Posts

Showing posts with the label එයාටෙල්

ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money

‍ අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා. ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි. මෙවැනි පණිවුඩයක් දිස් විය. Congratulations You have completed the quiz. To find out the result of your IQ test, Please enter your mobile number now! ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි. මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද? එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද? ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග...

ටිගෝ මිළ දී ගන්න ඩයලොග්, එයාටෙල් තරගයේ

Image
(2009 අගෝස්තු 06 - W3Lanka) ලංකාවේ දුරකථන සබඳතා ලක්ෂ 58ක් හිමි බව කියන ඩයලොග් හිමිකරුවන් වන ටෙලිකොම් මැලේසියා සමාගමත්, ඩොලර් මිලියන 125ක ආයෝජනයකින් මෑතදී දියත් කර සබඳතා දසලක්ෂයක් දුන් බව කියන භාරතී එයාටෙල් සමාගමත් ටිගෝ ජාලය මිළ දී ගැනීම සඳහා තරග කරති.  දුරකථන සබඳතා ලක්ෂ 20ක් හිමි බව කියන ලංකාවේ තෙවන විශාලතම ජංගම දුරකථන ජාලය වන ටිගෝ අයිති ලක්සම්බර්ග් මූලස්ථානය කර ගත් මිලිකොම් ඉන්ටනැෂනල් සමාගමටයි. එය ඩොලර් මිලියන 125 - 200 අතර වටිනාකමක් ඇතැයි සැලකේ. ඉන්දියාවේ Bharathi Airtel, මැලේසියාවේ Axiata Group, රුසියාවේ Vimpelcom සහ UAEහි Etisalat ටිගෝ මිළ දී ගැනීම සඳහා ඉදිරිපත් වී සිටිති. ඩයලොග් සමාගමේ කොටස්වලින් 85%ක් හිමි Axiata සමාගමටයි.