හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?
(2011 අප්‍රේල් 25, W3Lanka) හම්බන්තොට වරායේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක් නිසා එයට නැව් ඇතුල් කළ නො හැකි බව විපක්ෂය පවසයි.
ගල ගැන වාද කරන්නට තමන් සූදානම් බව විවාදයක් යනු කටින් හෝ අතින් පයින් ගසා අනෙකා මෙල්ල කිරීම යයි සිතා සිටින ශික්ෂණයේ ගැටලු ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයකු වන රෝහිත අබේගුණවර්ධන පවසයි.
පවත්වන්නට නියමිත මේ වාදය පානදුරා වාදය වැනි එකක් වනු ඇද්දැයි අපි නො දනිමු. එයට ඇතැම් විට හම්බන්තොට වාදය හෝ ගලේ වාදය යයි කියා ඉතිහාසයේ සඳහන් වන්නට පුළුවන.
ගලේ පැහැරූ බළලාට ඇති ප්‍රශ්නය වන්නේ ඒ අසූචි ගොඩ වසා ගැනීමට වැලි නැති වීමයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ වාර්තාවකට අනුව, වරාය බේසම හා පිවිසුම් මාර්ගය හෑරීමේ අමතර කටයුතු සඳහා චීන කොන්ත්‍රාත්කරු කජු ඇට කොස් ඇට නො වන රු. බිලියන 4.8ක් ඉල්ලා ඇති බව වරාය අධිකාරියේ සභාපති හා මේ වරාය හැදූ විශ්වකර්මයා වන ප්‍රියත් බන්දු වික්‍රම පවසා ඇත. මේ වනාහි මහජන මුදල් ගෙඩි රුපියල් 4,800,000,000කි. නැතිනම් කෝටි 480කි. ගම් 480කට කෝටිය, කෝටිය දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නංවන්නට වැය කරන්නට තිබූ මුදලකි. දුප්පතුන්ට රු. ලක්ෂ දහය බැගින් වටිනා ගෙවල් 4800ක් හදන්නට තිබූ මුදලකි. පාරවල්, පාසල්, රෝහල් විශාල ගණනක් සංවර්ධනය සඳහා යොදන්නට තිබූ මුදලකි.
තවත් සමහර මාධ්‍ය වාර්තා අනුව මේ ගල් පර්වතය පුපුරුවන්නට යන වියදම රු. බිලියන 16ක් පමණ හෙවත් කෝටි 1600ක් පමණ වේ. රජයට ඍජුව ම සම්බන්ධ වෙබ් අඩවියක් වන Colombo Pageහි ද මේ බව සඳහන් වේ.
ගල කැඩීම සඳහා යන වියදම වැඩි වන්නට හේතුව වරායේ වතුර තිබීම බව ද, වරායේ ඉදි කර ඇති ස්ථාවර ඉදි කිරීම්වලට හානියත් නො වන පරිදි පරිස්සමින් එය කිරීමට සිදු වී ඇති බව ද, මාධ්‍ය වාර්තා පවසයි.
දැන් මතු වන ප්‍රශ්න මේවා ය. වරාය මැද මහ ගලක් තිබියදී ජවුසන් නටා ලහි ලහියේ වරායට වතුර පිරෙව්වේ ඇයි?
හම්බන්තොට වරාය හදන්නට ලංකාවේ ආණ්ඩුව ඩොලර් මිලියන 360ක් හෙවත් රුපියල් කෝටි 4000ක් පමණ වැය කරන්නට ඇස්තමේන්තු කර තිබිණි. එයින් ඩොලර් මිලියන 306ක් ම චීන රජයේ එක්සිම් බැංකුව විසින් පොලියට දුන් ණයකි. වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව චීනයට ලබා දීම මේ ණය සඳහා මූලික කොන්දේසියකි.
ඉතිරි මුදල් ද රජය වියදම් කරන්නේ දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණයවලිනි.
දැන් ගල කැඩීමට අමතරව වියදම් කරන්නට යන මුදල ඩොලර් මිලියන 148ක් බව Colombo Page වෙබ් අඩවියේ දැක්වේ. මෙය වරාය හදන්නට ගිය වියදමින් අඩකට කිට්ටු වේ.
රු. බිලියන ගණන් මහජන මුදල් සමග මේ සෙල්ලම් කරන්නේ පරම්පරා කීයක් උගසට තබා ගත් ණයවලින් ද?
මේවාට වග කිව යුත්තන් යා යුත්තේ කුමන අපායකට ද?
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මේ මුදල කෙතරම් විශාල එකක් ද යත්, 2010 අයවැය ලේඛනය අනුව, මුළු රටේ ම සෞඛ්‍යය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල රජය කරන උපරිම ආයෝජනය පුරෝකථනය කර තිබෙන්නේ ද රුපියල් බිලියන 40.8 ක් ලෙසයි.
ගල කැඩීම සඳහා යන වියදම වැඩි වන්නට හේතුව වරායේ වතුර තිබීම බව ද, වරායේ ඉදි කර ඇති ස්ථාවර ඉදි කිරීම්වලට හානියත් නො වන පරිදි පරිස්සමින් එය කිරීමට සිදු වී ඇති බව ද, මාධ්‍ය වාර්තා පවසයි.
දැන් මතු වන ප්‍රශ්න මේවා ය. වරාය මැද මහ ගලක් තිබියදී ජවුසන් නටා ලහි ලහියේ වරායට වතුර පිරෙව්වේ ඇයි?
හම්බන්තොට වරාය හදන්නට ලංකාවේ ආණ්ඩුව ඩොලර් මිලියන 360ක් හෙවත් රුපියල් කෝටි 4000ක් පමණ වැය කරන්නට ඇස්තමේන්තු කර තිබිණි. එයින් ඩොලර් මිලියන 306ක් ම චීන රජයේ එක්සිම් බැංකුව විසින් පොලියට දුන් ණයකි. වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව චීනයට ලබා දීම මේ ණය සඳහා මූලික කොන්දේසියකි.
ඉතිරි මුදල් ද රජය වියදම් කරන්නේ දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණයවලිනි.
දැන් ගල කැඩීමට අමතරව වියදම් කරන්නට යන මුදල ඩොලර් මිලියන 148ක් බව Colombo Page වෙබ් අඩවියේ දැක්වේ. මෙය වරාය හදන්නට ගිය වියදමින් අඩකට කිට්ටු වේ.
රු. බිලියන ගණන් මහජන මුදල් සමග මේ සෙල්ලම් කරන්නේ පරම්පරා කීයක් උගසට තබා ගත් ණයවලින් ද?
මේවාට වග කිව යුත්තන් යා යුත්තේ කුමන අපායකට ද?
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
ඔය වියදම් වගේද, ගල කඩල ගොඩට ඇද ගත්තම කොච්චර බිල්ඩින් පාරවල්, බෝක්කු, එකී නොකී කීයක් දේවල් වලට පාවිච්චි කොරන්න පුලුවන්ද? ඒ ප්‍රොජෙක්ට් වලින් තව කීයක් ගහ ගන්න පුලුවන්ද?
ReplyDeleteමේ වරාය නම් මහ මෝඩ ව්‍යාපෘතියක් , ඔය සල්ලිවලින් වෙන කොච්චර වැඩ කරන්න තිබුනද ? චීන සමාගම් හරහා හරි කොලඹ සංවර්ධන වැඩ වලට හරි යොදා ගන්න තිබුනා
ReplyDeleteKoheda me Apaya thiyenne...
ReplyDeleteapay wishwa karama Janadipathiya gala kadannay natuwa gala kapala oya waraya goda daanawamay aayeah dekak nhe:))))
ReplyDeleteඇයි ඕයි ලංකාවේ හොඳට ගල් කපන අය නැද්ද?
ReplyDeleteyako mun harak wage wada karala awage paw gewanna wela thgiyenne badu gewana ahinsaka janathawata.ammage appage budale wage wiyadam karanne gini poliyata ganna salli.
ReplyDeleteමල පනිනව බන් මේවට නම්...
ReplyDeleteඅණ්ඩුවට ගල කඩනවට වැඩිය කපන එක ලේසී නේද,,ඊලඟ ගුවන් තොටුපල සුන්දර කඳුවල්ලකින් වටවූ භූමියක ඉදිකොට, කන්ද කැපීමට චීනයටම කොන්ත්‍රාත් දුන්නද මා හට නම් පුදුමයක් නැත,
ReplyDelete/* මේවාට වග කිව යුත්තන් යා යුත්තේ කුමන අපායකට ද? */
ReplyDeletePick one:
සතර අපාය
නිරය, තිරිසන්, අසුර, ප්‍රේත
කළුගල පුපුරුවන්න හුරුල්ලාගෙන් දේසීය ක්‍රමයක්.....
ReplyDeletehttp://mohomadgepalamalla.blogspot.com/2011/04/blog-post.html
mewata kiyanne baduth hamuduruwange naduth hamuduruwange kiyala lolzz
ReplyDeleteඅනේ දෙවියනේ දැන්වත් පැමිණෙන්න
ReplyDeleteරට කරනා මල යක්ෂයා එලවන්න
මොළ පුස් කැ උන් හට මොළ ගෙඩි දෙන්න
රුපවාහිනි itn වනසන්න
මම හිතුවේ ගල පෙඟුනහම කඩන්න ලේසිය් කියල!!
ReplyDelete