දිනමිණට ලංකාවේ මුහුදෙන් තෙල් හම්බ වෙලා | Dinamina newspaper has found petroleum from Sri Lanka's sea

(2010 මැයි 01 - W3Lankaදිනමි‍ණේ ප්‍රවෘත්ති ලියන නංගිලා ගැන අපි මීට කලින් කීප වතාවක් ලියා තිබෙනවා. ඒ නිසා නැවත මොකවත් ලියන්නේ නැහැ.


මේ අද දිනමිණ පත්තරයේ 'මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ' මැයෙන් පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත් කොටසක්.


මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය.

මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය.


මෙම ප්‍රවෘත්තියෙන් කියවෙන ආකාරයට මුහුදෙන් තෙල් ලැබී හමාර අතර දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කිරීමට ද පුළුවන.


අපට ඇති ප්‍රශ්නය වන්නේ මෙසේ ලියන්නේ නොදන්නාකමටද නැතිනම් සිතාමතා ම ජනතාව නොමග යවන්නටද යන්නයි.

Comments

  1. මේ රටේ ඉන්නෙ ගොන් හැත්තක් බව දැන ගන්න හොඳම උදාහරනය තමයි පහුගිය ඡන්දෙන් අපේ අය තෝරා ගත් පිරිස. (පොදුවේ හැම පක්ශයකින්ම ) ඉතින් ඒ වගේ ගොන් රැලකට මේ වගේ කතා කියන එක පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
  2. මිනිස්සු නටවන්න දන්නේ අපේ රටේ ඉන්නවනේ ඔවාගේ කතා වලට නටන රැලක් උන්ට

    ReplyDelete
  3. මුහුදෙන් මොන කෙංගෙඩිය ගොඩගත්තත් එතුමන්ලට මිස පොඩි එකාටනම් වැඩක් නොවේ. යුද්ධය ඉවරවෙනකම් ඉවසන්න කිව්ව වගේ තමයි. දැන් ඒක ඉවරවෙලා අවුරුද්දක් වෙනව. ඒකෙන් ලැබුණු හැම වාසියක්ම මිනිස්සුන්ගෙන් ගසා කනව.

    ReplyDelete
  4. මචං දැන් ඔය මුහුද කොටස්වලට කඩලා ඔප්පු ලියලත් ඉවර ඇති

    ReplyDelete
  5. නංගිලා තමුන්ගේ ජංගිය ගලවලා දේශපාලකයින්ට අන්දනවා... දේශපාලකයෝ ජනතාවට ජංගි අන්දනවා...අන්තිමට ජනතාවට ජංගිය! දේශපාලකයින් පත්තරෙන් හෙළුව වහගන්නවා... නංගිලා හෙළුවෙන් අඹරෙනවා.. මේක පත්තර මල්ලිලාටත් පොදුයි...මට තියෙන ප්‍රශ්නේ දුරදිග බලන, අත්දැකීම් ඈති, මැදහත් විචාරකයෙක් ලෙස ස්වර්ණවාහිනියේ මුල්පිටුව මෙහෙයවන, ලේක්හවුස් ලොක්කා වන බන්දුල පද්මකුමාරයන්ට මේවා පේන්නේ නැත්තේ ඈයි කියන එකයි... පද්මය දැන් පරවෙලාද කියලා සැකයි !

    ReplyDelete
  6. ප්‍රවෘත්තිය ගැන ඒ හැටි දන්නේ නෑ... නමුත් අවුරුදු හත අටකදී උඩ කල ද්වීමාන මැනීම් කටයුතු වලින් බටහිර වෙරළේ මන්නාරමේ සිට හම්බන්තොට දක්වා ගැඹුරු මුහුදේ තෙල් ඇති බැව් සනථ කරගන්න ලදී... නොර්වීජියානු සමාගමකින් එම දත්ත ලබාගෙන රජය විසින් ත්‍රිමාන මැනුම් කටයුතු හා කැනීම් පටන් ගැනීමට ලංකාව වටා මුහුද කොටස් 11 කට කඩා ටෙන්ඩර් කිරීමට බලාපොරොත්තුවේ... දැනට ඉන් කොටස් දෙකක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිත්‍ර රටවල් දෙකක් ලෙස සලකා ඉන්දියාවට හා චීනයට ලබා දී ඇත... ඉන්දියානු කෙයාන්ස් සමාගම 2007 දී පමණ ඔවුන්ගේ කටයුතු පටන්ගත්තා...

    ලකාවේ පිරිපහදුව දනට පිරිපහදු කරණුයේ දිනකට බැරල් 50,000 කි... එය ලංකාවේ අවශ්‍යතාවයෙන් දැන් 50% ටත් අඩු ප්‍රමාණයකි... දෙගුනයක් කලහොත් නිමි නිශ්පාදන (ඩීසල් පෙට්‍රල්) වැඩි මුදලක් දී ගන්නවාට වඩා මිත්‍ර රටවල් අතර ගිවිසුම් වලින් අඩු මිලට දීර්ඝ කාලින කොන්ත්‍රාත්තු මගින් බොරතේල් ලබා විශාල ඉතිරියක් කර ගත හැක... මේ අවශ්‍යතාවය අවුරුදු දහයකටත් එහා සිට තිබෙන්නකි... පත්වූ විවිධ රජයන්ගේ ප්‍රතිපත්ති පටලැවිලි නිසා යටපත්වී තිබුනා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා