Posts

Showing posts with the label අනවසර කඩ ඉවත් කිරීම

අනවසර කඩ ඉවත් කිරීම පිටුපස ඇති දේශපාලනය | Politics behind removal of unauthorized structures in Colombo

(2010 අප්‍රේල් 29 -  W3Lanka )  කොළඹ නගරයේ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්ම වන්නේ කොළඹ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි.  නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි. සිඟන්නන්ට හා පදික වේදිකාවේ වෙළඳුන්ට සිය රැකියා අහිමි වන්නේ එහෙයිනි.  කුම්බලා මාළු කෑවා නම් දුක විඳිය යුතු ය. දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආරථික මූලෝපායේ අරමුණ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගා සිටුවා සංවර්ධනයක් අත්පත් කර ගැනීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු ආදිය වැඩි වීමයි.  ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ.  පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ...