ටිගෝ මිළ දී ගන්න ඩයලොග්, එයාටෙල් තරගයේ

(2009 අගෝස්තු 06 - W3Lanka) ලංකාවේ දුරකථන සබඳතා ලක්ෂ 58ක් හිමි බව කියන ඩයලොග් හිමිකරුවන් වන ටෙලිකොම් මැලේසියා සමාගමත්, ඩොලර් මිලියන 125ක ආයෝජනයකින් මෑතදී දියත් කර සබඳතා දසලක්ෂයක් දුන් බව කියන භාරතී එයාටෙල් සමාගමත් ටිගෝ ජාලය මිළ දී ගැනීම සඳහා තරග කරති. 


දුරකථන සබඳතා ලක්ෂ 20ක් හිමි බව කියන ලංකාවේ තෙවන විශාලතම ජංගම දුරකථන ජාලය වන ටිගෝ අයිති ලක්සම්බර්ග් මූලස්ථානය කර ගත් මිලිකොම් ඉන්ටනැෂනල් සමාගමටයි. එය ඩොලර් මිලියන 125 - 200 අතර වටිනාකමක් ඇතැයි සැලකේ.


ඉන්දියාවේ Bharathi Airtel, මැලේසියාවේ Axiata Group, රුසියාවේ Vimpelcom සහ UAEහි Etisalat ටිගෝ මිළ දී ගැනීම සඳහා ඉදිරිපත් වී සිටිති. ඩයලොග් සමාගමේ කොටස්වලින් 85%ක් හිමි Axiata සමාගමටයි. 

Comments

  1. මමත් ඉල්ලන්න ඉන්නෙ ලැබුනොත් outgoing නොමිලේ දෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා