බෝධිසත්ව කොතලාවල පඹයකු වි පිළිස්සීම

(2009 අගෝස්තු 22 - W3Lanka) සක්විති රණසිංහ අධික පොලී ගෙවන බව කියා මහජනයාගෙන් තැන්පතු ලබාගෙන කෝටි ගණනකට පොලු තියා රටින් පැන ගිය අවස්ථාවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල බෝධිසත්වයකු සේ ඉදිරිපත් වී විපතට පත් තැන්පත්කරුවන් සමග සාකච්ඡා කළේය. සක්විති වංචා කළ මුදල් මේ බෝධිසත්වයා තමන්ට ආපසු දෙනු ඇතැයි ඇතැම් අසරණ, මෝඩ ජනයා සිතූහ. 

කෙටි කලකින් හෙළිදරව් වූයේ කොතලාවල සක්විතිට වඩා වංචාකාරයකු බවයි. මෙම ඡායාරූපයේ සිටින මුදල් අහිමි වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් මේ ගිනි තබන්නේ ලලිත් කොතලාවලගේ පඹයකුටයි. 



කලක් ලලිත් කොතලාවලගේ සමාගම්වල දැන්වීම්වලින් යැපෙමින් ඔහුගේ සමාජ සේවාවල ගුණ වර්ණනා කළ ජනමාධ්‍ය ‍දැන් මෙම දර්ශන අලෙවි කරති. ධනවාදයට විකුණන්නට බැරි මොනවාද?

Comments

  1. මේකේ ආර්තික විදයාත්මක පැත්තත් වැදගත්ව හිතන්න වෙනවා.. අනෙක් බැංකු කරන්නෙත් ජාවාරමම තමයි. මේක පාලනය කරනවා මහ බැංකුව කියන එකෙන්.. නමුත් මේ ලිවීමෙන් ලලිත් කොතලාවලගේ හොරකම සාදාරණිකරනය කරන්නේ නැහ.. ලංකාවේ ආර්ථික තත්වය හා ගෝලීය ආර්තික තත්වය ත1ල ප්‍රාග්ධනයේ හැසිරීම ගැනත් මේ තුලම ‍ඉගෙන ගන්න පලුවන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා