අපේ අලුත් සතුරා බැන් කී මූන් | Sri Lanka finds out an enemy in (Ban Ki-)Moon

(2010 ජුලි 07, W3Lanka
සතුරා විසින් වට කර ගත්තේ යයි හැ‍ඟෙන කල බොහෝ රුසියානුවන්ට සැබෑ මානසික සහනයක් දැනේ. දේශපාලකයන්ට එය වගකීම්වලින් පළා යාම සඳහා මාර්ගයක් ලෙස පාවිච්චි කළ හැකි ය. ටික කලකට ඉහතදී පුවත්පත් කලාවේදියකු සමග කළ සාකච්ඡාවක් මට සිහිපත් වේ. කියුබාව ඇමරිකානු නාවික හමුදා විසින් වටකිරීමට භාජනය වී සිටි සමයේ කියුබානු කැබිනට් රැස්වීමක‍ට සවන් දුන් මෙම පුවත්පත් කලාවේදියා වාර්තා කළ පරිදි ජනේලයෙන් පිටත ඈත සිතිජයේ එක දිගට නතර කර තිබුණු එක්සත් ජනපද යුද නැව් දෙසට ඇඟිල්ල දිගු කළ ෆිදෙල් කැස්ත්‍රෝ මෙසේ කීවේ ය. "උන් ගියොත් එහෙම අපට මේවා කාඩ්බෝඩ්වලින් හරි හදා ගන්න වෙනවා."
-මොස්කව්හි ලෙවාඩා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක, සමාජ විද්‍යාඥ ඇලෙක්සේයි ලෙවින්සන්


ප්‍රභාකරන් වෙල්ලිමුල්ලිවයික්කාල්හිදී අවසන් සටනින් පැරදුණ දවසේ සිට ලංකාවේ ආණ්ඩුවට සතුරකුගේ පුරප්පාඩුවක් තිබේ. 


දෙමළ ඩයස්පෝරාව සතුරා ලෙස පෙන්නන්නට දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. එකක්, දෙමළ ඩයස්පෝරාවේ රුද්‍රකුමාරන් වැනි නායකයන්ගේ රූපය ම වුව සිංහලයන් තුළ බියක් ඇති කිරීමට තරම් නොවේ. ඩයස්පෝරාවේ සිටින කොටින් යයි කියන සෙසු පූසන් ඡායාරූපයක්වත් නිකුත් කරන්නට බිය නිවටයෝ ය. 


සිංහලයන්ට බියක් ඇති කරන්නට තරම් පෞරුෂයක් තිබුණු ඉතිරි වී සිටි කොටියා වන 2006 සිට ම ආණ්ඩුව සමග ගනුදෙනු කළ කුමරන් පත්මනාදන් ද විසුම්පායේ මූල කඳවුරට ආපසු පැමිණීම හේතුවෙන් එක පැත්තකින් ආණ්ඩුවට පාඩුවක් සිදු වී තිබේ.  එහෙත්, ඔහුගේ උදව්වෙන් දෙමළ ඩයස්පෝරාවට වැඩේ දෙන්නට පුළුවන් යයි විශ්වාසයක් ඇති හෙයින් ආණ්ඩුව දැන් ඒ සතුරා අතහැර දමා අලුත් එකෙක් අල්ලාගෙන ඇත. 


ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ය. 


කොහොමද ඊයෙ මහ රජ්ජුරුවන්ගේ දේශපාලන පුත්‍ර රත්නය එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට අල්ලපු ජල්ලිය? ආණ්ඩුව ජාතික නිදහස් පෙරමුණේ නමින් එය කෙතරම් සියුම් ලෙස සැලසුම් කර තිබෙනවාද කියනවා නම් බලන්න විමල්ගේ ඇඳුම. හමුදා ඇඳුමට සමාන බුෂ් කෝට් එකක් හා ලෙනින් කැප් තොප්පිය එක්ක විමල් බැරියර් පෙරළගෙන එන දර්ශනය කෙතරම් සටන්කාමී ද? මේවා තමයි, නියම දේශපාලන සුත්තර.


ඒත්, මේවාට සෙනග, ප්‍රවාහනය ආදිය සපයන එක ආණ්ඩුවට දිගට ම කරන්න බැහැ. ඒ නිසා යම්කිසි චිරස්ථායීකමක් ඇති කර ගන්න ජාතික නිදහස් පෙරමුණ සමත් විය යුතුයි. විමල් අකැමැති වුණත් මේකට කියාපු කොන්ත්‍රාත්කරුවා ජවිපෙ. උන් ඉතින් රෙද්ද පෙන්නුවා ම ඒක සල්ලි දීලා අරගෙන, කපලා, මහලා ගොන්නුන්ට ඇඳගන්න හොඳට දන්නවානේ. 


හැබැයි, ලංකාවේ රැඩිකල්වාදීන් අතරින්, ක්‍රමය තුළ දීප්තිමත් අනාගතයක් ඇති බව පෙන්වා තිබෙන එක ම පුද්ගලයා වන විමල්ට ඉස්සරහට යන්න මේක තමයි පාර. 


දැන් චම්පිකලා යටත් වෙලා, ලද දෙයින් සැනසිලා, රාජ්‍ය තාන්ත්‍රික වෙලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න බටහිර රටවල කොන්ෆරන්ස්වලට යන්න වීසා ගන්නේ කොහොමද වගේ ඒවා. ඒගොල්ලෝ හැංගිලා ගෝල බාල සොක්කන්ව උද්ඝෝෂණවලට එවන්නේ ඒ නිසානේ. හැබැයි, විමල් ඒවට බය නැති මිනිහා. ලොම් හැළිච්ච ඇමති‍ කෙනෙක් වෙනවා වෙනුවට 'රට භාරයි නුඹට පුතේ' වෙන්න නම් බැරියර් කඩාගෙන යන්න ඕනැ. 


ඒ වුණාට විමල්ට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ අගෝස්තු 15 සිට ජී.එස්.පී. ප්ලස් අහිමි වුණාම ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇති වන ප්‍රශ්න, රු. 2500 වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව කැඩුවා ම රාජ්‍ය සේවයේ ඇති වන ප්‍රශ්න, බඩු මිළ, අලුත් බදු ආදිය නිසා වැඩි වන ජීවන බර ආදී ප්‍රශ්න ජනතාවට අමතක කරන්න පුළුවන් මට්ටමට මේ උද්ඝෝෂණය දිවයින පුරා මතු කර ගන්න පුළුවන් වුණොත් පමණයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. හොඳ ලිපියක්...ගත යුත්තක් තියෙනවා.

    ReplyDelete
  2. Wimal is only a invisible hand of the MR family & they are using him for the maximum.Wimal will never be able to rally the masses when it comes to fighting for the rights of the people,because he is already a pawn.Look clearly at the crowd,they are only the back lickers of Wimal for a discarded bone.

    ReplyDelete
  3. Wimal , Hela urumaya gang will take this country to ruin very soon. People are already feeling it. what can they do? You Just Wait

    ReplyDelete
  4. මේක ලියපු කෙනාට සිOහලකම පිහිටා නෑත්තේ ඈයි දෑයි සෑකයක් පවතී. මේ අවජාතිකයාට අනුව බෑලුවොත්...,
    අතීතයේ සිට පෑවති සියලු අත පෙවීම් වලට විරුඩද්දව ජාතික වීරයන් තම ලේ හලමින් ජිවිත පූජා කලේ පොදු සතුරෙක් නෑතිකමට සතුරෙක් නිර්මාණය කිරීමටය.....
    පෘතුගීසින්, ලන්දේසින් ගෙන් පසුව් ආ ඉOග‍්රීසින් ට විරුද්ද වු අපගේ ජාතික විරුවන් ක‍ර ඈත්තේ පොදු සතුරෙක් නෑතිකමට බොරුවට විරුද්ද වීමය...

    මෙවන් අදහස් ඈති අය එදා නොහිටියේ ජාතියේ වාසනාවටය...
    නමුත් මෙවෑන්නවුන් අද ඉපිද ඈත්තේ කාගේ අවාසනාවටද...?

    ReplyDelete
  5. "දැන් චම්පිකලා යටත් වෙලා, ලද දෙයින් සැනසිලා, රාජ්‍ය තාන්ත්‍රික වෙලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න බටහිර රටවල කොන්ෆරන්ස්වලට යන්න වීසා ගන්නේ කොහොමද වගේ ඒවා."

    Parakum is bitter about them. Sorry mate, you are not good enough to be in their boots. You are an epic failure politically who was in a three wheeler party with their own small universes, so distant from the heart beat of Sri Lankans. Don't be jealous mate, you are a looser

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා