විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය කවදා ද? | When is Wimal Weerawansa's fast unto death?

(2010 ජුලි 01, W3Lankaලංකාව පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඇමති විමල් වීරවංශ පවසයි. 


මේ පිළිබඳව ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ සෙසු ජාතික සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය. 


එපමණක් නොව ජනතාව ලවා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලවා බෑන් කී මූන් එකී කමිටුව විසුරුවා හරින තෙක් කාර්ය මණ්ඩලය සිර කර ගත යුතු බවක් විමල් කී බව ද කලම්බු ටුඩේ නමැති වෙබ් අඩවිය පවසා තිබේ. 


ආණ්ඩුවේ ම ඇමතිවරයකු වන විමල් වීරවංශ කරන මෙම ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ලැබී තිබිණි. එය එක්තරා අන්දමකින් ලංකාවේ පාලකයන්ගේ අසහනය හා ස්වයං විනාශකාරී ප්‍රවේශය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේදී සලකුණු වීම වැළැක්විය නො හැකි ය. 


තග දමා මේ ගනුදෙනු බේරා ගැනීමට හැකි වේ ද යන්න සැක සහිත ය. එසේ ම, බෑන් කී මූන්ට එරෙහිව එක් එක් රටවලින් ප්‍රකාශ ඉල්ලන්නට යාම ද සාර්ථක වී නැත. කමිටුවට එරෙහිව ප්‍රකාශයක් කළේ රුසියාව පමණි. 


ලංකාවේ ලොකු ම ජාත්‍යන්තර හිතවතා වන චීනය පවා දැන් කලින් තමන්ට තිබූ චෞර රාජ්‍ය හැඳුනුම්පත වෙනස් කර ගනිමින් ලෝක නායකත්වය සඳහා හැඩ ගැසෙමින් සිටින බැවින් රුසියාව තරමින් ලංකාව, සුඩානය වැනි රටවල් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. 


සුඩාන ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව යුද අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු පවරා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන තෙක් මේ රටවල් එය වැළැක්වීම පිණිස නිෂේධ බලය පාවිච්චි කළේ නැත. 


ලංකාවේ පාලකයන් ද සුඩාන සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගන්නේ නම් එය ඔවුන්ගේ ම යහපතට හේතු වනු ඇත. එසේ නොමැතිව, රට රටවල් අතර ගැටුම් මැද අනතුරුදායක සෙල්ලම් කරන්නට යාමෙන් හා රා හැළියේ වැටී වෙරි වූ මීයන් වැනි අය ලවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිළවීමෙන් සිදු වන්නේ මේ ප්‍රශ්නය විසඳීම නොව තව තවත් අවුල් වීම පමණි. 


ලෝක දේශපාලනයේදී මෙන් ම, දේශීය දේශපාලනයේදී ද අද අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් මැරූ හමුදා භටයන්ගේ වැනි හැසිරීම් නොව සංහිඳියාවයි. ලංකාවේ ආණ්ඩුව කෙළවා ගන්නේ සංහිඳියාවකට සූදානම් නැති අහංකාරය නිසා ය. 


නැතිනම්, ලංකාවේ පාලකයන්ට සිදු වන්නේ මුගටියා මැරූ බ්‍රාහ්මණයාට සිදු වූ දේ ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. උපවාසය පටන් ගත්තා දැන් මොකද කියන්නේ

    ReplyDelete
  2. @Anonymous

    No , No Not yet, Only talking about it.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා