අනවසර කඩ ඉවත් කිරීම පිටුපස ඇති දේශපාලනය | Politics behind removal of unauthorized structures in Colombo

(2010 අප්‍රේල් 29 - W3Lankaකොළඹ නගරයේ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්ම වන්නේ කොළඹ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි. 


නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි.


සිඟන්නන්ට හා පදික වේදිකාවේ වෙළඳුන්ට සිය රැකියා අහිමි වන්නේ එහෙයිනි. 


කුම්බලා මාළු කෑවා නම් දුක විඳිය යුතු ය. දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආරථික මූලෝපායේ අරමුණ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගා සිටුවා සංවර්ධනයක් අත්පත් කර ගැනීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු ආදිය වැඩි වීමයි. 


ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ. 


පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ආදීනව අනුභව කිරීමයි. 'අපරාධ ජාලය' ලෙස හඳුන්වන ලොක්කන් හා සම්බන්ධ නැති අපරාධකරුවන් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් ද සූදානම්ව තිබේ. 


සුබ අනාගතය යනුවෙන් හඳුන්වන ආර්ථික වෘද්ධියේ දුප්පතුන්ගේ කොටස එයයි. 


'මේක ඉතා ම හොඳ වැඩක්' කියා රූපවාහිනීවලට කියන පයින් යන දුප්පත් මිනිසුන්ට ද හෙට ආර්ථික වර්ධනයේ තම කොටස ලැබෙනු ඇත. 


රජයේ සේවකයන් වැනි මධ්‍යම පංතිකයන්ගේ වාත්තීය සටන්වලට ගුටි බැට ලැබෙන විට රූපවාහිනී කැමරා මේ දිළින්දන් සොයා යනු ඇත. 'මේක ඉතා ම හොඳ වැඩක්' යි එවිට ඔවුන් කියනු ඇත. 


මෙවැනි ධනේශ්වර ආර්ථික සංවර්ධන මූලෝපායන් විසින් සමාජ විෂමතා අධික ලෙස ඉහළ නංවනු ලැබේ. ධනවතුන් තවත් ධනවත් වෙද්දී දිළින්දන්ට තව තවත් දිළිඳු වන්නට සිදු වනු ඇත. පැවැත්ම සඳහා මෙම ආර්ථික යන්ත්‍රයේ ඇණයක් මුරිච්චියක් වන්නට කාටත් සිදු වනු ඇත. බලාපොරොත්තු වන්න. 


මැද කොළඹින් පටන් ගත් මේ ගමන හම්බන්තොටටත් යනු ඇත. 

Comments

  1. We no longer need to be ashamed of our city. These beggars and other scum should be shipped off to the North to work hard and not be a burden to the society.

    ReplyDelete
  2. මං මේක කලිනුත් කියුවා.

    මේ "ලුම්පන් දිළින්දන්ගේ" කඩයක් ලඟ විනාඩි පහක් හිටගෙන හිටියොත් "අපේ බිස්නස් එකක් කරගන්න දීල යන්න මහත්තය පවු නොදී" කියල අහගන්න වෙනවනෙ. ඒක දිළිඳු කම ද? මැර කම ද?

    ලියුම්කරුම පිලිගන්නව මේ අයව එලෙවුවොත් හොරකම් මංකොල්ල පටන් ගන්නව කියල. ඒක තර්ජනයක්. "ලංකාවේ වටිනාම ඉඩම් වල අපට බිස්නස් කරන්න නොදී අපි නරක මිනිස්සු කියන්න එපා" කියන එක නෙවෙයිද ඒක?

    ලකාවෙ ඉන්න අන්ත දිළින්දන්ගෙන් වැඩි පිරිසක් (99% ට වඩා) රට පුරා දුක් විඳිද්දී, මැරකම් කළ හැකි සුළු පිරිසක් පිටකොටුවේ වටිනා ඉඩම් අල්ලා ගැනීම අසාධාරණයක් නොවේද?

    ReplyDelete
  3. Previoulsy Mangala also attempted this. but failed. We hope Gota would do this efficiently. These pavmnet hawkers are no poor. they are clout of people who want to keep them as they are for political reasons. chase all of them away. very good work by MR, for the starters.

    ReplyDelete
  4. Dark Lord, ලංකාවේ හොඳම ඉඩම් කොල්ල කන්නේ මෙවැනි දිළින්දෝ නොව දේශපාලන අනුග්‍රහය ලත් ප්‍රභූවරු ය. ඔවුහු ඒවාට විසිපස් අවුරුදු බදු වැනි නීත්‍යනුකූල පදනම් හදා ගනිති. නිදසුනක් ලෙස, 1970 දශකයේ 'ජනසතු' කළ වතු අද හිමි වී ඇත්තේ කාටද, එම ඉඩම්වලින් රජයට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන කරුණ සලකා බලන්න.

    පිටකොටුවේ කඩයක් ඉදිරියේ විනාඩි පහක් හිටගෙන හිටියොත් අහගන්න වෙන්නේ "අපේ බිස්නස් එකක් කරගන්න දීල යන්න මහත්තය පවු නොදී" කියල විතරයි. දේශපාලන බලය සහිත ප්‍රභූවරයෙකු විසින් කොල්ල කන ලද ඉඩමක් ඉස්සරහා විනාඩි පහක් හිටියොත් වෙන්නෙ මොකක්ද?

    "ලංකාවේ වටිනාම ඉඩම් වල අපට බිස්නස් කරන්න නොදී අපි නරක මිනිස්සු කියන්න එපා" කියන එක ඉතා ම නිවැරදි දේශපාලනික ප්‍රකාශයක්. රටක ඉඩම් හෝ වෙනත් සම්පත් හිමි විය යුත්තේ ඒ රටේ ජනතාවට මිස ජනතාව අතරින් ධනවත් එකෙකුට දෙන්නෙකුට හෝ විදේශිකයන්ට නොවේ.

    ලකාවෙ ඉන්න අන්ත දිළින්දන්ගෙන් වැඩි පිරිසක් (99% ට වඩා) රට පුරා දුක් විඳිද්දී, මැරකම් කළ හැකි සුළු පිරිසක් පිටකොටුවේ වටිනා ඉඩම් අල්ලා ගැනීම අසාධාරණයක් බව ඇත්ත. ඒ ඉඩම් ධනවතුන්ගේ උවමනාවන්ට දුන් විට එය කියන ප්‍රශ්නය විස‍ඳෙනවද?

    තමන්ට ජිවිකාව සලසා ගන්න විකල්පයක් හදා දී තමන් ඉවත් කරන්නැයි ඉල්ලන්න මේ මිනිසුන්ට අයිතියක් නැද්ද? අනෙක මේ පේමන්ට් වෙළඳාම සම්පූර්ණ අසාධාරණ ක්‍රියාවක් නොවෙයි. මේ භාණ්ඩ ම ඇතැම් විට සුපිරි වෙළඳසල්වල අධික මිළට විකිණෙන බව ඔබ දන්නවාද? කේවෙල් කිරීම වෙළඳාමේ එදා සිට පැවති භාවිතාවක්. සුපිරි වෙළඳසල එය ඉවත් කරලා. පේමන්ට් එක එය පවත්වාගෙන යනවා. තොල් රතු කළ ගෑනු ළමයි මිහිරි වදනින් කරන්නේත් පේමන්ට්කාරයන් කරන ක්‍රියාව වන ඔබේ සාක්කුවට තට්ටු කිරීම ම තමයි.

    මේ ආණ්ඩුව සතු ධනවාදී ආර්ථික මූලෝපාය ක්‍රියාත්මක කරන විට මෙවැනි දේ වැළැක්විය නොහැකියි. එහි හොඳ පැත්ත පමණක් දැන ගන්න දිනමිණ කියවීම ප්‍රමාණවත්. නරක පැත්ත පෙන්වා දීම හා එයින් පීඩාවට පත් වන මිනිසුන්ගේ හඬට ඉඩක් දීම අපේ වගකීමක්. අප කරන්නෙ එයයි.

    ධනවාදය තුළ රජ කරන්නේ කැළේ නීතිය වන ශක්තිවන්තයා ජය ගැනීම. ඒත් මොන කැළේවත් දුබලයා මරණයෙන් ගැලවෙන්න සටන් නොකර ඉන්නේ නැහැ.

    ඔබ කැමති නම් බළලාගේ පැත්ත ගන්න. එහෙත් මීයාගේ පැත්තටත් කවුරු හරි සිටිය යුතුයි.

    ReplyDelete
  5. "දේශපාලන අනුග්‍රහය ලත් ප්‍රභූවරු" කරන වැරදි පෙන්නා පේමන්ට් එක අල්ලා ගැනීම සාධාරණීකරණය කරන්න එපා. බළලාගේත් මීයාගේත් දෙන්නාගේම වැරදි වැරදි මයි. දෙක ගැනම ලියන්න. සහයෝගය දෙන්නම්. විල්පත්තුව ගැන ඔබ ලියූ කතාවට සහයෝගය පල කරමින් අප ලියූ සටහන බලන්න.

    පේමන්ට් එකේ දහස් ගනනක් නිසා, දස දහස් (සමහර විට සිය දහස් ගනනක්) දෙනා අපහසුවට ලක් වනවා. නමුත් ලියුම් කරු කියනවා වාගේ සමහර විට ලාබෙට කේවල් කරලා බඩු ගන්නත් ලැබෙනවා.

    මතක තියා ගන්න කේවල් කරලා අඩුවට ගන්න පුලුවං පේමන්ට් එකේ විතරක් නෙවෙයි. සුපිරි වෙලඳ සල් වලින් පිට කේවල් කර අඩුවට බඩු ගත හැකි නීත්‍යාණුකූල කඩ තියෙනවා.

    පේමන්ට් එකේ ඉන්න අයට "විකල්පයක්" දෙනව කියුවොත් මොකද වෙන්නෙ? තව සිය දහස් ගනනක් ඔතන වෙලඳාම් නොකළ අය හෙට උදේ ඉඳන් පේමන්ට් එකේ මොනව හරි තියාගෙන ඉඳියි වන්දි/ඉඩම් ගන්න බලාගෙන. එතකොට වෙන්නෙ මැරකම යොදාගෙන ඒක ඉල්ලපු සියේට එකටත් අඩු පිරිස වෙනුවෙන් එහෙම නොකරපු සියේට අනූ නමයට වඩා වැඩි අයට අසාධාරණයක්.

    අනිත් අයට දෙන පණිවිඩය/පූර්වාදර්ශය මොකද්ද? මැරකමින් තැනක් අල්ල ගත්තොත්, "විකල්ප" දීලම අයින් කරන්න ඕනෙ කියන එක නේද?

    ReplyDelete
  6. කරුණාකර නුගේගොඩ පදික වේදිකාවේ කඩද ඉවත් කරන්න. වසර ගනනාවක සිට මෙය මගීන්ට මහත් හිසරදයක් වී ඇත. මේ පදික වෙළදුන් සියල්ලම වාගේ දේශපාලන මැදහත් වීම් මත මෙම ස්තාන ලබාගෙන ඇති බවද මතක් කරනු කැමැත්තෙමි. අප ඔවුන්ගේ ජීවන මාර්ගය අවහිර කරන බව සැබෑය. නමුත් එසේ කියා මෙය මෙලෙස දිගටම කරගෙන යාමටද දිය නොහැකි බව මතක තබා ගන්න.

    ReplyDelete
  7. Dark Load මම ඔබේ අදහස සමග 100% එකඟයි.

    ReplyDelete
  8. ඇයි මහරගම........ එහෙ කඩත් අයින් කරන්න ඕනි

    ReplyDelete
  9. පදික වෙළෙඳුන් ඉවත් කිරීමට පක්ෂව කථා කරන බොහෝ දෙනා නොදන්න කාරණය තමයි "ගොනා පසුපස එන කරත්ත රෝදය "මෙන් මර්ධනය තමා පසුපසත් එන දවස වැඩි ඈතක නොවන බව. අනෙකුත් නගර වල කෙසේ වෙතත් පිටකොටුවේ කඩ ඉවත් කිරීම පසුපස තියෙන්නේ "වෛරී දේශපාලනය" විතරයි. මොකද කොළඹ පදිංචි මිනිස්සු අනිවාර්ය යූ.ඇන්.පී. කාරයන් වීම.අනෙක් ප්‍රධාන කාරණය තමයි ආණ්ඩුවෙන් පදික වෙළෙන්දන්ට කියල පසුගිය සමයේ බෝදිරාජ මාවතේ සහ ගුණසිංහපුර ඉදිකරපු කඩ පෙළවල් ටික අයිති කර ගත්ත ආණ්ඩුවේම නගර සභා මන්ත්‍රී වරැන්ට , සාමදාන විනිශ්චයකාර කුඩු කාරයින්ට ඒවා ලොකු ලොකු කීමනි අරන් සැබෑ පදික වෙළෙන්දන්ට ඒ ටික බදු දීමේ අවස්ථාව උදා කර දීම. කොටියෙන්ම කියනවනම් ඊළගට එන නගර සභා මැතිවරණයට කැම්පේන් කරන්න තමන්ගෙ ගෝල බාලයින්ට මුදල් සපයා දීම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා