Posts

Showing posts with the label petroleum

දිනමිණට ලංකාවේ මුහුදෙන් තෙල් හම්බ වෙලා | Dinamina newspaper has found petroleum from Sri Lanka's sea

Image
(2010 මැයි 01 -  W3Lanka )  දිනමි‍ණේ ප්‍රවෘත්ති ලියන නංගිලා ගැන අපි මීට කලින් කීප වතාවක් ලියා තිබෙනවා. ඒ නිසා නැවත මොකවත් ලියන්නේ නැහැ. මේ අද දිනමිණ පත්තරයේ 'මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ' මැයෙන් පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත් කොටසක්. මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය. මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය. මෙම ප්‍රවෘත්තියෙන් කියවෙන ආකාරයට මුහුදෙන් තෙල් ලැබී හමාර අතර දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කිරීමට ද පුළුවන. අපට ඇති ප්‍රශ්නය වන්නේ මෙසේ ලියන්නේ නොදන්නාකමටද නැතිනම් සිතාමතා ම ජනතාව නොමග යවන්නටද යන්නයි.