ඉරක් උදා වන්නේ කුමටා - අඳුර තමා මගෙ පරම සැපා; වැඳිල්ලට ගිය කල! | What happened to worshiping elders in Sri Lanka


අසරණ සරණ ගුණවර්ධන
(2010 මැයි 05 - W3Lankaඉස්සර නම් වැඳීමට යම් සම්ප්‍රදායික සීමාවන් තිබිණි. ඒ සීමාවන් නිසා වැඳීම සුවිශේෂ ගරු බුහුමනක් විය.


නිදසුනක් ලෙස, රූපවාහිනිය ප්‍රචලිත වන්නට පෙර සිංහල සමාජයේ දරුවන් හැම ගමනක් වෙනුවෙන් ම පිටතට යද්දී දෙමව්පියන්ට වඳින චාරිත්‍රයක් තිබුණේ නැත. වැන්දේ වැදගත් ගමනක් පිටත් වෙද්දී පමණි.


රූපවාහිනියෙන් ගම ගැන දෙසා ජීවිකාව සලසා ගන්නා කොළඹ කාක්කෝ උන් නොදන්නා ගම වෙනුවට උන්ගේ හිස් කුහර තුළ මැවුණු ව්‍යාජ ගමක් රුපවාහිනියෙන් ප්‍රතිනිර්මානය කළහ.


ආචාර්ය මර්වින් සිල්වා
මේ කාලයේ ම සිය දැනුම, කුසලතා හා ආකල්පවල අඩුපාඩු හේතුවෙන් පාසල් සිසුන් හමුවේ හීනමානයට පත් වී සිටින ලාංකීය ගුරු පරපුර (සරසවි ඇදුරන් ද ඇතුළුව) වැඳීම සිසුන් යටත් කර, ගුරුවරුන්ට ආරක්ෂාකාරී වන පීඩාකාරී වාතාවරණයක් තුළ තබා ගැනීම සඳහා උපයෝගී කර ගත්හ.


වැඳීම අද වන විට පාසල්වල කෙතරම් මළ විකාරයක් වී තිබේ ද යත් ගුරුවරු ළමයින් ලවා සෑම කාල පරිච්ඡේදයක් ම අවසානයේ වන්දවා ගනිති. මේ වැඳීම ආදර‍ය, ගෞරවය මුසු සම්‍ප්‍රදායික සිංහල ගුරු නැමඳීම නොව බලයට යටත් වීමකි.


සෙරෙප්පුව හොදයි සුප් එකට
දැන් අලුත් ම විලාසිතාව වන්නේ නෑකම, වයස වැනි කරුණු පිළිබඳව පවා නො සලකා උන්නතිකාමීන් අනාගත ආයෝජනයක් ලෙස සලකා රජුන් හා අනාගත රජුන් ඉදිරියේ වැඳ වැටීමයි.


හෙට අනිද්දා ම නාමල් කුමාරයා ඉදිරියේ ද මෙකී දේශපාලකයන් වැඳ වැටෙන ඡායාරූප දැක ගැනීමේ භාග්‍යය අපට ලැබෙන්නට ඉඩ තිබේ.


චන්ද්‍රිකා බංඩාරනායක ජනාධිපතිනිය ද මෙවැනි වැඳුම් ලැබූ තැනැත්තියකි. බලයෙන් ගිලිහුණු කල ඇයට සිදු වූ දේ පිළිබඳ කවුරුත් දනිති. මේ වැඳුම් ලබන්නන් ද බලය නැති දා තමන්ට විය හැකි දේ ගැන දැන සිටින්නේ නම් ඔවුන්ට යහපත් වනු ඇත.


කෙළින් හිටියොත් හුළං තමයි
ඊ.එම්.ඩී. උපාලිගේ 'මෙතනින් මාරු වෙනු!' නාට්‍යයේ ජැක්සන් ඇන්තනි ගායනා කළ අපූරු ගීතයක් තිබේ. මේ එහි කොටසකි. 


උඹේ සපත්තුව වැළඳ බදා 
උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ  
දෙවියනි මුන් අද කරති නිගා 









Comments

  1. නියමයි .. මෙන්න සම්පූර්ණ සිංදුව .

    Title :
    SRI LANKAN DRAMA SONG ---JACKSON ANTHONY.... UTHUMANANI

    Link :
    http://www.youtube.com/watch?v=lgq9hZoy4i4

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා