මිනීමැරුම් සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවෙන් පළා යන්නට තැත් කර වෙඩි කන්නට සැරසෙති | Two murder suspects planning to get shot after trying to escape

(2010 මැයි 07 - W3Lankaමැදිරිගිරිය ඇටඹඔය පොලිස්‌ මුර පොළේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස්‌ සැරයන් ඊ. ඒ. සරත් නන්දලාල් මහතා වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරෙන සිවිල් ආරක්‌ෂක භටයින් දෙදෙනාගේ ඇටඹඔය පිහිටි නිවෙස්‌වලට පෙරේදා (05 දා) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් ගිනිතබා තිබේ.


ප්‍රදේශයේ ජනතාව අතර ඉතාමත්ම ජනප්‍රියව සිටි පොලිස්‌ නිලධාරියකු වූ පොලිස්‌ සැරයන් නන්දලාල් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ ගම්වාසීන් විසින් මෙම නිවෙස්‌වලට ගිනි තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව දිවයින පොළොන්නරුව වාර්තාකරු කරුණාරත්න ගමගේ පවසයි.


පොලිස් නිලධරියා කෙතරම් ජනප්‍රිය ද හා පිරිස කෙතරම් ප්‍රකෝපකාරී වී සිටියා ද යත් 'ප්‍රකෝපවූ පිරිස්‌ විසින් එම ගෙවතුවල පොල්, කෙසෙල් ආදී ගස්‌ වර්ගද කපා විනාශ කොට ඇත.' මේ ගමේ 'ප්‍රකෝපකාරී වූ වැසියෝ' නම් අමුතු ම පිරිසකි. ගම්වල වැසියෝ කෙතරම් තරහ වුණත් භව භෝග විනාශ නොකරති. අනෙක මිනීමැරුවත් තමන්ගේ ම ගම්වැසියන්ට එහෙම කරන්නට පෙළඹෙන්නේ කලාතුරකිනි.


මිනීමැරුම් යනු ලංකාවේ ඉතා කලාතුරකින් සිදු වන ක්‍රියාවක් නිසා මේ 'ගම්වැසියන්' මෙසේ ප්‍රකෝපකාරී වුණා විය හැකිය.


මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට එකම පවුලේ සහෝදරයන් වන ඇටඹඔය ගම්මානයේම පදිංචිකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 


ඇටඹඔය පොලිස්‌ මුර පොළේ සිවිල් ආරක්‌ෂක භටයන් දෙදෙනකු වන මොවුන් දෙදෙනාට වහා ආරක්ෂාව සැපයිය යුතුව ඇත. නැතිනම් ඔවුන්ට පොලිස් සැරයන් මැරූ ගිනි අවිය පෙන්නීමට ගිය විට එයින් පොලිස් නිලධාරීන්ට සුළු තුවාල සිදු වන හෝ නොවන පරිදි පහර දී පළා යන්නට සිතෙනු ඇත. එවිට පොලිසිය විසින් දනින් පහළට වෙඩි තබන්නට ඉඩ තිබේ. එසේ වෙඩි තබද්දී ඔවුන් ඔලුවෙන් සිට ගැනීමට ඉඩ තිබේ. එවැන්නක් සිදු වුවහොත් ඔවුහු වෙඩි වැදී මිය යාමට පුළුවන.


මේ වාර්තාකාරයා හා ඔහුගේ පත්තරය ගැන කීමට ඇත්තේ 'අනේ පව්!' කියා ය.

Comments

  1. mene maruwekuta nese daduwam nolabena rataka,asen dutuweku sakkeyak nokeyana rataka,manawa hwmwkam aparada karuwan araksha karana rataka, police menemarum ma anuma tha karame. a hath a menemaruwama weya ythu athre meyageya aya hada pudgala yaku nam pamani

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා