ලාංකීය දේශපාලනයේ ලිංගික (ශ්‍රමිකයන්ගේ) භූමිකාව | The role of sex (workers) in Sri Lankn politics
(2010 අප්‍රේල් 05- W3Lanka ) ලාංකීය දේශපාලනයේ ලිංගික ශ්‍රමිකයන්ගේ භූමිකාව පිළිබඳ වැදගත් හෙළිදරව් කිරීමක් ඇමති ඩලස් අලහප්පෙරුම අද 'දි අයිලන්ඩ්' පුවත්පතට කර තිබේ. ඔහු පවසන ආකාරයට 2007 හා 2008 අයවැය විවාදවලදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීන්ගේ සහාය ලබා ගැනීම පිණීස විදේශ රටවල් දෙකකින් ලිංගික ශ්‍රමිකයන් යොදවා තිබේ. කාටත් තේරෙන භාෂාවෙන් කීවොත් පිටරටවලින් ලස්සන, සුදු, සුරූපී, තරුන, වෘත්තීය වශයෙන් නිපුන ගනිකාවන් යොදවා තිබේ. අලහප්පෙරුම පවසන ආකාරයට ඔහු සහ තවත් ඇමතිවරයකු මෙය වැළැක්වීම සඳහා තරු පහේ හෝටලයක් ද වටලා ඇත. ඇමති අලහප්පෙරුම විසින් කරන ලද හෙළිදරව්වෙන් ලාංකීය දේශපාලනයේ ආවරණය වී ඇති ඉතා වැදගත් කලාපයකට ආලෝක ධාරාවක් එල්ල වී තිබේ. අපේ ඡන්දයෙන් පත් වී යන ඇමතිවරුන් අල්ලස සහ දූෂණය සමග සහවාසයේ යෙදෙන අන්දම ගැන කවුරුත් දනිති. එහෙත්, ස්ත්‍රී ශරීර සමග අපේ ජනවරම කේවෙල් කරන ආකාරය එතරම් ප්‍රසිද්ධ නැත. ඇමතිවරයෙක් වීම වනාහි කණෙන් එළියට එන තරම් සැපක ගිලීමයි. කම් සැප මේ සැප සාගරයේ කිරි සුදු පෙණ පිඬු වැනි ය. ඇමතිවරුන් කම් සැප සොයා යන්නා සේ ම ස්ත්‍රීන...