2018-12-30

මහින්දගේ හැබෑ පාට නැවත පෙන්වන හූල් විරෝධය

මහින්දට ස්වාධීන කොමිෂන් පෙන්නන්නට බැහැ. රාජපක්ෂ ක්මය ස්වාධීනත්වයට එරෙහි එකක්. ස්වාධීන කොමිෂන් සභා පිහිටවූ 17වන ආණ්ඩුක්ම ව්යවස්ථා සංශෝධනය අල වෙන්නට හැර 18වන ආණ්ඩුක්ම ව්යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහෝසි කර දැම්මේ මහින්ද ය.
 
මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි කරගැනීම සඳහා ශ්රේෂ්ඨාධිකරණයට යාම පිළිබඳ මහින්ද ප්ාශයක් කර තිබේ. එම ප්රකාශයේ තිබෙන්නේ ස්වාධීන කොමිෂන් විරෝධයයි. එහි ජාතිවාදය ද තිබේ. ඔහු කියන්නේ රත්නජීවන් හූල් දෙමළ ජාතික සන්ධානය විසින් කොමිෂමට නම් කළ අයෙකු බවයි.
 
ස්වාධීන කොමිෂන්වලට පුද්ගලයන් පත් කරන්නේ ව්යවස්ථාදායක සභාව හරහා ය. එහි සාමාජිකයන් 10දෙනාගෙන් හත්දෙනෙකු ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අතර එහි විපක්ෂ නායක නියෝජිතයා වන්නේ චමල් රාජපක්ෂයි. විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නිසා චමල් රාජපක්ෂත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයකු වන්නේ නැත. හැරත්, රත්නජීවන් හූල්ගේ පත්වීම නිර්දේශ කළ ව්යවස්ථාදායක සභාවේ චමල් රාජපක්ෂ හා මහින්ද සමරසිංහ ද සිටිය හ. මහින්ද රාජපක්ෂ කියන ආකාරයේ දේශපාලන පත්වීම් දීමක් සිදු වණි නම් එයට මේ දෙදෙනා ද වගකිව යුතු ය.
 
රත්නජීවන් හූල්ගේ පියවරෙහි කිසිදු නීතිමය ගැටලුවක් නැත. ඔහු දෙමළ ජාතිකයකු වීම කිසි සේත් ම අදාළ කාරණයක් නොවේ. ඔහුගේ මූලික තර්කය මහමැතිවරණයක් වෙනුවෙන් වැය වන අධික ධනස්කත්ධයයි. මෙවර මැතිවරණ කොමිෂමේ වියදම පමණක් රු. කෝටි 500 ඉක්මවනු ඇත. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් එමෙන් කීපගුණයක් වැය කරනු ඇත. පාර්ලිමේන්තුවේ නිල කාලය තව අවුරුදු දෙකක් පමණ ඉදිරියට තිබෙද්දී කුමන්ත්‍ර‍ණකාරී ලෙස බලය අල්ලාගෙන පාර්ලිමේන්තුව විසුරුවාහැරීම මහජන මුදල්, කාලය හා ශ්‍ර‍මය නාස්තියකි. එපමණක් නොව, එයින් රට ද අස්ථාවරත්වයට පත් කර ආර්ථිකය ද දුර්වල කර තිබේ.
 
එපමණක් නොව, ජනාධිපතිවරයාට මේ අන්දමින් සිය කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවිය හැකි නම්, ජනාධිපතිවරයාට හිතෙන හිතෙන වෙලාවට නැවත නැවත පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට පටන් ගත්තොත් එය ද බරපතල තත්වයකි. දැනට ක්රියාත්මක ව්යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ වසර හතරහමාරකට පසුව ය යන සඳහන තව දුරටත් වලංගු නොවේ නම් ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි විය යුතු ය. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබිණි. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ සමස්ත අරමුණ ම වූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන තත්වයට පත් කර ගැනීමයි. 
රත්නජීවන් හූල් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම රටේ අගමැතිවරයා හෙළා දකියි. මැතිවරණ කොමිෂමක සාමාජිකයකු මැතිවරණයක් වළක්වන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙන බව මහින්ද කියයි. රජයේ නිලධාරියකු, පුරවැසියකු අධිකරණයේ පිහිට පැතීම කුමන්ත්‍ර‍ණයකින් බලය අල්ලා ගත් අගමැතිවරයකුට ගැටලුවක් වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.
අප කියන්නේ රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයක් බවයි. රාජපක්ෂ ක්‍ර‍මයට අප එරෙහි වන එක් මූලික හේතුවක් වන්නේ එහි තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධයයි. මහින්ද මේ පළ කර තිබෙන්නේ ඔහු තුළ තිබෙන ස්වාධීන කොමිෂන් සභා විරෝධයයි. එය ස්වාධීනත්ව විරෝධයක් ලෙස ද සැලකිය හැකි ය.