා බවයි.


පළාත් සභා සතු ඉඩම් බලතල උල්ලංඝනය කරමින් මධ්‍යම රජය විසින් මෙම ව්‍යාපෘතිය අරභයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව නැ‍ඟෙනහිර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විරෝධයට තුඩු දී තිබේ.

- ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා