ජවිපෙ තම ලේ තැවරුණු දෑත් සෝදා ගත යුත්තේ කෙසේද? | How JVP can wash Tamil blood off their hands

(2010 මැයි 31, W3Lankaපහත පළ වන ඡායාරූපවල උතුරේ දෙමළ වැසියන් හමු වෙමින් සිටින්නේ ජවිපෙ දෙමළ නායකයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරන් ය.


පසුගිය සමයේ ජවිපෙ යුද්ධයට දැඩි ලෙස පක්ෂපාත ස්ථාවරයක සිටියේ ය. අවසන් යුද්ධයේදී පවා ඔවුන්ගේ තර්කය වුණේ ආණ්ඩුව යුද්ධය හරි හැටි නොකරන්නේ ය යන්නයි.


එහෙත්, ආණ්ඩුව යුද්ධය අවසන් කළේ ය. ඒ කෙසේද යන්න කවුරුත් දනිති.


උතුරේ මරා දැමුණු කොටි සටන්කරුවා තමන්ගේ ලේ නෑයකු බව රාමචන්ද්‍රන් ඇතුලු ජාතිවාදී නොවන හදවත්  ඇති ජවිපෙ සාමාජිකයනට දැනිය යුතු ය. ඔහු නෑයකු වන්නේ තමන් මෙන් ම පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහිව සටන් කළ බැවිනි. සටන සඳහා තෝරා ගත් මාවතේ ගැටලු තිබිණි.


සටන් මාවත වැරදුණේ උතුරේ දෙමළ සටන්කාමියාට පමණක් නොවේ. දකුණේ සිංහල සටන්කාරමියාට ද එය ම සිදු විය.


මේ දෙපිරිසේ ම නායකයෝ මනා අවබෝධයකින් යුතුව එකිනෙකා තමන්ගේ සතුරා ලෙස අර්ථකථනය කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් දෙකක් අතර යුද්ධයක් නිර්මානය කර ඒ ඔස්සේ ඇති වන අරාජික තත්වය තම කණ්ඩායමට බලය ලබා ගැනීමට පාවිච්චි කිරීමට උත්සාහ කළහ.


මේ දෙපාර්ශ්වයට ම තම ගමන් මග දෙස ආපසු හැරී බලන්නට අවශ්‍ය විවේක බුද්ධිය නොතිබිණි.


මේ මාරාන්තික සෙල්ලම අවසන් වූයේ කොටි සංවිධානය යුදමය වශයෙන් ද ජවිපෙ දේශපාලනිකව ද පරාජය වෙමිනි.


දැන් ඉතින් කළ පව් සමා කිරීමට මේ මවුන්ගේ දෑත් ඇල්ලීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.


සහෝදරයින් මරා දැමීම යනු අම්මාගේ ආදරය මරා දැමීමයි.


උතුරේ සහෝදරයින්ගේ ලේ ‍තම දැත්වලින් සෝදා හරින්නට අවශ්‍ය නම්, ජවිපෙ දැන්වත් ජාතිවාදයෙන් අත්මිදිය යුතු ය. 







Comments

  1. this is good text! i dont think that jvp can understand this condition.my opinion is that let them to be distroyed by them self as usualy.i strongly belleve that you would notable to convince them by this kind of text.but i appreciate this text because you can convince only the people who motive to understand real situvation.

    ReplyDelete
  2. now jvp has become just another party that try to come to the power by hook or crook. I don't think they are sensitive to these kind of criticisms. (but it has a value for people's awareness) In that case, rightists are good. some people in UNP thinks what went wrong and they still try to challenge some popular accepted norms. JVP is trying to exploit opportunities that affected them negatively without any criticism about them. on one side, they try to practice sinhalese nationalism which defeated them, while showing friendliness to the tamil people in the "winning the heart of tamils" competition among the sinhalese parties. it seems w3lanka still believe the traditional leftist view that only proletarians will change the world. many people believe that these parties will hear there voices.

    Apoorwa

    ReplyDelete
  3. ඉංග්‍රීසි මාතෘකා‍වේ Tamil Blood කෑල්ල සිංහල මාතෘකා‍‍වෙන් හැලිලා ති‍‍යෙන්‍‍නේ ඇයි?

    ‍‍කො‍හොම ‍වෙතත් ‍‍මේ ලිපි‍යෙන් LTTE එක සහ JVP එක අතර මතවාදීමය වශ‍යෙන් ‍ලොකු ‍වෙනසක් නැති බව පිළි අරන් ති‍යෙන එක ‍ලොකු ‍දෙයක්. ඇත්‍‍තේ ක්‍රියාත්මක වී‍මේ ‍වෙනසක් පමණයි. (එයක් අනාගත‍යේදී යළි ‍වෙනස් විය ‍නොහැකිද?)

    මා හිත‍‍න්‍‍නේ රාමචන්ද්‍රන් ස‍හෝදරයා චිත්‍රපට සංස්ථා‍වේ අධ්‍යක්ෂ ධූරයකට පත් කළ ‍කොටි නායකයාවත් ‍මෙහිදී සිහි කළ යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා