ග්‍රාමසේවක සමෘද්ධිය කැපුවාම අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න පුළුවන් | Now Sri Lankans can complain via internet when the village officer cut your poverty concession

(2010 මාර්තු 23-W3Lanka2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය.


මේ දුප්පත් සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉ - සමෘද්ධි ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන ඇති බව එම ආයතනය පවසයි.


ඒ අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.එමගින් සමෘද්ධිලාභියෙකුට තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටම සමෘද්ධි අධිකාරිය සමග සබඳතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


සමෘද්ධිලාභීන්ට මුහුණ පෑමට සිදු වන විවිධ දුෂ්කරතා ගැටළු මෙන්ම සමෘද්ධිලාභියෙකු වශයෙන් තමන් බුක්ති විඳින වරප්‍රසාද ‍සහ පහසුකම් පිළිබද කරුණු කාරණා ගැනද සමෘද්ධි අධිකාරිය දැනුවත් කිරීමට හැකියාව ලැබේ.


නැණසල මධ්‍යස්ථාන හරහා සමෘද්ධිලාභීන්ට අධිකාරිය සමග මෙම සබඳතා ඇති කර ගැනීමට හැකි බවත්, මෙම තොරතුරු සන්නිවේදන ජාලය ක්‍රියාවට නැංවීම සදහා සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂයකගේ පමණ සහාය ලබා ගැනීමට නියමිත බවත් ඒ සදහා වන පුහුණුවක්. ඔවුනට ලබා දෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

මෙම තොරතුරු අනුව පෙනී යන්නේ ග්‍රාමසේවක සමෘද්ධිය කැපූ විට පවා දැන් අන්තර්ජාලය හරහා ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි. කොහොමද ලංකාවේ වැඩ? බඩට කන්න නැතත් සමෘද්ධිලාභීන්ට ඉන්ටනෙට් ඇත.



ලෝක බැංකු වාර්තා අනුව, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සෑම පුද්ගලයන් 100කගෙන් ම එක් අයෙකු බව අලුත් ම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. මෙය වසර 2000දී පැවතියේ 0.2%ක් තරම් පහත් මට්ටමකයි.

Comments

  1. මෙහි අදහස සමෘද්ධි කැපුවාම ලිපියකින් එය සමෘද්ධි අධිකාරියට දැන්වූ විට ඔවුන් ඊට පියවර නොගැනීමට තරම් අකාර්යක්ෂම වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයත් පිළිගන්නා බවද?

    ReplyDelete
  2. හෙ හෙ හේ . . එහෙම කියන්න එපා . . ලෙඩා මලත් බඩ සුද්දයි . ..

    ReplyDelete
  3. Samurdi kapanne Grama Niladhariya nowe.. Samurdi niyamakaya ya.. oya wage wadakata yoda ganna taram Grama Niladhariya Raja pakshika natha.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා