සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු යන්න ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ඕනැද? | Does Sarath Fonseka need Defense Ministry permission to attend parliamentary meetings?

(2010 අප්‍රේල් 19 - W3Lankaපාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට හා රැස්වීම්වලට සහභාගි වීමට දැනට හමුදා අධිකරණවල නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටින සරත් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබා ගත යුතු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට පවසා තිබිණි.


ජවිපෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ සරත් ෆොන්සේකාට එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන බවයි.


මේ පිළිබඳව නීතිමය තත්වය පිළිබඳ විවාදයක් ජනමාධ්‍ය ඔස්සේ ආරම්භ කිරීමට පුළුවන. එහෙත්, අප දකින අන්දමට නම්, සත්‍ය වශයෙන් ම අද රටේ පවතින සැබෑ තත්වය අනුව නම්, එවැනි අවසර ගැනීමක් අත්‍යවශ්‍ය හා අනිවාර්ය වේ. එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන්නේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පවතින ජනතා පරමාධිපත්‍යයට සැබැවින් ගරු කරන රටකය. වගකිවයුතු පුරවැසියන් පිරිසක් සිටින රටකය. ලංකාව එවැනි රටක් නොවන බව අනුර කුමාර දිසානායක හා සරත් ෆොන්සේකා නොදැන සිටිය නොහැකිය. මක් නිසාද යත් ලංකාව එම තත්වයට පත් කිරීම සඳහා මේ දෙදෙනාද සැලකිය යුතු අන්දමින් දායක වී ඇති හෙයිනි. 


ලංකාවේ තවමත් වැදගත් ආයුධ මිස ජනතා පරමාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ නීතිය හෝ නොවේ. 


ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් යනු තවත් එක් අමාත්‍යංශ ලේකම් කෙනෙකු නොවේ. ඔහු දැන් දේවත්වයට සමීප වෙමින් සිටින සහෝදර මහ රජතුමන්ගේ පරිවාර දෙවියෙකි. 


සරත් ෆොන්සේකා ඒ දේව මණ්ඩලයෙන් අපායේ ලෝ දිය හැළියට වැටුණ නර පණුවෙක් පමණි. 

Comments

  1. එක මල්ලෙ ලුණු කාපු එව්වො දන්නෙ නැති හැටියක් යාඵවන්ගෙ තරම..

    ReplyDelete
  2. ලංකාව එවැනි රටක් නොවන බව අනුර කුමාර දිසානායක හා සරත් ෆොන්සේකා නොදැන සිටිය නොහැකිය. මක් නිසාද යත් ලංකාව එම තත්වයට පත් කිරීම සඳහා මේ දෙදෙනාද සැලකිය යුතු අන්දමින් දායක වී ඇති හෙයිනි.

    ReplyDelete
  3. ඕකා රටා ජාතිය ආගම පාවල දෙන්න සූදානම්, පාවලා දීපු පාහර බල්ලෙක්. දේශද්‍රෝහියා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා