කැබිනට් මණ්ඩලය තෝරන්න අපෙන් යෝජනා | Proposals to select cabinet of Ministers of Sri Lanka

කැබිනට් එකක පිංතූරයක්
(2010 අප්‍රේල් 12 - W3Lankaජනාධිපතිතුමා මේ දිනවල අනාගත කැබිනට් මණ්ඩලය තෝරමින් සිටින බව කියනු ලැබේ. එතුමන්ගේ කල්පනාවට ගැනීම සඳහා අපි පහත සඳහන් යෝජනා කීපය කරන්නෙමු.


අගමැති - නාමල් රාජපක්ෂ (අනාගතේ ජනාධිපති කරන්න ඉන්න නිසා කොළේ වහල ගහන්න ඕනැ නැහැනෙ. දැම්ම ම දීලා දැම්ම නම් ඒකත් හරිනෙ.)


බැසිල් රාජපක්ෂ - ජාතිය ගොඩ ගැනීමේ ඇමති (එතුමා නැතිනම් ජාතිය ගොඩ ගන්න ඉන්නේ වෙන කවුරුද?)


උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය මර්වින් ද සිල්වා (ආචාර්ය කෙනෙක්නේ.)


වනිතා කටයුතු ඇමති - දුමින්ද සිල්වා (අනර්කලී පළාත් සභා මන්ත්‍රිනියගෙන් අහන්න.) 


විමල් වීරවංශ - සංස්කෘතික ඇමති (සීගිරිය බලන්න යන්න දෙන්න.) 


චම්පික රණවක - ආරක්ෂක ඇමති (හුග දෙනෙක් නොදන්නව වුණාට මෙයා තමයි යුද්දෙ කළේ. යුද්දෙ ගැන පොතකුත් ලියලා තිබෙනවා.) 


එස්.බී. දිසානායක - අධිකරණ ඇමති (හිටපු අග විනිසුරු එක්ක පරණ කේස් එකකුත් තියෙනවනේ.) 


සජින් වාස් ගුණවර්ධන - විදේශ ඇමති (එතුමා මිහින් ලංකා බිම දැම්මට එතුමන්ගේ ම කියලා ගුවන් යානාත් ගත්තානේ. ඒවයින් රට යන්න පුළුවන්.) 


සනත් ජයසූරිය - ක්‍රීඩා ඇමති (එතකොට එයාට අවුරුදු හැටක් වෙන කල් ම ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරලා තවත් වාර්තාවක් තබන්න පුළුවන්.) 


මහින්දානන්ද අලුත්ගමගේ - ආගමික කටයුතු හා සදාචාර සංවර්ධනය පිළිබඳ ඇමති (බාර් ගොඩක් තිබෙනවනේ. ඡන්දෙත් හොඳට කළානෙ.)


වාසුදේව නානායක්කාර - කම්කරු ඇමති (කාලා වරෙන්කෝ.)


ජීවන් කුමාරතුංග - විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති (කලිනුත් කට්ටිය රට යැව්වනේ පාට් ටයිම් ජොබ් එකක් විදියට.) 


ඒ.එච්.එම් ෆවුසි - ඛනිජ තෙල් ඇමති (සොයන්නාට සම්බ වේ.)


රෝහිත අබේගුණවර්ධන - මුදල් ඇමති (රත්තරංනේ.)


අනුර ප්‍රියදර්ශන යාපා - ජනමාධ්‍ය ඇමති (නමටනේ.) 


නිමල් සිරිපාල ද සිල්වා - සෞඛ්‍ය ඇමති (ලෙඩා දුකානේ.)


මෛත්‍රීපාල සිරිසේන - කෘෂිකර්ම ඇමති (පව්නේ.) 


ඩිලාන් පෙරේරා - කාර්ය භාරයක් නොමැති ඇමති (94 සිට ඉඳලාත් කැබිනට් ඇමතිකමක් නැහැ කියලා හැමදාම නාහෙන් අඬනවානේ.) 


ඩිව් ගුණසේකර - ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාග්‍රතා ඇමති (වැඩකුත් නැහැනේ.) 

Comments

  1. සිරා කතා ටික. මේක ලියපු කෙනාගේ කටේ මසුරන් දාන්න වටිනවා.

    ReplyDelete
  2. නියම යෝජනා ටික

    ReplyDelete
  3. niyamai . . .mama nam 100% ekagai . . .. niyameta select karala tiyenawa . . .

    ReplyDelete
  4. A. Rathana - Indikireem katayuthu emathi

    Anarkalee - Nidikireem katayuthu amathi

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා