Posts

Showing posts from August, 2009

තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක්

Image
(2009 අගෝස්තු 31 - W3Lanka )   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදී ජේ. එස් තිස්සනායගම්ට අද දින කොළඹ මහාධිකරණය විසින් විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී. තිස්සනායගම් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයකු ද, අවුට්රීච් එස්.එල්. නම් වෙබ් අඩවියේ හා නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ සංස්කාරකවරයා ද විය. නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ ඔහු විසින් පළ කරන ලද අදහස් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට හේතු විය.

තිස්සනායගම් නඩු තීන්දුව අද

Image
(2009 අගෝස්තු 31 - W3Lanka) නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් නම් මුද්‍රිත ප්‍රකාශනයේ අදහස් පළ කිරීම මුල් කොටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා වෙනත් නීති යටතේ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ තීන්දුව අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.  2008 මාර්තු 08 දින අත්අඩංගුවට ගනු ලැබූ තිස්සනායගම් අද වන විට වසරකුත් මාස පහක පමණ කාලයක් අත්අඩංගුවේ පසු වෙයි. 

අධ්‍යාපනයේ අර්බුදයට විසඳුම් ගැන හිතනකොට ආණ්ඩුවට මතක් වන්නේ ම විකුණන හැටි

Image
(2009 අගෝස්තු 31 - W3Lanka) "පාසල් අධ්‍යාපනයෙන් නිසි වෘත්තීය දැනුමක් ලැබෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළට 250,000 ක් විතර ලියද්දි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 17,000ක් විතර. මව්පියො දස වධ විඳලා 10,000 ක් විතර ළමයි පිටරට ඉගෙන ගන්න යවනවා. සෝමාලියාව හැර ඕනෑම රටකට ළමයි යවනවා. මේ ඔක්කොම එකතු කළත් 30,000 ක් විතර. ඉතුරු 220,000 ම නිසි සුදුසුකමක් ලබා ගන්න විදිහක් නැතිව එළියෙ." ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය මෙලෙස ප්‍රකාශයට පත් කරන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයි. එහෙත්, මේ අර්බුදයට පිළියම් යෙදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වැනි 'සංවිධාන'වලට ඇති බියයි. තෝරා ගත් සුළු පිරිසකට නොමිළේ හෙවත් මහජන මුදලින් සියල්ල ලැබිය යුතු යයි ද, තේරීමෙන් හැළී ගිය පිරිස වලේ ම සිටිය යුතු යයි ද සමාජවාදයේ නමින් පවසන ශිෂ්‍ය ව්‍යාපාරය මත උත්තරාරෝපණය වී සිටින මෙම දේශපාලන කණ්ඩායම්වලට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු වීම වළක්වා ගැනීමට

සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක් ඉතිරි වී ඇත්නම්, ඒක මුළු ලංකාවම නොදන්නා වැරැද්දක් විය යුතුයි.....ආකාස කුසුම්

Image
ප්‍රදීප් ජයරත්න ( X කණ්ඩායම)    "සමාව" ඕන කරන වැරැද්දක් හොයා ගන්න පුළුවන් නම්, "ජීවිතය" ආයෙත් පටන් ගන්න පුළුවන්. සමාව ලැඛෙනවද නැද්ද කියන එක එච්චරම වැදගත් නැහැ. උවමනා වෙන්නේ, සමාව දීම-නොදීම කියන සීමාවේ තියෙන, ඒ ගැන බලාපොරොත්තුවක් රඳවාගන්න පුළුවන් වැරැද්දක් විතරයි. එතන ඉඳන් වැරදි, නිවැරදි කරගැනීමේ මාර්ගය දිගේ අලූත් ගමනක් පටන් ගත්තම, ඒක ඇත්තටම ජීවිතයට අලූත් චලනයක් එකතු කරනවා. ආකාස කුසුම: මාලිනීට එවැනි වැරැද්දක් චිත්‍රපටයේදී හමුවීම ලොකු අස්වැසිල්ලක් වුනා. ඉතිං එයා තමන්ගේ දුවගේ දුව තුරුළු කරගෙන ඉන්න ගමන්, පුංචි මාලිනීගෙන් (දිල්හානිගෙන්) අහනවා, "මෙයා මට සමාව දෙයිද?˜ කියලා. පුංචි මාලිනී, "ඔව්˜, "හ්ම්˜ වගේ සංඥා කරමින් හිස සොලවනවා. ඒත් පුංචි මාලිනී තාමත් ඉන්නේ සමාව දීම හෝ නොදීම කියන සීමාවට අයත් නැති තැනක. ඉතිං ඒ හරියෙන් වැරැද්දක් හොයා ගන්න එක ලේසි නෑ. ඒ හින්දම විඳීමේ ආරම්භයයි, විඳවීමේ ආරම්භයයි මුල ඉඳලම එකම තැනක. පුදුමයකට වාගේ, සමාව දෙන-නොදෙන සීමාවට ඔබ්ඛෙන් තියෙන, සමහර විට තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් පවා නැති සියල්ල ගැන මුළු ලංකාවම දන්නවා. චිත්‍රපටයේ දෙබසකි

අයියෝ ඇමති සිරිසේනටත් විධායක ජනාධිපති ක්‍රමය රසයි ලු

Image
(2009 අගෝස්තු 30 - W3Lanka) ත්‍රස්තවාදයෙන් රට ආරක්ෂා කැර ගැනීමට ගෙන ගිය මෙහෙයුමේ දී මෙන්ම රට ගොඩනැඟීමට දැන් ආරම්භ කැර තිබෙන වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීම සඳහාත් තවත් කාලයක් විධායක ජනාධිපති ධූරය පැවතිය යුතු යැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ බව අද සිළුමිණ පුවත්පත පවසයි.  විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමන් ද මුලින් සිටි මුත් වෙනස් වන තත්ත්වයන් හා පැනනඟින අභියෝග හමුවේ කාලෝචිත ලෙස ස්ථාවරයන් සකස් කැර ගැනීම මිස යල්පැනගිය මතවලම එල්බ සිටීම ප්‍රායෝගික දේශපාලනය නොවන බවත් ඇමැතිවරයා සඳහන්කර තිබේ.  වැල යන අතට පන්දලම නො ගැසුවහොත් ශ්‍රීලනිප ලේකම්කම මෛත්‍රීගෙන් පැහැරගෙන ඩලස්ට දෙන්නට තරම් විධායක ජනාධිපති ක්‍රමය බලවත් බව අයියෝ මේ ඇමති සිරිසේන දන්නා බව පෙනේ. අගමැති සංගීත පුටුවට හයිය ම හයිය අතු ගණනාවක් තරග කරන විට පැත්තකට වී කාටත් හිස නමාගෙන සිටින විජේතුංගලාට, රත්නසිරිලාට පොට්ට චාන්ස් වදින නිසා තමන්ට ද එවැනි අවස්ථාවක් ලැබේ යයි උපකල්පනය කර ගැනීම ඇමති සිරිසේනට මේ වෙලාවේ ඇති හොඳම විසඳුමයි.  සත්තකින් ම දැන් අහෝසි කිරීම සඳහා ලංකාවේ විධායක ජනාධිපති

මහින්දට එදිරිව මධ්‍යම පංතිය; අරගලය යළි දකුණට

Image
අජිත් පැරකුම් ජයසිංහ ප්‍රධාන වශයෙන් සියයට හතළිහක වැටුප් වැඩි වීමක් ද ආලවට්ටම් වශයෙන් නව විදුලි බල පනත ඉල්ලා අස් කර ගැනීම ඇතුළු තවත් සටන් පාඨ ද ඉදිරිපත් කරමින් බලාගාර සේවකයන් ද ඇතුළුව සමස්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ම කාර්ය මණ්ඩලය අගෝස්තු 28දා එක් දින වැඩ වර්ජනයක් දියත් කරන්නට නියමිත බව මේ සටහන තබන මොහොත වන විට ලංකා විදුලි සේවක සංගමය දැනුම් දී ඇත. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 50ක් පමණ තිබියදී මෙම වර්ජනයට සහභාගි වන්නේ සමිති අටක් පමණක් බැවින් එය සාර්ථක නො වනු ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසයි. ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලැබී ඇත්තේ 2006දී ය. 2009දී මීළඟ වැටුප් වැඩි වීම ලැබිය යුතු මුත් විදුලි බල හා බල ශක්ති ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, සමාගම්, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල සේවකයන්ට 2009 වසර සඳහා වැටුප් වැඩි වීම් ලබා නො දීමට රජය තීරණය කර තිබෙන නිසා නියමිත වැටුප් වැඩි වීම ලංවිම සේවකයන්ට ලබා දිය නොහැකි බවයි. 2006න් පසු රජයේ හා රාජ්‍ය ව්‍යවසායවල සේවකයන්ට වැටුප් හා දීමනා ලබා දුන් අවස්ථාවලදී ලංවිම සේවකයන්ට ඒවා ලබා නොදුන්නේ 2009දී නියමිත වැටුප්

ලංවිම වර්ජනය සාර්ථකයි - වෘත්තීය සමිති

(2009 අගෝස්තු 28 - W3Lanka) කොම්පඤ්ඤවීදියේ පිහිටි විදුලි බල මණ්ඩල මුලස්ථානයේ සේවකයින් 1800 ක් පමණ සේවය කරන අතර මේ වන විට එහි සේවයට වර්තා කර ඇති මුලූ සේවක ප්‍රමාණය 300 ක් පමණක් බව ජවිපෙ වෘත්තීය සමිති අංශයට සම්බන්ධ යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි නිලධාරීන් කොන්ත්‍රාත් සේවකයින් හා ආරක‍ෂක අංශ සේවකයින් එම සේවකයින් 300 දෙනාට අයත් බව විදුලි බල මණ්ඩල මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි මූලස්ථානයේ වැඩ වර්ජනයට සහභාගී වූ මුළු සේවක ප්‍රමාණය 85 % ක් පමණ වන බව වාර්තා වේ. එම පුවතේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ. උතුරු මැද පළාත තුල සියළුම කාර්යාල හා විදුලි ඩිපෝ තුල දෛනික කටයුතු සියල්ල ඇනහිට ඇති අතර නැගෙනහිර පළාත, මඩකළපුව, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මේ වන විට විදුලිය විසන්දීීවී තිෙබි. ඌව පළාත පුරාම වැඩබිම්වලින් සේවකයින් ඉවත්වීමත් සමග අධිසැර විදුලි බිඳවැටීමක් සමග මුළු පළාත පුරාම විදුලිය විසන්ධි වී තිබේ. මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාත්වල වැඩ වර්ජනයේ තත්වයද මෙම මට්ටමින් ක්‍රියාත්මක වනබව වාර්තා වේ. එම පළාත්වල ඇතැම් දිස්ත්‍රික්කවල තැනින් තැන විදුලිය විසන්ධිවෙ

රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

Image
(2009 අගෝස්තු 28 - W3Lanka) අපේ රට බහු සංස්කෘතික, බහු ආගමික රටක් වීම සත්තකින් ම ආඩම්බර විය යුතු තත්වයකි. එහෙත්, සංස්කෘතීන් අතර ගැටුම් වෙනුවට අන්‍යෝන්‍ය සහජීවනය පවත්වා ගත හැක්කේ ජාතීන් එකිනෙකාට ගරු කරන, ආදරය කරන වාතාවරණයක් රට තුළ නිර්මානය වන්නේ නම් පමණි. මෙහිදී සිංහල ජාතිකයන්ට ඔවුන් රටේ බහුතරය වීම නිසා මහත් වගකීමක් පැවරේ. මේ සේයා රූ පෙළ ලංකාවේ ඒවා නොවේ. එහෙත් සුන්දරත්වයට දේශ සීමා නැති බැවින් අපි ඒව ඔබගේ රසවින්දනය පිණිස මෙහි පළ කරමු.  අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ සංස්කෘතික සුන්දරත්වය පිළිබඳ ආදරයක් ඔබේ කැමරා ඇසට මෙන් ම මසැසට ද මනසට ද දැනෙන දිනයක් පිළිබඳ අපි සිහින දකිමු.

මාලිනීට ගැලරියෙන් අපූරු සම්මානයක්

Image
ආකාස කුසුම් රිදී තිරයට; මාලිනීගේ රන් නෙළුම සොරුන්ට (2009 අගෝස්තු 28 - W3Lanka) හෙළ නිළි රැජින ලෙස හැඳින්වෙන මාලිනී ෆොන්සේකා ඇය ප්‍රධාන චරිතය රඟපාන ආකාස කුසුම් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරවාරේ ඇගේ මාලබේ නිවසට ඇතුල් වූ සොර පිරිසක් එයා දැන් ලොකු ළමයෙක්‌ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මොස්‌කව් සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීම හේතුවෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදකයන් ඇයට තිළිණ කරන ලද රන් නෙළුම් මලක්‌ ඇතුළු රු. ලක්ෂ දහයක් පමණ වටිනා මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබේ. 

විදුලි වර්ජනයට කලින් ම ආණ්ඩුවට කරන්ට් වදියි

(2009 අගෝස්තු 28 - W3Lanka) ලංකා විදුලි සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කීපයක් විසින් අද (28) දින කැඳවා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනය හමුවේ බියට පත් වි සිටින ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබේ. හෙටට නියමිත එක් දින වර්ජනයට සේවකන් සහභාගි වුවත්, නැතත්, එය සටනක් ලෙස සාර්ථක වී තිබෙන බව ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය විසින් පෙන්නුම් කරනු ලැබේ. ජවිපෙ විසින් අල්ලා තිබෙන ආණ්ඩුවේ මාරාන්තික නිලයක් වන රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසින් ඇති කරන අර්බුදකාරී තත්වය සමග හැප්පීමට ආණ්ඩුවට සිදු වන බවත්, මෙම ප්‍රශ්නය හමුවේ සිය ජනප්‍රියත්වය රැක ගැනීමට රජයට අපහසු වනු ඇති බව හා සිය ශක්තියේ ප්‍රධාන බලවේගය වන මධ්‍යම පංතියේ පීඩිත පහළ තීරය සමග ආණ්ඩුවට ගැටෙන්නට සිදු වන බවත් අපේ නිරීක්ෂණයයි. මේ පිළිබඳ දේශපාලනික විග්‍රහයක් බලාපොරොත්තු වන්න.

බටලන්ද නඩුව ගැන අසා කවුරුවත් බය වෙන්න එපා; බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා

Image
(2009 අගෝස්තු 27 - W3Lanka)  (ඡායාරූපයේ ඇත්තේ ජවිපෙ බත්තරමුල්ලේ අලුතෙන් හැදූ කාර්යාල ගොඩනැඟිල්ලයි. 1989දී මිය ගිය අහිංසකයන් වෙනුවෙන් ඉදි කරන ලද අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය බත්තරමුල්ලේ ම තවත් තැනත අත්හැර දමා තිබේ.) නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු ය. උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට, නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැක. අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු ය.  මෙසේ පවසන්නේ සාහිත්‍ය විචාරකයකු හා ලේඛකයකු ලෙස ද ප්‍රකට ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ය. ඔහු එසේ පැවසුවේ 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ඊයේ (26) සිට බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කරමිනි.  දෙල

තුන්වන මහින්ද පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු බලෙන් පැහැරගෙන යයි; පොලිසිය හා මහින්දලා අතර ගැටුම්

Image
(2009 අගෝස්තු 26 - W3Lanka) ඇමති මහින්ද රත්නතිලක බලංගොඩ කල්තොට පොලිසියට කඩා වැදී එහි අත්අඩංගුවේ සිටි තම ගෝලයකු මුදාගෙන ගිය බවට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ.  තම ආධාරකරුවකු කල්තොට පොලිසිය විසින් හේතු රහිතව අත්අඩංගුවේ තබා ගත් බවට ඇමතිවරයා ද පැමිණිල්ලක් කර තිබේ. කල්තොට පොලිසිය කියන්නේ අදාල සැකකරු පොලිසිය ඉදිරිපිටදීම පොලිස් කාන්තාවකගේ සිරුරේ යතුරුපැදියක් හප්පා ඇති හෙයින් අත්අඩංගුවට ගත් බවයි.  පොලිස් කාන්තාවක‍ගේ ඇඟේ යතුරු පැදියක් හැප්පීම සාමාන්‍ය පුරවැසියකුට නම් භයානක ප්‍රතිඵල ගෙන එන සිද්ධියකි. අද කාලේ හැටියට එවැන්නකු පාතාල සාමාජිකයකු වී ආයුධ පෙන්නීමට ගොස් පොලීසියට පහර දී පැන යන්නට තැත් කරද්දී පොලිස් වෙඩි පහරින් මිය යන්නට වුව ද ඉඩ තිබේ. එහෙත් අදාල සැකකරු සාමාන්‍ය පුද්ගලයෙකු නොව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වීමෙන් අනතුරුව පවා එම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් විශේෂ සැලකිලි ලබන්නට සමත් වූ යූඇන්පියෙන් සන්ධානයට කරණම් ගැසූ ඇමතිවරයකුගේ හිතවතෙකි. "කාපිය පොලොස්&

ත්‍රස්තවාදයට උදව් කළ බව දේශපාලකයන් කී දෙමළ වෛද්‍යවරු එහෙම නොකළ බව රහස් පොලිසිය කියයි

(2009 අගෝස්තු 25 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි රජයේ යුද මෙහෙයුම්වල අවසන් සමයේ යුද මුක්ත කලාපයේ රෝගීන්ට උවටැන් කරමින් සිදු වූ මරණ හා තුවාල වීම් පිළිබඳ සාක්කි ඇසින් දුටු කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ තංගවේලු සත්‍යමූර්ති, එළියන්චේලයි පල්ලිවන්, ක්‍රිෂ්ණරාජා වර්ධරාජා හා දේව කාන්ති පිල්ලෙයි ෂන්මුගනාදන් නමැති වෛද්‍යවරුන් ඇප මත මුදාහරින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ නියෝග කළේය.  සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ අවසන් කර ඇති බවත් ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවන හෙයින් තවදුරටත් ඔවුන් අවශ්‍ය නොවන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.  මීට පෙර රජයේ විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් පැවසුවේ ඔවුන් කොටි සංවිධානයේ උවමනාව පරිදි මරණ හා තුවාල වීම් පිළිබඳ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බවයි. ඔවුන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම්වලට පවා රජය සවන් දුන්නේ නැත.  පසුව රජය විසින් ජුලි 08 දින මෙම වෛද්‍යවරුන් රැ

අගෝස්තු 28 කරන්ට් නැති වෙයි ද? ලංවිම සේවකයන්ට කරන්ට් වදියි ද?

Image
(2009 අගෝස්තු 25 - W3Lanka) සියයට හතළිහකින් වැටුප් වැඩි වීමක් ඉල්ලා බලාගාර ද ඇතුළුව සමස්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ම සේවකයෝ අගෝස්තු 28දා එක් දින වැඩ වර්ජනයක් දියත් කරති.  ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලැබී ඇත්තේ 2006දී ය. 2009දී මීළඟ වැටුප් වැඩි වීම ලැබිය යුතු මුත් විදුලි ා බල හා බල ශක්ති ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසන්නේ 2010 වසර දක්වා රජයේ කිසිදු ආයතනයක වැටුප් වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙන නිසා වැටුප් වැඩි කළ නොහැකි බවයි.  ආණ්ඩුවත් එක්ක හැප්පනේන එපා යයි ජනාධිපතිවරයා පැවසූ බව විදුලිබල ඇමතිවරයා කී බව කියන ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් එය බරපතල ප්‍රකාශයක් බව ද පවසයි.  මේ වන විට ලංවිම දිනකට රු. කෝටි පනහක පාඩුවක් ලබයි. එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී රත්නායක පෙන්වා දෙන්නේ එකක් ලක්ෂ 75ක් බැගින් වූ මයික්‍රෝ වර්ගයේ ජීප් රථ 26ක් මේ වසර තුළ මිළ දී ගෙන ඉන් කීපයක් අමාත්‍යංශයේ පාවිච්චිය සඳහා නිදහස් කර ගැනීමට ලංවිමට මුදල් තිබුණු බවයි.  ලක්ෂ 36ක් වන දිවයිනේ විදුලි පාරිභෝගිකයන්ට සේවය සැලසීම සඳහා සේවකයන් 14,000ක් ලංවිමේ සිටිති.  (ඡායාරූ

අභාග දෙපාර්තමේන්තුව පහේ ශීෂ්‍යත්වයත් ෆේල්

(2009 අගෝස්තු 24 - W3Lanka) ඊයේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ගාල්ලේ විභාග මධ්‍යස්ථානයකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය දෙපාර්තමේන්තුව විසින් නො එවීම නිසා ප්‍රශ්න පත්‍ර සොයාගෙන බෙදීම සඳහා එම මධ්‍යස්ථානයේ විභාගය විනාඩි 40කින් ප්‍රමාද කිරීමට සිදු විය. ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සිසු දරුවන් ලියුවේ කලින් පිට වූ ප්‍රශ්න පත්‍රයකටයි. ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන මෙම විභාගයේ එක ලකුණකින් සිසු දරුවකුගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් විය හැකි ය. මේ අතර සෙනසුරාදා පැවති උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න විෂයට අදාළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය කලින් පිට විය. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී උදේ වරුවට නියමිත පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට දී ඇත්තේ දෙවන ප්‍රශ්න පත්‍රයයි. මෙම මධ්‍යස්ථානයේ සිසුන් සවස් වරුවේදී ලියුවේ වෙනත් විභාග මධ්‍යස්ථානවල සිසුන් උදේ වරුවේ ලියූ ප්‍රශ්න පත්‍රයයි.

ලංකාවේ වනාන්තරත් හරියට හිරගෙවල් වගේ

Image
(2009 අගෝස්තු 24 - W3Lanka) ලංකාවේ වනාන්තරවල අලි ඇතුන් 4400ක් ඇතැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, මෙම අලි ගහණයට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වනාන්තර නැතිකම හේතුවෙන් අලින් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වෙත පැමිණීම නිසා ඇති වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම වසරකම අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වේ. මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසන්නේ මෙසේයි. අලි මිනිස් වාසයන් වෙත සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ වනාන්තරවල ප්‍රමාණයට වඩා අලි ගහණයක් වනාන්තරවල ජීවත්වීමයි. දැනට තියෙන වනාන්තරවල ප්‍රමාණය අනුව ජීවත් විය යුතු අලි ප්‍රමාණය වන්නෙ දෙදහසයි. ඒත් දැනට අලි හත් දහසක් පමණ ජීවත් වෙනව. ඒ තත්ත්වය තමයි අලි මිනිස් ගැටුමට මූලිකව බලපාන කාරණය වෙන්නෙ. (දිනමිණ 2009 අගෝස්තු 24) ලංකාවේ කැළෑවල අලින් මුහුණ දෙන තත්වය බොහෝ දුරට සමාන වන්නේ මේ රටේ සිරගෙවල්වල මිනිසුන් මුහුණ දෙන තත්වයටයි. ලංකාවේ සිරගෙවල්වල එක් මිනිසකු ජීවත් විය යුතු ඉඩ ප්‍රමාණයේ මිනිස්සු සිව්දෙනෙකු ජීවත් වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංඛ්‍යා දත්ත හෙළිදරව් කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන

නව මහින්ද චින්තනය තුළ ධනවාදයට එරෙහි අරගලය

අජිත් පැරකුම් ජයසිංහ විසිනි ආණ්ඩුව පවසන්නේ තමන් සියලූ දෙය කරන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව බවයි. විරුද්ධ පාක්ෂිකයෝ ද ආණ්ඩුවේ කාර්යයන් ප‍්‍රශ්න කරන්නේ ඒවා මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට කෙතරම් අනුකූල වේදැයි අසමිනි. දේශපාලනික හා පෞද්ගලික ලාභ පතා ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරන්නන් මහින්ද චින්තනය උත්කර්ෂයට නඟන්නේ එයට කොමියුනිස්ට් ප‍්‍රකාශනයට තරම් වැදගත්කමක් දෙමිනි. එහෙත්, එහි ගැඹුර ඇස්වටයක් පොවන තරම්වත් නොවන බව අනුන්ව රැවටීමට උත්සාහ දරන කවුරුත් දනිති. එහෙත්, මහින්ද රාජපක්ෂ යුගයේ තත්කාර්යවාදී පාලනය හැඩගැසෙන චින්තනයක් රාජ්‍ය නායක ව්‍යූහයන්හි ගොඩනැඟෙමින් තිබේ. අප දකින පරිදි නම් මෙම අප‍්‍රකාශිත නව මහින්ද චින්තනය වඩා ගැඹුරු හරයකින් යුක්ත වේ. නව මහින්ද චින්තනයේ ප‍්‍රධාන කුළුණු දෙක වන්නේ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යාරක්ෂක දැක්ම හා බැසිල් රාජපක්ෂ ආර්ථික දැක්මයි. ඒ හා සමගාමීව පවතින අනෙක් වැදගත් සාධකය වන්නේ විදේශ බලපෑම් මඟහැර ගැනීමේ රාජ්‍ය තාන්ත‍්‍රික උපායමාර්ගයයි. රටේ දේශපාලනික ගමන් පථය තීරණය කරන ප‍්‍රධාන සාධක වන්නේ මේවායි.   දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමෙන් පසු

පොලිසියට ගල් ගසන්නන්ට යුක්තිය ලබා ගත හැකි ය?

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) ජනාධිපතිතුමා පොලිසිය විසින් මරා දැමුවේ යයි කියන අඟුලානේ තරුණයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්  ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන්ට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවීය. වැරැද්ද පොලිසිය පිට ම පවරා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පැවසී ය. ඇත්තන්ම, එතුමා කොච්චර හොඳ ද? එතුමාගේ හොඳකම මතු කර ගන්නට අපට බැරිකම අපේ ප්‍රශ්නයකි. එසේ මතු කර ගන්නට හැකි වීම අඟුලානේ ජනතාවගේ දක්ෂකමකි.  ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක් වූ සිසුන් පස්දෙනාගේත්, මූතූර්හිදී ඝාතනයට ලක් වූ සහන සේවකයන් 17දෙනාගේත්, තවත් එවැනි බොහෝ අයගේත් පවුල්වල අයට ජනාධිපතිතුමාගේ හදවතට කතා කරන්නට බැරි වීම ඔවුන්ගේ අදක්ෂකමයි.  පණ ගොස් සිටින නීතිය හා පාලනය අවදි කරවා ගැනීම සඳහා තිබෙන ක්‍රමය ගම් පිටින් එක් රැස් වී පොලිසියට ගල් ගැසීම ය යන නරක පූර්වාදර්ශය මෙමගින් ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු ය.

බෝධිසත්ව කොතලාවල පඹයකු වි පිළිස්සීම

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) සක්විති රණසිංහ අධික පොලී ගෙවන බව කියා මහජනයාගෙන් තැන්පතු ලබාගෙන කෝටි ගණනකට පොලු තියා රටින් පැන ගිය අවස්ථාවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල බෝධිසත්වයකු සේ ඉදිරිපත් වී විපතට පත් තැන්පත්කරුවන් සමග සාකච්ඡා කළේය. සක්විති වංචා කළ මුදල් මේ බෝධිසත්වයා තමන්ට ආපසු දෙනු ඇතැයි ඇතැම් අසරණ, මෝඩ ජනයා සිතූහ.  කෙටි කලකින් හෙළිදරව් වූයේ කොතලාවල සක්විතිට වඩා වංචාකාරයකු බවයි. මෙම ඡායාරූපයේ සිටින මුදල් අහිමි වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් මේ ගිනි තබන්නේ ලලිත් කොතලාවලගේ පඹයකුටයි.  කලක් ලලිත් කොතලාවලගේ සමාගම්වල දැන්වීම්වලින් යැපෙමින් ඔහුගේ සමාජ සේවාවල ගුණ වර්ණනා කළ ජනමාධ්‍ය ‍දැන් මෙම දර්ශන අලෙවි කරති. ධනවාදයට විකුණන්නට බැරි මොනවාද?

අහේතු කාලේන කජ්ජේන පුහුලං

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) ඉස්සර නම් ලිප්ටන් වටරවුම ප්‍රසිද්ධ වී තිබුණේ වාමාංශිකයන්ගේ, ආණ්ඩු විරෝධීන්ගේ, දේශප්‍රේමීන්ගේ හා එන්.ජී.ඕ. ඩොලර් කාක්කන්ගේ විරෝධතා පෙළපාලි පිකටිං රඟ මඬලක් ලෙසයි.  යුද්ධයේ පිහිටෙන් රජය දැන් ඉහත කී සෑම වර්ගයක ම විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමට එන්නට බැරි වාතාවරණයක් හදන්නට සමත් වී තිබේ.  දැන් ලිප්ටන් වටරවුම පාළු ය. ඒ මහජනතාවට ප්‍රශ්න නැති නිසා නොව විරෝධතාකරුවන්ට ඇති ප්‍රශ්න නිසා ය. දැන් විරෝධතාකරුවන්ගේ හිස්තැනත් පුරවන්නේ අපේ මහ රජ්ජුරුවෝ ම ය. අධිරාජ්‍යවාදීන්ගේ හා දේශීය ඩොලර් කාක්කන්ගේ කුමන්ත්‍රණවලින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, මේ රටත් බේරාගැනීමේ උද්ඝෝෂණයක් ඊයේ (21) දින සවස ලිප්ටන් වටරවුමේ තිබිණි.  අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල්, මේ රටේ සිටින පරගැති දේශපාලනඥයින් හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයින්ගෙන් ශී‍්‍ර ලංකාව බේරාගැනීමට කිසිම භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් හැටියට එක්වෙමු යැයි එම විරෝධතාවේ සංවිධායක බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා කීවේ ය. ජනාධිපති උපදේශක එම්. එච්. එම්. අෂ්වර් සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු

සංස්කෘතික ඇමතිගේ වාහනයට මාසයක වියදම පුරාවස්තු මුරකරුවකුට දෙවසරක් පඩි ගෙවන්න ඇති

Image
(2009 අගෝස්තු 21 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක භාවිත කරන මිට්‌ෂුබිෂී මොන්ටෙරෝ රථය වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් 210,440 ක්‌ ගෙවා මාසිකව රුපියල් 180,290 ක ඩීසල් ද ගසන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.  පසුගියදා නිදන් හොරුන් විසින් පුපුරවන ලද මිහින්තලේ මිහිඳු ගුහාවේ මහින්ද මහරහතන් වහන්සේ සැතපුණේ යයි විශ්වාස කෙරෙන ශෛලමය යහන මුර කිරිම සඳහා රු. 15,000 බැගින් පඩි ගෙවා මුරකරුවකු දෙවසරක් යෙදවීමට මේ මුදල සෑහේ. එහෙත්, රටේ සංස්කෘතිය රැක ගැනීම සඳහා අලුත පත් කරනු ලැබූ මේ ඇමතිට තවම මාසයකට වඩා ඇවිදින්න ලැබුණේ නැත. හොඳින් ඇවිද සංස්කෘතියට කෙළ වී ඇති ආකාරය සොයා බලන්නේ නැතිව සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි ඇමතිට පක්ෂව තර්ක කරන මහජනතාව අසති.  

අලි හොරු මව් ඇතින්නගෙන් පැහැර ගත් පැටවා මිය යයි

Image
(2009 අගෝස්තු 21 - W3Lanka) බලංගොඩ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මව් ඇතින්නගෙන් පැහැරගෙන විත් හොර රහසේ නිවසක රඳවාගෙන සිටි තුන් මස් වියැති අලි පැටවා අධිකරණ නියෝගයක්‌ මත උඩවලව ඇත්අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අගෝස්තු 19 දා රාත්‍රියේ මියගොස්‌ ඇත. මෙම අලිපැටවා වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා විට දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවත්, සිරුරේ ස්‌ථාන කිහිපයක තුවාලද සහිතව සිටි බවත්, මෙම ඇත් මංකොල්ලයට පශු වෛද්‍යවරයකු පවා සම්බන්ධ බවත් වාර්තා වේ.

දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ඉන්දියාවට පොරොන්දු වුණාලු

(2009 අගෝස්තු 21 - W3Lanka ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත ඉන්දීය විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි පසුගිය ජනවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දීය විදේශ ඇමැතිට පොරොන්දු වී ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති හුසේන් බහිලා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවැසීය.  ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ.වි.පෙ. මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති

Image
(2009 අගෝස්තු 21 - W3Lanka ) කොටුවේ දින 18ක් පුරා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයේ යෙදුන සෞන්දර්ය උපාධිධාරීන් ඇමතූ විමල් වීරවංශ දැඩි දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු නිමාකොට උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා ලබාගැනීම සඳහා මහ මඟට බැස වීදි සටන් කළ යුතු යුගය අවසන් කළ යුතු යෑයිද තිරය පිටුපස සිට ඔවුන්ගේ සාධාරණ සටනට සක්‍රීයව දායකත්වය ලබාදීමට ලැබීම තම පක්‍ෂයට සතුටක්‌ යෑයිද පැවැසීය. එදා උපාධිධාරීන්ට රැකියා ඉල්ලා සටන් කළේ ජවිපෙ නායකත්වය දුන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයයි. දැන් ජවිපෙද දුර්වලය; ජවිපෙට අනුබද්ධ සංගම් ද දුර්වල ය. ආර්ථික සටන් කරන සුළු ධනේශ්වර කණ්ඩායම්වලට අවශ්‍ය වන්නේ විප්ලවය කරන්නට පක්ෂ හදන්නට නොව කවුරුන් හෝ අතරමැදියකු යොදාගෙන ඉල්ලීම් දිනා ගන්නටයි.  එදා විමල් සිටියේ තිරයෙන් ඉදිරිපස ය. දැන් ඔහු සිටින්නේ තිරයෙන් පිටුපස ය. එදා විමල් විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමී ප්‍රචාරක ලේකම් ය. දැන් විමල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අත්ගෙඩියකි. ඔහු නායකත්වය දෙන පක්ෂය ආණ්ඩුව සමග සන්

ජවිපෙ දැන් දත කන්නේ රාජමේනියාව හා පවුල්වාදය යන මාරාන්තික රෝගවලින් පැසවා ඇතුළෙන් කුණු වෙමින් තිබෙන මේ ධනේශ්වර තුවාලය හොඳ කර දෙන්න ද?

(2009 අගෝස්තු 21 - W3Lanka) හීනෙන් නැගිට්ටා සේ හිටිහැටියේ ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට කියා සිටින්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට රජය තමන්ට පොරොන්දු වී ඇති බැවින් දැන් වහා එය කළ යුතු බවයි.  1994දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්ති අවසාන මොහොතේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වූයේ ද එවකට පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට තමන්ට පොරොන්දු වූ බව කියා ය. ඒ මීට පසළොස් වසකට පෙරයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට වන පොරොන්දුව ද ඇමති මණ්ඩලය අර ගානට මේ ගානට බස්සනවා යි දෙන පොරොන්දු වැනි ම වූ තවත් එක් ඡන්ද පොරොන්දුවක් හෙයින් ජනතාව ඡන්දයෙන් පසු එසේ වනු ඇතැයි බලාපොරොත්තු වන්නේ නැත. ජවිපෙට ද 2005 සිට 2009 වන තෙක් එය අමතක ව තිබිණි. එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය අයුරින් මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව හෝ කොටස් වශයෙන් සංශෝධනය කිරීමට රජය සූදානම් නැතැයි ද ජනතාව ඉදිරි මැතිවරණයකදී ලබා දෙන තුනෙන් දෙකේ ජනවරම අනුව රටට යහපතක් වන අයුරින් සියල්ල එකවර සංශෝධනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් බව ද දේශපාලන විසැඳුමක් සඳහා ජ

මේ දේශද්‍රෝහී ගීය වහා තහනම් කරනු! සංස්කෘතික පොලිසියෙන් ඉල්ලීමක්

(දේශද්‍රෝහී කලා නිර්මාන වාරණය කිරීමේ ව්‍යාපාරයේ පණිවුඩයකි)  ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙමෙයි ලේ නාඹර තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ මිරිස් කරල් මෝරන විට පාට දෙන්නේ ලේ  නළලේ රතු තිලකවලට රත ගෙනෙන්නෙ ලේ ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව් අපට කැමති කෝවිලකට යන්ට ඉඩ දියව්  දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියව් අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියව් දිනා ගන්න දේ එමටයි දනිමි එය බොලව් අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලව් අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලව් අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව්  මෙම ගීතයේ ඇති සුසුම් හෙළන හඬ මිනිසුන් කුපිත කරයි. ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ යනුවෙන් නිතර නිතර කීමෙන් ප්‍රඩණ්ඩ හැඟීම් හා හා පිළිකුලක් ඇති කරයි. ආඬි ළිං, නාඹර තල් ආදියෙන් සංකේතවත් කරන්නේ දෙමළ ඊලාම් අරගලයයි. ලේ නොගලන බිමක හුස්ම ගන්න ඉඩ දියව් අපට කැමති කෝවිලකට යන්න ඉඩ දියව් යන යෙදුම් ඍජුව ම ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ඇඟවුම් කරයි.  අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් යන යෙදුම විශේෂයෙන් ම වත්මන් රාජ්‍ය නායකත්වය කෙරෙහි අගතියක් ඇති කරවන අන්දමින් යොදා ගැනීමට ඉඩ තිබේ.  එබැවින් මෙම ගීය වහා තහනම් කළ යුතු බව අපි ඉල්ලා සි

උවිඳු අඳුර: කුරුකුලසූරිය කේලාම් කිව්වා ද? රාජපක්ෂ බොරු කිව්වා ද?

Image
Labels: උවිඳු කුරුකුලසූරිය , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (අගෝස්තු 18, 2009 - W3Lanka) 2009 ජුනි 07 දින 'ද නේෂන්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය  විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් අගෝස්තු 16 දින එම පුවත්පතේ පළ විය.  ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයනුත් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වී ඇති අදාළ ලිපියේ කියැවෙන පරිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව උවිඳු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගි වූ අයට කියා තිබේ. දැන් උවිඳු පවසන්නේ තමන් කිසිදු දිනෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු කියා නැති බවයි. තමන් කී දෙය සත්‍ය බව පුවත්පත දැඩිව පවසයි. උවිඳු කුරුකුලසූරිය වනාහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තර ශෝධනයක් පිළිබඳව දැඩි සටනක් කළ පුද්ගලයෙකි. එම සටනේ ප්‍රතිඵල ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වු අතර සංවිධානයේ ව්‍යූහයේ බරපතළ වෙනස්කම් ද සිදු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බොහෝ පැරණි නායකයන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශ

මිහින් බිම; සජින් උඩ

Image
(අගෝස්තු 17, 2009 - W3Lanka) මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතක් වන සජින් වාස් ගුණවර්ධන ළඟදීම ගුවන් යානා පැදවීම පුහුණු කරවන පාසලක් කටුකුරුන්ද ගුවන් තොටුපළ පාදක කරගෙන ආරම්භ කිරීමටය යයි. මේ සඳහා ගුවන් යානා තුනක් හා හෙලිකොප්ටරයක් මිළ දී ගැනීමට ඔහු සූදානම් වෙයි. මෙම පාසලේ ශාඛා අනාගතයේදී දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ආරම්භ කිරිමට නියමිත ය. මේ සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙන් හෙළිදරව් නොකරන ලද ණය මුදලක් ඔහු ලබාගෙන ඇති අතර, විදේශ ආයෝජකයෝ ද මෙම ව්‍යාපෘතියට හවුල් වෙති. මේ අතර, මිහින් ලංකා ගුවන් සේවය දෙවන වතාවටත් කඩාවැටීමට ආසන්න බව තතු දත් ආරංචි මාර්ග පවසයි. පළමු වර බිඳවැටීමෙන් පසු මෙම ගුවන් සේවය නඟා සිටුවීම සඳහා 2009 අයවැයෙන් රු. කෝටි 6000ක් වෙන් කරන ලදී. සජින් වාස් ළඟ එන දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තරග කිරිමට නියමිත ය. දකුණු පළාත් මහ ඇමති ධුරයට යෝජිත නම් අතර ඔහුගේ නම ද වේ.

නිරෝෂා විරාජිනීට නම් දෙරණෙන් සිහින කුමාරයා හමු විය; අනෙක් මල්ලිලා නංගිලා හුගකට සොරි ය

Image
(අගෝස්තු 18, 2009 - W3Lanka) යව්වනයේ සිහින හඹා යන තාරකා පෙළහරකැයි කියන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විනිශ්චයකාරියක වන නිරෝෂා විරාජිනීට තම සිහින කුමරා දෙරණෙන් ම හමු වී තිබේ.  යසන්ත නාවුල්ලගේ නම් ‘දෙරණ’ රූපවාහිනි ආයතනයේ සැලැසුම් ප්‍රධානියා සමග ජුලි 29දා අතිනත ගත් නිරෝෂා දැන් අනාගතය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.  නිරෝෂා කලක් කැපවීමෙන් යුතුව ගායනයේ යෙදුණු සැබෑ කලාකාරියක වන අතර දැන් අපට ඇය දකින්නට ලැබෙන්නේ දෙරණ කැමරා ඉදිරියේ විනිශ්චයකාරවරියක ලෙස කරන රංගනයෙනි.  ගී ගැයීමේ හැකියාව ඇති යව්වනයන්ට සිහින දකින්නට සලස්වා ඉඳහිට එකෙකු දෙන්නෙකු රජ කරවිම දැන් ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන කාර්යය වී තිබේ. ගී ගයන්නට බැරි තරුණ තරුණියන් සඳහා නැටීම, අනුකරණය ආදී ගොනුන්ට ඇන්දවීමේ තවත් ක්‍රම ද දැන් අත්හදා බලමින් තිබේ. මෙම වැඩසටහන්වල නිෂ්පාදන වියදම් ඉතා අඩු ය. ඇඳුම්, ප්‍රවාහනය හා ශිල්පීන්ගේ ගාස්තු වැනි වැඩසටහන් සඳහා යන වියදම්වලින් විශාල ප්‍රමාණයක් දරා ගන්නේ සිහින හඹා යන කුමර කුමරියන් විසිනි. නගරවල කටවුට් ගසමින්, තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට කියමින් මෙම වැඩසටහන් නොමිළේ ම මාකට් කිරීම ද සිහින කුමර

විභාගෙට යනකොට මධ්‍යස්ථාන වහලා; පැකට්වල ප්‍රශ්න පත්තර අඩුයි - බෙදන්නේ හොය හොය; මෙන්න විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ පවත්වන හැටි

(අගෝස්තු 17, 2009 - W3Lanka) ලංකාවේ දැඩි ලෙස තරගකාරී විභාග ක්‍රමය අනුව අ.පො.ස. (උ.පෙ.) විභාගය යනු පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි. ලකුණකින් දෙකකින් ජීවිත ඉරණම වෙනස් කරන මෙම විභාගය පැවැත්වීමේදී වගකීමකින් කටයුතු කිරීමේ හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවට නොමැතිමුත් කටමැත දෙඩීමේ අපූරු හැකියාවක් නම් විභාග කොමසාරිස්වරයාට තිබේ.  පසුගිය අගෝස්තු 12දා පස්වරු12.30 සිට 3.30 දක්වා පැවැත්වීමට තිබුණු විෂය අංක 52 නර්තනය සිංහල පළමු ප්‍රශ්න පත්‍රය සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී එක් සිසුවකු පෙනී සිටීමට නියමිත විය. එහෙත් සිසුවා විභාගයට යන විට ශාලාධිපති මධ්‍යස්ථානය වසා ගෙදර ගොස් තිබිණි.  පස්වරු 12.40ට පමණ මෙම සිසුවා මේ පිළිබදව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරූහ. හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා ඇති දුරකථන අංක බොහොමයක් ක්‍රියාත්මක නොවූ බව සිසුවාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. පසුව විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සිසුවා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති වුල්ෆැන්ඩල් බාලිකා විදුහලේ විභාග

විවාහ වයස අඩු කරන බවට සහකාර සොලිසිටර් ජනරාල් කීවේ බොරු - අමුණුගම

Image
(අගෝස්තු 16, 2009 - W3Lanka) විවාහ වීමේ අඩුම වයස 18 ට වඩා අඩු කිරීමේ කිසිම තීරණයක් රජය ගෙන නැතැයි ද එවැනි වයස අඩු කිරීමක් පිළිබඳ ව ජනමාධ්‍යවලින් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවද විවාහ පිළිබඳ බලයලත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව භාර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති සරත් අමුණුගම මහතානිවේදනය කරයි. මෙවැනි වයස් අඩුකිරීමේ තීරණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී නැති බවද අඩු වයසින් විවාහ වුවහොත් ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. ලංකාවේ විවාහ විය හැකි වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට රජය නීති සංශෝධන ගෙන එනු ඇති බව අගෝස්තු 10දා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණු  ළමුන් සුරැකීම සඳහා වූ ජාතික ජනමාධ්‍ය සන්ධානයේදී පැවසුවේ සහකාර සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය. ඔහු වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුව අයිති අධිකරණ අමාත්‍යංශයටයි. (මෙහි ඇති රූපය ඉන්දියාවේ ළමා විවාහයකට සම්බන්ධ එකකි.)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන්ට චිනයේ ආතල්; ජවිපෙ විතරක් එපා කියයි

(අගෝස්තු 16, 2009 - W3Lanka) රජය විසින් බස්නාහිර පළාත් සභා‍වේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීනට චීනයේ පිං සවාරියක් පිරිනමා තිබේ. මෙම පිං සවාරිය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනා පමණි. එජාපෙ, ජානිපෙ, හෙළ උරුමය, බස්නාහිර ජනතා පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ආදී දූෂණය‍, නාස්තිය ගැන බෙහෙවින් කතා කරන පක්ෂවල පළාත් සභා මන්ත්‍රීන් කවුරුත් මෙම සවාරිය පිළිගෙන තිබේ. මන්ත්‍රීන් 101ක් සඳහා වූ මෙම නව දින විනෝද චාරිකාව සඳහා පළාත් සභාව විසින් දරනු ලබන වියදම රු. කෝටි තුනකට අධික වේ. රෝසි සේනානායකගේ නායකත්වයෙන් ‍මන්ත්‍රීන් 24කගෙන් යුත් එක් කොටසක් දැනටමත් පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ආ පසු සෙසු පිරිස යති. රජය කියන්නේ මෙය අත්‍යවශ්‍ය අධයයන චාරිකාවක් බවයි. බලය බෙදීමට විරුද්ධ වත්මන් පාලනය විසින් බලය බෙදීමේ ක්‍රමයක් නැති චීනයෙන් උගන්වනවා ඇත්තේ බලය නොබෙදා සිටින ආකාරය විය හැකි ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි ජනතා අනුකම්පාව තවමත් තිබෙනවා - සිද්ධාර්ථන්

Image
(අගෝස්තු 16, 2009 - W3Lanka) ජනයා විශාල පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් පසු තමන් දැඩිව විශ්වාස කරන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි අනුකම්පාව තවමත් පවතින බවද, ඒවා ඡන්ද බවට පත් වූ බව ද වවුනියාව නගර සභාවේ හා යාපනය නගර සභාවේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ 'ද නේෂන්' පුවත්පත සමග විග්‍රහයකට එක් වෙමින් දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය හෙවත් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි. ජනයා රජයට කෘතඥමුත්, ඔවුන් තවමත් යුද්ධයේ ප්‍රතිඵලවලින් කම්පිතව සිටින බව හා ඒ ‍පිළිබඳව බෙහෙවින් හැඟීම්බර බව සිද්ධාර්ථන් පවසයි.  වවුනියා නගරවාසීන් විශාල පිරිසකගේ ඥාතීන් කඳවුරුගතව සිටින බව ද, දිනපතා ඔවුන් බැලීමට කෑම බීමාදිය රැගෙන යන ඔවුන්ට වාසනාවක් තිබුණොත් ඥාතීන් බැලීමට ලැබීමට පෙර පැය ගණන් පෝලිම්වල ලැගීමට සිදු වන බව ද හේ පවසයි.  මැදවච්චියේ පිහිටුවා තිබෙන මුරපොළ ඔහු සමාන කරන්නේ වෙනත් රටකට සංක්‍රමණය වන්නට පසු කළ යුතු තැනක් ලෙසයි. ඒ හරහා යන්නට ඉඩ දෙන්නේ කාට ද, ඉඩ නොදෙන්නේ කාට ද යන්න පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැතිකමින් ජනතාව අවිනිශ්චිත තත්වයකට පත් වන බව පවසන සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ මෙබඳු හේතු මත රාජ්‍ය විර

නුවර පෙරහරේ පහතරට නැටුම් නොනැටීම හා අගමැතිගේ විරෝධය

Image
(2009 අගෝස්තු 16 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක ‍පාලකයකුට වඩා කතිකයකු ලෙස සැලකීම බලතල රහිත අගමැති තනතුරට හා එකී තනතුර දරණ වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වික්‍රමනායක මහතාට කරන සාධාරණයකැයි සිතමු.  කතිකයකු ලෙස එතුමා කරන කාර්යයේ හුවා දැක්විය හැකි වැදගත් අදහසක් මේ දිනවල එතුමා සිය ගම් ප්‍රදේශය වන හොරණදීත්, කලුතරදීත් කලාකරුවන් සම්බන්ධ උත්සව දෙකකදී ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි.  පහතරට කලාකරුවන් උළෙලවලදී ගැටබෙරය වාදනය කරනමුත්, නුවර පෙරහැරේදී පහතරට යක් බෙරය වාදනය නොවන බව ද, පහතරට කලාංග එයට එක් කරගෙන නැති බව ද, ජාතික උත්සවයකදී එවැනි භේද තිබිය නොහැකි බව ඔහු පැවසීය.  අගමැති වික්‍රමනායක විසින් මේ ස්පර්ශ කර තිබෙන්නේ හුදෙක්ම කලාවට පමණක් සීමා වූ කාරණයක් නොවේ. උඩරට-පහතරට භේදය ද කුලභේදය හා ජාතිවාදය සේ ම සමාජ යටිතලයේ තවමත් සක්‍රියව පවතී. පහතරැටියකු වන වික්‍රමනායක මේ පහර දෙන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් සංස්කෘතියේ උඩරට ආධිපත්‍යවාදයටයි. "ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න" මැයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සං

සංස්කෘතික පොලිසියට එරෙහිව මාධ්‍ය (ඇමතිගේ) නිදහස හෙවත් පියාට එරෙහිව ප්‍රියා

Image
(අගෝස්තු 15, 2009 - W3Lanka) ඇල් වතුරත් නිවා බීමට පරිස්සම් වන තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම තනතුරින් දොට්ට දැමීම සඳහා ව්‍යාපාරයක් නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ තීරණ දැනුම් දීමට අමතරව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් නොකළ පෞද්ගලික මත දැක්‌වීම තුළින් කැබිනට්‌ ප්‍රකාශකගේ වගකීම පැහැර හැර ඇති බව ද, එමගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාටත්. සංස්‌කෘතික කටයුතු අමාත්‍යවරයා වන තමා හටත් කළ නියමයන් හෑල්ලුවට ලක්‌කර ඇති බව ද සංස්කෘතික ඇමති පියසිරි විජේනායක පවසයි. මේ අනුව හැඟෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තවදුරටත් කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව යැයි ඔහු වැඩිදුරටත් කියයි. තමාගේ විෂය පථයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට තමා කිසිදු අමාත්‍යවරයකුට ඉඩ නොදෙන බවත්. රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්, රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන