මට මහලු වයසේ – මොන කෝඩිං ද අයිසේ

W3Lanka බ්ලොග් එක අවුරුදු නවයක් විතර පවත්වාගෙන ගියේ බ්ලොගර් අවකාශයේ. ඒ සඳහා වියදම් වුණේ ඩොමේන් එකට වාර්ෂිකව වියදම් වුණ ඩොලර් 20ක් විතර මුදල විතරයි. හැබැයි බ්ලොග් එකක් දිනපතා අප්ඩේට් කරමින් පවත්වාගෙන යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් ලියන එකට අමතරව තමනුත් අප්ඩේට් වෙන්න ඕනැ. ලියන්න දේවලුත් තියෙන්න එපායැ.
W3Lanka අලුත් අවකාශයකට ගෙනාවෙ අලුත් විදියකට පවත්වාගෙන යන්නයි. සිංහල බ්ලොගිං එක තැන පල් වෙලා හරි යන්නෙ නැහැ. අලුත් ඉසව් හොයාගෙන යන්න ඕනැ.
ඒ වෙනුවෙන් මුලින් ම සයිට් එක හදා ගන්න ඕනැනෙ. ඒකට අපේ ම හොස්ටිං අවකාශයක් මිළ දී ගත්තා සල්ලි සල්ලි කියලා නො බලා. වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හරියට ම අපට ඕනැ විදියට විශේෂඥයකු ලවා කස්ටමයිස් කර ගන්නට තරම් ආර්ථික ශක්තියක් නැති නිසා දන්න තරමින් පටන් ගත්තා. මේක කරන ගමන් ම ඉගෙන ගන්නයි හිතාගෙන ඉන්නෙ. කරගෙන යනකොට රසවත්. මම දැන් දවස් දෙකක් තිස්සෙ එක දිගට පරිගණකය ඉදිරිපිට. මුළු දවසක් ම කරපු සියලු දේවල් අසාර්ථක වුණා. මොකක්දෝ හේතුවකට අතහැර නො දාපු නිසා ටික ටික තේරෙන්නට පටන් ගත්තා. තනිව ඉගෙන ගන්න එක හරි රසවත්.
කොහොම වුණත්, වැදගත් වන්නෙ අන්තර්ගතය නිසා ලියන එක දිගට ම කරගෙන යන්නටයි බලාපොරොත්තුව. මේ සයිට් එකේ අඩුපාඩු කෝඩිං දන්න අයට තේරෙනවා ඇති. ඒවා හදා ගන්න උදව් කරන්න. ඉසුරු බුද්ධික හිතවතා මා ෆේස්බුක්හි ෂෙයා කරපු ප්‍රශ්නෙකට සෑහෙන මහන්සියක් වෙලා විසඳුමක් හොයලා දුන්නා. ස්තුතියි ඔබට.
ආපු ප්‍රශ්න ගොඩක් ඉන්ටර්නෙට් එක පීරලා ම හොයා ගත් එක එක උප්පරවැට්ටි දාලා විසඳා ගත්තා. මේ ව්‍යාපෘතියත් එක්ක මා තේරුම් ගත්ත දේ වන්නෙ කෝඩර්ලා හෙවත් පරිගණක භාෂාවලින් වැඩ කරන අයගේ විශේෂඥභාවය දවසින් දවස ඉහළ තලයකට යද්දි සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නාට සිය සීමිත දැනුමින් කළ හැකි කාර්ය ප්‍රමාණයත් වැඩි වෙනවා.
ඇඩෝබි මියුස් වගේ සේවාවක් එක්ක වෙබ් අඩවියක් හදන එක හා එය පවත්වාගෙන යන එක බොහොම සරල වැඩක් වෙමින් තිබෙනවා. ඒක වර්ඩ්ප්‍රෙස්ට වඩා බොහොම ලේසියි. හැබැයි තරමක් වියදම්. ව්‍යාපාරික මට්ටමෙන් කරන අයට එය දරා ගැනීම අමාරු නැහැ.
මේකත් කියන්න ඕනැ. මේ වෙනස කළේ කවුරුවත් අපට ඒ සඳහා සල්ලි දීලා නෙමෙයි. අපට උදව් කරන්නට කැමති කෙනෙකුට අපට දැන්වීමක් දෙන්න පුළුවන්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා