Posts

Showing posts with the label Samurdhi

ග්‍රාමසේවක සමෘද්ධිය කැපුවාම අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න පුළුවන් | Now Sri Lankans can complain via internet when the village officer cut your poverty concession

Image
(2010 මාර්තු 23- W3Lanka )  2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය. මේ දුප්පත් සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉ - සමෘද්ධි ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන ඇති බව එම ආයතනය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.එමගින් සමෘද්ධිලාභියෙකුට තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටම සමෘද්ධි අධිකාරිය සමග සබඳතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමෘද්ධිලාභීන්ට මුහුණ පෑමට සිදු වන විවිධ දුෂ්කරතා ගැටළු මෙන්ම සමෘද්ධිලාභියෙකු වශයෙන් තමන් බුක්ති විඳින වරප්‍රසාද ‍සහ පහසුකම් පිළිබද කරුණු කාරණා ගැනද සමෘද්ධි අධිකාරිය දැනුවත් කිරීමට හැකියාව ලැබේ. නැණසල මධ්‍යස්ථාන හරහා සමෘද්ධිලාභීන්...