ලාංකීය දේශපාලනයේ ලිංගික (ශ්‍රමිකයන්ගේ) භූමිකාව | The role of sex (workers) in Sri Lankn politics

(2010 අප්‍රේල් 05-W3Lanka ) ලාංකීය දේශපාලනයේ ලිංගික ශ්‍රමිකයන්ගේ භූමිකාව පිළිබඳ වැදගත් හෙළිදරව් කිරීමක් ඇමති ඩලස් අලහප්පෙරුම අද 'දි අයිලන්ඩ්' පුවත්පතට කර තිබේ.


ඔහු පවසන ආකාරයට 2007 හා 2008 අයවැය විවාදවලදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීන්ගේ සහාය ලබා ගැනීම පිණීස විදේශ රටවල් දෙකකින් ලිංගික ශ්‍රමිකයන් යොදවා තිබේ. කාටත් තේරෙන භාෂාවෙන් කීවොත් පිටරටවලින් ලස්සන, සුදු, සුරූපී, තරුන, වෘත්තීය වශයෙන් නිපුන ගනිකාවන් යොදවා තිබේ.


‍අලහප්පෙරුම පවසන ආකාරයට ඔහු සහ තවත් ඇමතිවරයකු මෙය වැළැක්වීම සඳහා තරු පහේ හෝටලයක් ද වටලා ඇත.


ඇමති අලහප්පෙරුම විසින් කරන ලද හෙළිදරව්වෙන් ලාංකීය දේශපාලනයේ ආවරණය වී ඇති ඉතා වැදගත් කලාපයකට ආලෝක ධාරාවක් එල්ල වී තිබේ. අපේ ඡන්දයෙන් පත් වී යන ඇමතිවරුන් අල්ලස සහ දූෂණය සමග සහවාසයේ යෙදෙන අන්දම ගැන කවුරුත් දනිති. එහෙත්, ස්ත්‍රී ශරීර සමග අපේ ජනවරම කේවෙල් කරන ආකාරය එතරම් ප්‍රසිද්ධ නැත.


ඇමතිවරයෙක් වීම වනාහි කණෙන් එළියට එන තරම් සැපක ගිලීමයි. කම් සැප මේ සැප සාගරයේ කිරි සුදු පෙණ පිඬු වැනි ය. ඇමතිවරුන් කම් සැප සොයා යන්නා සේ ම ස්ත්‍රීන් ඇමතිවරුන් සොයා ඒම ද සිදු වේ. (ඇමතිවරයා යනු පිරිමියෙකු ලෙස සලකනු ලැබේ. ලංකාවේ ඇමතිවරයකු කාන්තාවක් වන්නේ නම් එය ව්‍යතිරේඛයක් හෙවත් අසාමාන්‍ය තත්වයකි.) ඇමතිවරුන් පෙම් කරන්නේ ස්ත්‍රීන්ට පමණක් නොවන බවද කරුණාවෙන් සලකන්න.


පාර්ලිමේන්තු ඡන්දයෙන් දිනීම යනු ශිශ්නය දෙව්ලොව යැවීමක් ලෙස ද සැලකීම නරක නැත.


ආණ්ඩුව හා හාමුදුරුවන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ශීලයන් රැකීම නිසා ලංකාවේ බහුතරයක් පිරිමින්ට කම් සැප ලබා ගැනීම දුෂ්කර වී තිබේ. මේ පිරිමින්ගේ අසහනය පාර්ලිමේන්තුවේ නියෝජනය හෝ පරාවර්තනය හෝ  කිරීමේ කාර්යය ජනතා විමුක්ති පෙරමුණේ කුමර බඹසර අසපුවේ දැහැනට සම වැදී සිටින අසරණ මල්ලිලාට භාර ය. රස කෑම දැක දැකත් කන්නට බැරිව පව් ගෙවන එක්තරා පිශාච වර්ගයක් පිළීබඳ ප්‍රේත වස්තුවේ කියැවේ. කන්න නැති ප්‍රේතයන් වන ලංකාවේ පිරිමින්ගේ අසහනය නියෝජනය හෝ පරාවර්තනය හෝ කරන මේ මල්ලිලා නම් ඇත්තෙන් ම කරන්නේ නැවත පාර්ලිමේන්තුවට පත් කර යැවීමට තරම් වටිනා පව් ගෙවීමකි.


ඒ මල්ලිලාගන් කොටසක් මේ පව් ගෙවීම අවසන් කර පක්ෂයෙන් කැඩී ගිය පසු සිය අසහනය දුරු කර ගත් අන්දම ගැන ජවිපෙ මල්ලිලා ද දැන් දනිති. 


ලංකාවේ දේශපාලනයට අදාලව ලිංගික සංසර්ගය කොතරම් වැදගත් වේද යන්න දන්නේ දේශපාලන තීරණ, කොන්ත්‍රාත්, බලපත්‍ර, වාර්තා, තීන්දු ආදිය පසුපස සංසරණය වූ ස්ත්‍රී ශරීර ගැන දන්නා පිම්පියන් පමණි.


මේ ලිංගික ශ්‍රමික ගැහැනුන් ලංකාවේ දේශපාලනයේදී කර ඇති සේවය සුළු පටු එකක් නොවේ. ඇතැම් විට ලංකාව පිළිබඳ හොඳ වාර්තාවක් විදේශ ආයතනයකට යාමේදී මොවුන් කර තිබෙන සේවය දේශප්‍රේමී යයි කියන ඇතැම් දේශපාලකයන් කර තිබෙන මෙහෙයට වඩා සුවිසල් ය. ඒ වෙනුවෙන් සත්තකින් ම ඔවුනට නිසි බුහුමන දක්වා නැත.

Comments

  1. කව්රුත් කතා නොකරන මුත් ඇත්ත එයයි. හොඳ ලිපියක්

    ReplyDelete
  2. Lankawe deshaplananayama ada honda ganika wruthiyak.Janatha chanden patwena me aya chandayama wikunan kanawa.Eetawda ganikawo koheda.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා