හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි

ැා
නියෝජ්‍ය ඇමති රත්තරං සහ ආණ්ඩුව පර සක්වල ගහමින් අර ෂෝක් එකට තියෙනවා ය කියූ හම්බන්තොට වරාය කටේ ගල් පර්වතයක් තියනවා ය කියා ඒක හැදූ විශ්වකර්මයා වන ඇඹිලිපිටියේ ගලප්පත්ති‍ගෙන් අසූ නමයේදී බේරී රටේ අනාගතය වෙනුවෙන් තිලිණ වූ බන්දු වික්කරම ආචාරිතුමා රොයිටර්ට කියා තිබේ. 


මේ ගල කඩන්නට ආණ්ඩුව චීනයෙන් ඩොලර් මිලියන 40ක් හෙවත් කජු ඇට, කොස් ඇට නො වන රුපියල්  4,404,147,200ක් හෙවත් කෝටි 440ක් වැනි සොච්චම් මුදලක් ණයට ඉල්ලා ඇති බව උන්නැහේ රොයිටර්ට කියා ඇත. 


එපමණක් නො ව, මේ වරාය හදන්නට පෙර පටන් ම මේ ගල එතැන ඇති බව උන්නැහේලා දැන සිටි බව ද රොයිටර්ට කියා ඇත. 


අවුරුද්දකට පෙර 2010 අගොස්තුවේදී ඩෙඟා නටා මේ වරායට වතුර පිරවූ අතර, වරාය නිකම් තිබුණත් අපි චීනයට පොලී ගෙවමින් සිටිමු. 


උන්නැහේලාට මොකද ඉතින්?


තවත් ලිපි: 
හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?
වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. muta lajjawak nedda...ponna bandu wicramaya...for this "sin of lying" he will be born his next life in a country where some one like MR govern...yes a country like a hell....the worst suffering god can offer...

    ReplyDelete
  2. දැන් ගල හොඳට පොඟලා ඇති... ඉතින් කඩන්න ලේසියිනෙ.....

    ReplyDelete
  3. වික්‍රම කියන ඔය හරක ඒ දවස් වල ඉදලම කලේ ඔය වගේ හරක් වැඩ තමා...

    ReplyDelete
  4. බල්ලො ........

    ReplyDelete
  5. මේ වැඩේට යන්නේ සුමාන දෙකකි. නැව් එන්නෙත් නැති එකේ වවුල්ලු ලගින වරායේ බිල්ඩිං ටික මේ වැඩේට හොඳටම සෑහේ. මුලිංම කල යුත්තේ අයි.ටී.එන්. එක ගලෝගෙන ගිහිං ඔය බිල්ඩිමකට දමා ඇන්ටෙනාව දොඹකරේක ගැටගහලා දෙන එකය. අල්ලපු බිල්ඩිං එකට ජාතික එකේ කට්ටිය දැමිය යුතුය. බේරේගෙදර උන්දලා සේරම ගිහිං දැම්මොතින් හෙම හම්බන්තොට ඈයිංට බොන්ඩ කසිප්පු ඩිංගක්වත් ඉතුරු නොවෙන හෙයිං නෙලුං කුමාරයා විතරක් ගිහිං දැම්මත් ඇතිය. ඊළඟට කැබිනට් තීරණ දැනුම් දීමේ සහ ආණ්ඩුවේ අනිකුත් මාද්‍ය සාකච්ඡාද එක සුමාන දෙකකට වරායේ තැබීමට නිර්දේස කෙරේ. මේ සුමාන දෙක ඇතුලත ඩිල්කාගේ ප්‍රදානත්වයෙං ජනපති ජන හමුවක්ද අනිවාර්යෙංම මෙතනදීම පැවැත්විය යුතුය. ඊට අමතරේට ආන්ඩුවේ එල්ලී යන මැක්කා වර්ගයේ පක්ස වල මාද්‍ය හමු දවසට එක බැගින්වත් මෙහි තැබීම අනිවාර්යය.

    මල්වංස මැතිතුමාගේ මීළඟ අති සාර්තක මාරාන්තික උපවාසයද මෙතනදීම පවත්වාගන්නට ලැබුනොත් හෙම ගොඩේ ගොඩය. මේ සුමාන දෙකේ කැබිනට් මණ්ඩලේ හත්අට දෙනෙක්වත් සමග පොලිස්පති තුමාද අනිවාර්යෙං වරාය බූමියේ රැඳී සිටිය යුතුමය. එතුමන්ලාගේද සහබාගිත්වයෙං 'හම්බන්තොට අපේ ගම' වැඩසටහන සහ 'වරායේ ආස්චර්යමත් කලුගල' නමැති දොරමඬලාව සංවාදාත්මක හරසරණිය ජැටිය අද්දරම පැවැත්වීමට හැකිනම් වඩාත් ප්‍රතිපලදායකය. හසන්තගේ සහායට ජැක්සන් මහතාද යොදවන්නේ නම් මැනවි.

    ප්‍රතිපල සහතිකය. කෝටි 480 ම ඉතුරුය. දේසීය තාක්සනයක් නිසා ආඩම්බරේද අපිටමය. සති දෙකක් ඇවෑමෙන් ඔය මහා කලුගල හත්කඩකට පැලේ.
    අත්දුටුවයි ..! සත්තයි...!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා