Posts

Showing posts with the label අගමැති

අගමැති පුටුවට සීතල යුද්ධය උණුසුම් වන ලකුණු | Cold war for the premiership of Sri Lanka warming

Image
(2010 අප්‍රේල් 18 -  W3Lanka )  නව රජයේ අගමැති ධුරය වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනෙකු අතර සීතල යුද්ධයක් ඇති වී තිබේ.  විධායක ජනාධිපති ක්‍රමයේ ඉතිහාසය පුරා ම රාජ්‍ය නායක අනුප්‍රාප්තිකයා වී තිබෙන්නේ අගමැකිවරයායි. විශේෂයෙන් ම ජනාධිපතිවරයකුගේ දෙවන ධුර කාලය තුළ අගමැති පදවිය දරන්නා හැම විට ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා වී තිබේ. මෙම තත්වය වෙනස් වූයේ ජනාධීපති රණසිංහ ප්‍රේමදාස හදිසියේ මිය යාමත් සමග ජනාධිපති පදවියට පත් වූ ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තරග නොකිරීමට තීරණය කළ අවස්ථාවේ පමණි.  2004දී අගමැති ධුරය ලබා ගැනීම සඳහා බලවත් සටනක් කිරීමට මහින්ද රාජපක්ෂට සිදු වූ අතර, ඒ අවස්ථාව ඔහුට අහිමි වී නම් ඔහුට ගිරුවාපත්තුවේ දි.මු. ජයරත්න වන්නට ඉඩ තිබිණි.  සිය දෙවන ධුර කාලය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන රාජ්‍ය නායකත්වයේ දිගට ම සිටිමින් සිය පුත්‍රයා මීළඟ රාජ්‍ය නායකත්වයට පුහුණු කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපති රජතුමාගේ උපාය වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.  මෙවර අගමැති පුටුව සඳහා සීතල යුද්ධය මධ්‍යයේ ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ අද ලංකාදීප පුවත්පතේ පුවතක් පළ...

කැබිනට් මණ්ඩලය තෝරන්න අපෙන් යෝජනා | Proposals to select cabinet of Ministers of Sri Lanka

Image
කැබිනට් එකක පිංතූරයක් (2010 අප්‍රේල් 12 -  W3Lanka )  ජනාධිපතිතුමා මේ දිනවල අනාගත කැබිනට් මණ්ඩලය තෝරමින් සිටින බව කියනු ලැබේ. එතුමන්ගේ කල්පනාවට ගැනීම සඳහා අපි පහත සඳහන් යෝජනා කීපය කරන්නෙමු. අගමැති - නාමල් රාජපක්ෂ (අනාගතේ ජනාධිපති කරන්න ඉන්න නිසා කොළේ වහල ගහන්න ඕනැ නැහැනෙ. දැම්ම ම දීලා දැම්ම නම් ඒකත් හරිනෙ.) බැසිල් රාජපක්ෂ - ජාතිය ගොඩ ගැනීමේ ඇමති (එතුමා නැතිනම් ජාතිය ගොඩ ගන්න ඉන්නේ වෙන කවුරුද?) උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය මර්වින් ද සිල්වා (ආචාර්ය කෙනෙක්නේ.) වනිතා කටයුතු ඇමති - දුමින්ද සිල්වා (අනර්කලී පළාත් සභා මන්ත්‍රිනියගෙන් අහන්න.)  විමල් වීරවංශ - සංස්කෘතික ඇමති (සීගිරිය බලන්න යන්න දෙන්න.)  චම්පික රණවක - ආරක්ෂක ඇමති (හුග දෙනෙක් නොදන්නව වුණාට මෙයා තමයි යුද්දෙ කළේ. යුද්දෙ ගැන පොතකුත් ලියලා තිබෙනවා.)  එස්.බී. දිසානායක - අධිකරණ ඇමති (හිටපු අග විනිසුරු එක්ක පරණ කේස් එකකුත් තියෙනවනේ.)  සජින් වාස් ගුණවර්ධන - විදේශ ඇමති (එතුමා මිහින් ලංකා බිම දැම්මට එතුමන්ගේ ම කියලා ගුවන් යානාත් ගත්තානේ. ඒවයින් රට යන්න පුළුවන්.)  ...

කවුද හෙට අගමැති ඔහුයි මග ඇති ජනපති | Prime Minister today will be the President of Sri Lanka tomorrow

(2010 අප්‍රේල් 10 -  W3Lanka )  2010 මහ මැතිවරණයේ වැදගත් ම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට විවාදයක් නැත. මහින්ද රාජපක්ෂ පරපුරෙන් අනාගත රාජ්‍ය නායකත්වයට පුහුණු කරන්නා වූ එතුමන්ගේ දෙටු පුත් නාමල් රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයා ඍජුවම මැදිහත් වූයේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සෙසු දිස්ත්‍රික්කවල මෙන් ඡන්ද ප්‍රකාශ කිරීම පහළ මට්ටමක තිබුණ ද, නාමල් රාජපක්ෂ දිවයිනේ වැඩි ම මනාප ප්‍රතිශතය වාර්තා කර තිබේ.  මීළඟට වැදගත් අපේක්ෂකයා වූයේ අනාගත රාජ්‍ය නායකයා වීමේ අපේක්ෂා සහිත ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂයි. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව දිවයිනේ විශාලතම මනාප ගණන වේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරි පෙළ නායකයන් අතරින් මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ද, නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ද, ජෝන් සෙනෙවිරත්න රත්නපුර දිස්ත්‍රික්කයේ ද වැඩි ම මනාප ලබාගෙන තිබේ. සුසිල් ප්‍රේම ජයන්ත මනාප පොරයේදී පිටුපසට වැටී ඇතත්, කොළඹින් තේරී පත් වන්නට සමත් වී තිබේ.  එස්.බී. දිසානායක ද අගමැතිකම අපේක්ෂා කරන්නකු නිසා ඔහු කෙතරම් මනාප ලබා ගන්නේ ද යන්න දැන ගැනීම වැදගත් ය. ඒ සඳහා අප්‍...

නුවර පෙරහරේ පහතරට නැටුම් නොනැටීම හා අගමැතිගේ විරෝධය

Image
(2009 අගෝස්තු 16 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක ‍පාලකයකුට වඩා කතිකයකු ලෙස සැලකීම බලතල රහිත අගමැති තනතුරට හා එකී තනතුර දරණ වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වික්‍රමනායක මහතාට කරන සාධාරණයකැයි සිතමු.  කතිකයකු ලෙස එතුමා කරන කාර්යයේ හුවා දැක්විය හැකි වැදගත් අදහසක් මේ දිනවල එතුමා සිය ගම් ප්‍රදේශය වන හොරණදීත්, කලුතරදීත් කලාකරුවන් සම්බන්ධ උත්සව දෙකකදී ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි.  පහතරට කලාකරුවන් උළෙලවලදී ගැටබෙරය වාදනය කරනමුත්, නුවර පෙරහැරේදී පහතරට යක් බෙරය වාදනය නොවන බව ද, පහතරට කලාංග එයට එක් කරගෙන නැති බව ද, ජාතික උත්සවයකදී එවැනි භේද තිබිය නොහැකි බව ඔහු පැවසීය.  අගමැති වික්‍රමනායක විසින් මේ ස්පර්ශ කර තිබෙන්නේ හුදෙක්ම කලාවට පමණක් සීමා වූ කාරණයක් නොවේ. උඩරට-පහතරට භේදය ද කුලභේදය හා ජාතිවාදය සේ ම සමාජ යටිතලයේ තවමත් සක්‍රියව පවතී. පහතරැටියකු වන වික්‍රමනායක මේ පහර දෙන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් සංස්කෘතියේ උඩරට ආධිපත්‍යවාදයටයි. "ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න" මැයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍...