බ්ලොග් අවකාශයේ අම්පයර් යයි සිතන taboosubjectsගේ බුද්ධිමය චණ්ඩිකම් | Intellectual thuggery of Taboosubjects
(2010 අප්‍රේල් 30 - W3Lanka ) සිංහල බ්ලොග් අවකාශයේ අවසන් තීන්දු දෙන 'බුද්ධිමතා' තමා යයි සිතාගෙන හැසිරෙන taboosubjects අප පිළිබඳව ද විනිශ්චයක් නිකුත් කර තිබේ. ඒ අප විසින් ලියන ලද 'ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු' ලිපියෙහි අදහසක් සටහන් කරමිනි. මෙසේ පවසයි. 'ඉතාම කනගාටුවෙන් කිවයුත්තේ මේ ලේඛකයාගේ ආර්ථික-දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම අතිශය දුර්වල බවයි. මම ඔහු නිවැරදි කිරීමට කිහිප වතාවක්ම උත්සාහ ගත්තෙමි. ඒත් සුපුරුදු මෝඩ කතා පුනරුච්චාරණය කිරීමෙන්ම පෙනෙන්නේ ඒ කිසිවකින් ඵලක් නොවූ බවය. මම ඒ වරද නැවත නොකරමි.' 1980 දශකයේ මුල්භාගයේදී ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස ආරම්භ කර අන්තිමට ම හුදකලා වීත් තව ම අවසන් කර නැති මගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය අතරතුරදී මෙවැනි බුද්ධිමය චණ්ඩින් සිය ගණනක් මට හමු වී තිබේ. ධනවාදියකු ලෙස තමන් හඳුන්වා ගත්ත ද taboosubjectsගේ භාවිතාව විසින් අපට සිහිපත් කරන්නේ වමේ චණ්ඩි කණ්ඩායම් නායකයන් හෙවත් ගැං ලීඩර්ස්ලාගේ ලක්ෂණයි. උගතකු, බුද්ධිමතකු හෝ කොළඹ දේශපාලන කවවල සාමාජිකයකු නොවන, හද්දා පිටිසර ගමක ජීවත් වන, අඩුත