බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෝක දෙමළ සමුළුව අමතයි | British Foreign Secretary to address Global Tamil Forum

(2010 පෙබරවාරි 24-W3Lankaලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස හා ලංකාවේ පාලකයන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින සංවිධානයක් වන ලෝක දෙමළ සංසදය හෙවත් Global Tamil Forum විසින් අද දින පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් විසිනි.


තහනම් කරන ලද කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් ඇතුළු ලොව පුරා දෙමළ ක්‍රියාකාරිකයන් සහභාගි වන මෙම සමුළුව පැවැත්වෙන්නේ Houses of Parliamentහිදීය.


බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ සෙවණැලි විදේශ ලේකම් හෙවත් බොහෝ විට මීළග ආණ්ඩුවක විදේශ ලේකම් විය හැකි පුද්ගලයකු වන විලියම් හේග් ‍මෙම සමුළුවේ අවසන් කතාව පවත්වන අතර පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ම මෙයට සහඵාගි වීමට නියමිතය.


ලංකාවේ තිරසාර සාමයක් ඇති කළ හැක්කේ අව්‍යාජ ජාතික සංහිඳියාවකින් නිසා බ්‍රිතාන්‍යය එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින ලාංකික ප්‍රජාවේ සියලු සාමාජිකයන් සමග තමන් කටයුතු කරන බව කියමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය මිලිබෑන්ඩ්ගේ පියවර අනුමත කර තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා