පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව ඔක්තෝබර් 13 වැනි දින විභාගයට
( 2010 අගෝස්තු 16, W3Lanka ) පසුගිය 13දා සරත් ෆොන්සේකා වැරැදිකරු බවට තීන්දු කරමින් ඔහුව හමුදා සේවයෙන් අගෞරවනීය අන්දමින් නෙරපා හැරීමට නියම කළ පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව, ඔක්තෝබර් 13 වැනි දින විභාග කිරීමට නියමිත ය. මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ, ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල හමුවේ පසුගිය ජුලි 26දා කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි. යුද හමුදාපති ජගත් ජයසූරිය පළමු යුද අධිකරණයේ සාමාජිකයින් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකැර ඇත. මෙකී පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය පළමු යුද අධිකරණයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළ අතර, එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය. අභියාචනා පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීරණය අනුමත කරමින් අතුරු නියෝගය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. යුද අධිකරණය පිහිටුවීමේ තීරණය...