පංති කාමරය ගිනි තැබූ කන්තලේ සිසුවා වීරයෙක් ද?
(2009 නොවැම්බර් 27 - W3Lanka ) කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පන්ති කාමරයකට ගිනි තබා එහි තිබූ තවත් භාණ්ඩ කීපයකට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුවත කෙරෙහි අවධානය යොමු කරන විට එක් උපමා කතාවක් සිහි වේ. එහි ළමයකුට පංති කාමරයකදී හදිසියේ නින්ද යයි. ඔහු අවදි වන්නේ වසර පනහකිනි. වටපිට බලන ඔහු දකින්නේ ඔහු වටා ඇති සියලු දේ වෙනස් වී ඇති බවයි. වෙනස් වී නොමැති එකම දෙය පංති කාමරයයි. කන්තලේ පමණක් නොව කොළඹ ද පාසල්වල තවමත් තිබෙන්නේ මීට වසර සියයකට පමණ ඉහතදී පැවති පංති කාමරය ම වේ. ඩෙස්, පුටු, කළු ලෑලි, හුණු කූරු, නම් පොත් ආදී පැරණි භාණ්ඩ තව ටිකක් බාල වී තිබීම හැර කිසිදු වෙනසක් සිදු වී නැත. ඇතැම් ජනප්‍රිය පාසල්වල පංති කාමරවල තදබදය කෙතරම් ද යත් ඒවා සන්නස්ගල සර්ගේ අපේ සිංහල පංතිය වැනි වේ. දමහර පංතිවල සිසුන් 60කටත් වඩා සිටිති. ගුරුවරයාට ළමයකුගේ අභ්‍යාසයක් බැලීමට විනාඩියක් ගත වේ නම් පොත් ටික බැලීමට පමණක් පැයක් අවශ්‍ය වේ. එහෙත් එක් කාල පරිච්ඡෙදයකට ඇත්තේ විනාඩි 40කි. පොත් බැලීම තිබියදී පංතියේ එහා මෙහා ගමන් කිරීමටවත් බැරි තරමට ළමයි පිරී ඇත. එක ප...