Posts

Showing posts from May, 2010

ජවිපෙ තම ලේ තැවරුණු දෑත් සෝදා ගත යුත්තේ කෙසේද? | How JVP can wash Tamil blood off their hands

Image
(2010 මැයි 31,  W3Lanka )  පහත පළ වන ඡායාරූපවල උතුරේ දෙමළ වැසියන් හමු වෙමින් සිටින්නේ ජවිපෙ දෙමළ නායකයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. පසුගිය සමයේ ජවිපෙ යුද්ධයට දැඩි ලෙස පක්ෂපාත ස්ථාවරයක සිටියේ ය. අවසන් යුද්ධයේදී පවා ඔවුන්ගේ තර්කය වුණේ ආණ්ඩුව යුද්ධය හරි හැටි නොකරන්නේ ය යන්නයි. එහෙත්, ආණ්ඩුව යුද්ධය අවසන් කළේ ය. ඒ කෙසේද යන්න කවුරුත් දනිති. උතුරේ මරා දැමුණු කොටි සටන්කරුවා තමන්ගේ ලේ නෑයකු බව රාමචන්ද්‍රන් ඇතුලු ජාතිවාදී නොවන හදවත්  ඇති ජවිපෙ සාමාජිකයනට දැනිය යුතු ය. ඔහු නෑයකු වන්නේ තමන් මෙන් ම පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහිව සටන් කළ බැවිනි. සටන සඳහා තෝරා ගත් මාවතේ ගැටලු තිබිණි. සටන් මාවත වැරදුණේ උතුරේ දෙමළ සටන්කාමියාට පමණක් නොවේ. දකුණේ සිංහල සටන්කාරමියාට ද එය ම සිදු විය. මේ දෙපිරිසේ ම නායකයෝ මනා අවබෝධයකින් යුතුව එකිනෙකා තමන්ගේ සතුරා ලෙස අර්ථකථනය කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් දෙකක් අතර යුද්ධයක් නිර්මානය කර ඒ ඔස්සේ ඇති වන අරාජික තත්වය තම කණ්ඩායමට බලය ලබා ගැනීමට පාවිච්චි කිරීමට උත්සාහ කළහ. මේ දෙපාර්ශ්වයට ම තම ගමන් මග දෙස ආපසු හැරී බලන්නට අවශ්‍ය විවේක බුද්ධිය නොතිබිණි

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

Image
(2010 මැයි 31,  W3Lanka )   ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත. ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි. නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත් තමිල්නාඩ

“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

Image
(2010 මැයි 30,  W3Lanka )  වසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය. උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ. දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම නම් අගය කළ

යාන් හෑලි: අලියා සහ හැඳුනුම්පත

Image
(2010 මැයි 30,  W3Lanka )  පසුගිය දිනෙක රහස් පොලිසියේ නිලධාරීන් පිරිසක් ගංජා අල්ලන්න තණමල්විල පැත්තෙ ගියාලු. කලේ මැදින් යනකොට ඔවුන්‍ට මහළු හේන් ගොවියෙකු හමු වුණා. රහස් පොලිසිය හේන පරීක්ෂා කළා ඒකෙ තිබුණේ වට්ටක්කා, කැකිරි, තිබ්බටු, වම්බටු වගේ හේන් භෝග විතරයි. "ඇත්ත කියනවා, කොහෙද තමුසෙ ගංජා වවන්නෙ?" රහස් පොලිස් කණ්ඩායමේ ලොක්කා ‍කඩා පැන්නා. "මම නම් ගංජා වවන්නේ නැහැ. සර්ලට ඕනැ නම් ඕනැ තැනක බලන්න. හැබැයි අර පැත්තට නම් යන්න එපා," කියලා ගොවියා එක පැත්තක් පෙන්වමින් කිව්වා. දැන් පොලිස් නිලධාරීන්ගේ කට කණේ. "හහ්, ඒව කොහෙද? තමුසෙ දන්නවද අපට ඕනැ තැනකට ඇතුල් වෙන්න, පරීක්ෂා කරන්න බලය තියෙනවා." පොලිස් කණ්ඩායමේ ලොක්කා සාක්කුවෙන් හැඳුනුම්පත අරගෙන ආඩම්බරෙන් පෙන්වා තම කණ්ඩායම එක්ක යන්න එපා කියූ පැත්තට ම ගියා. ටික වෙලාවකින් මර ලතෝනියක් ඇහුණා. ගොවියා ඉක්මණට හේනේ දැවැන්ත පලු ගහක තනා තිබුණු පැලට ගොඩ වුණා. මෙන්න පොලිස් පිරිස පණ එපා කියමින් කැලේ කඩාගෙන දුවනවා. පස්සෙන් එලවන්නෙ ඊයෙ රෑ හේනේ පැත්තක් පාළු කරපු මිනීමරු නැට්ට කොට තනි අලියා. "බුදු අම්මෝ! අපිව බේර ග

මන්ත්‍රී වාහනවලින් බදු අය කිරීමේ ප්‍රෝඩාව | The false taxation on Sri Lanka MP's vehicle import permit

Image
(2010 මැයි 29,  W3Lanka )  පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් සහ වසර පහ සම්පූර්ණ කර සිටින මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ බලපත් ලබාදීමේදී 18% ත් 20% ත් අතර බද්දක්‌ අය කළ යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා යෝජනා කර ඇත. මෙම යෝජනාව ප්‍රගතිශීලී එකකැයි බැලූ බැල්මට පෙනෙනමුත් ඇත්තෙන් ම සිදු වන්නේ මන්ත්‍රීන් විසින් මග හරිනු ලබන බදු ප්‍රමාණය වැඩි වීම හා 'ඔන්න අපිත් බදු ගෙවනවා' යි කියමින් ජනතාව මත පටවන බදු බර සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් ‍පාලකයන්ට ලබා දීමයි. අනෙක් පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් ද හමදාමත් මේ කුඩු කන නිසා ඔවුන්ට ද අසාධාරණ බදුවලට එරෙහිව කතා කිරීමට 'ගට' නැති වේ. ටික කලකට ඉහතදී, එල්ලාවල මේධානන්ද හිමි සිය තීරු බදු රහිත ආනයන බලපත්‍රයෙන් ආනයනය කරන ලද වාහනය වෙනත් ‍කෙනෙකු ළඟ තිබීම මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය.  මෙතෙක්‌ මෙම බලපත් වෙනුවෙන් කිසිදු තීරු බද්දක් අය නොකෙරිණි. ඒ යටතේ ඩොලර් 35,000ක උපරිම වටිනාකමකට යටත්ව වාහන ආනයනය කිරීමේ අවස්ථාව මන්ත්‍රීන්ට ලැබිණි. දැන් එය ඩොලර් 45,000 හෙවත් ලක්ෂ පනහකට ආසන්න අගයක් දක

ඉක්වදෝර් රජයේ ජලය පෞද්ගලීකරණය කිරීමේ තැත පරාදයි | Ecuador government's attempt to privatize water defeated

Image
(2010 මැයි 28,  W3Lanka )  ජල සම්පත පෞද්ගලීකරණය කිරීමට හේතු වන බවට ස්වදේශික රතු ඉන්දියානු ජනයාගේ චෝදනාවට පාත්‍ර වූ පනතක් ඉක්වදෝර පාර්ලිමේන්තුවේදී පරාජය වී ඇත.  මෙම පනත සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ඉක්වදෝර ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.  ඉක්වදෝරයේ මධ්‍යස්ථ වාමාංශික රජය පවසන්නේ මෙම යෝජනාව ජල සම්පත පෞද්ගලීකරණයට හේතු නොවන බවයි. එහෙත් ස්වදේශික ජනයාගේ හා ගොවීන්ගේ සංවිධාන එයට එරෙහිව වීදි බැස්සේ එමගින් ආකර කර්මාන්තකරුවන්ට හා ජල බෝතල් සමාගම්වලට ජල සම්පත සම්බන්ධයෙන් සුවිශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන බව පවසමිනි.  පනත විසින් ම ජාතික උරුමයක් ලෙස පිළි ගනු ලැබ තිබෙන ගැමියන්ගේ පැරණි ජල කළමනාකරණ ක්‍රමවේදයන් ජාතික ජල ලේකම් කාර්යාලයේ පාලනයට යටත් කිරීම හා ජනාධිපති විසින් පත් කරනු ලබන ප්‍රධානියාට පනතෙන් තීරණාත්මක බලයක් ලැබීම ද ජනතා විරෝධයට තුඩු දුන්නේ ය. 

ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity?

Image
(2010 මැයි 27,  W3Lanka )  Taboo Subjects, සහන් සහ තවත් අය ජල සම්පත වෙළඳපලකරණය කිරීමේ යුක්තියුක්තභාවය පිළිබඳ අප විසින් මතු කරන ලද අදහස් පිළිබඳ සංවාදයට මැදිහත් වී ඇත. Taboo Subjects විසින් මතු කරන ලද ප්‍රශ්නවලට සමාජ ක්‍රියාධරයන් ලෙස අප දක්වන ප්‍රතිචාර තුළ මෙම සංවාදය පෝෂණය කිරීම හා අදාළ කරුණු අඩංගු වේ. 1. ජලය (පහසුවට වැව් ජලය කියමු.) අයිති කාටද? ජනතාවටද? (ගෙවල් දොරවල් වගේ) නැතිනම් රජයටද? (මහා මාර්ග, පාසල්, රෝහල් වගේ) ජලය අයිති සොබා දහමට ය. මිනිසා මෙන් ම මිළ දී ගැනීමක් නොදන්නා සතුන්ට ද ගස් වැල්වලට ද ජලය සඳහා හිමිකමක් ඇත. රජය සිටිය යුතු තැන මීට වසර 2000කටත් වඩා ඈත යුග‍යේ දේවානම්පියතිස්ස රජු පෙන්වා දී ඇත. ඔහු කී අන්දමින් රජයට මෙකී සම්පත්වල භාරකරුවකු විය හැකි ය. හිමිකරු විය‍ නොහැක.  2. ජලය කළමනාකරණය කළ යුත්තේ කවුද? ඒ සඳහා යන වියදම් දැරිය යුත්තේ කවුද? රජය ජල කළමනාකරණයට මැදිහත් වීමේ වරදක් නැත. එහෙත්, හිමිකරුවා ලෙස නොව භාරකරුවකු ලෙසයි. රජය සියලු වියදම් දරා ගන්නේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් හෝ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලබන ලාභයෙනි. මෙහිදී ද එය එසේ ම ය. එහෙත් ජල කළමනාකරණ ක්‍රමවේද

ෆාජි, ටෝජි, සදීක් හා කිසිවෙකුටත් ගැලවිය නොහැකි ඝාතක සංස්කෘතිය | Sri Lanka's inescapable gun culture

Image
(2010 මැයි 27,  W3Lanka )  මැයි 10 - 16 ලෝක ගිනි අවි විරෝධී සතිය වෙනුවෙන් ‘සාමය හා මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිත්වය’ විසින් පළ කරන ලද නිවේදනයක් අප වෙත ලැබිණි. එහෙත්, කාර්යබහුලත්වය මැද සිදු වූ අතපසුවීමක් හේතුවෙන් අපට එය එම වකවානුවේදී පළ කිරීමට නොලැබිණි. එහෙත්, අද වෙසක් පෝ දිනපිළිබඳව යමක් ලිවීමට අදහස් කරමින් සිටියදී හිටිහැටියේ මෙම ලිපිය අප නෙත ගැටිණි. වෙසක් දිනය වෙනුවෙන් අපට ඊට වඩා හොඳ ලිවීමක් කළ නොහැකි යයි හැඟුණ බැවින් අපි එම නිවේදනය සුළු සංස්කරණ සහිතව පළ කරමු.  ඒ 2009 රාමසාන් උපවාසය අවසන් කෙරෙමින් තිබූ කාලවකවානුවයි. අගෝස්තු 27දා මධ්‍යම රාත‍්‍රිය ඉකුත් ව පැය කීපයක් ගත වෙද්දී මැද කොළඹ, මාලිගාවත්තේ ජුම්මා මස්ජිද් පාර පරිශ‍්‍රය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මෙහෙයුම අළුයම අවසන් වූයේ තිදෙනෙකුට මරු කැඳවමිනි.  ඒ අතර එක් අයෙකු වූයේ ෆාජි ය. ෆාජි මාලිගාවත්ත අදාල පරිශ‍්‍රය තුළ  නිල නොලත් සන්නද්ධ කල්ලි පාලකයා ලෙස හඳුනා ගෙන තිබුණි. වඩා වැදගත් ම සාධකය වූයේ 2009 බස්නාහිර පළාත්සභා මැතිවරණ අවස්ථාවේ  දී නිල රාජ්‍ය යන්ත‍්‍රයේ ද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශකයකු ලෙස ඔහු ට ක‍්‍රියා

රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී | A letter of reply by Ravaya Deputy Editor

W3Lanka සංස්කාරක විසින් රාවය පුවත්පත පිළිබඳ කරන ලද විවේචනය සම්බන්ධයෙන් රාවය නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්. ජනරංජන මහතා විසින් ලියන ලද පිළිතුරක් අප වෙත එවා තිබේ.  මෙම පිළිතුර සම්බන්ධයෙන් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. අප විසින් රාවයේ පළ කිරීම අපේක්ෂා කරන ලද  ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම   ලිපියේ වික්ටර් අයිවන් හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු නායකයන් අතර විවාදය පිළිබඳ සඳහනක් ඇතත් එය එකී විවාදයට අදාළ ලිපියක් නොවේ.  එසේම, එම සංවාදය ආරම්භ කළ රාවය කර්තෘවරයා විසින් එය අවසන් කරන ලද බව නිවේදනය කිරීම ඔහු පෞද්ගලිකව සංවාදයෙන් ඉවත් වීමක් මිස සංවාදය අවසන් වීමක් නොවේ. සමාජ සංවාදයන්හිදී කෙනෙකුට සංවාදයක් ආරම්භ කළ හැකිමුත්, එය අවසන් කරන්නට බැරි ය. යම් සාකච්ඡාවක අවසානය විවෘත නැතිනම් එය සංවාදයක් නොවේ.  යම් අනවබෝධයක් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. රාවය පුවත්පතට අපේ ඇති ගෞරවය මෙම සිද්ධිය නිසා නැති වී ගොස් නැති බව අපි අපගේ ලිපියෙහි සඳහන් කර ඇත.  ජනරංජන මහතා විසින් එවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.  හිතවත් අජිත් පැරකුම් ජයසිංහ මහතාණෙනි, රාවය

ජනාධිපතිගෙ යුද සමය ගැන කමිටුවට හපා කන්න දත් තිබේලු | Sri Lanka President's Commission on Lessons Learned and Reconciliation has teeth

(2010 මැයි 26,  W3Lanka )  පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබඳව සොයා බලන්නැයි එක්සත් ජාතීන්, බටහිර රටවල්, මානව හිමිකම් සංවිධාන හා දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද 'ඉගෙන ගත් පාඩම් හා එකඟතාව ඇති කර ගැනීම පිළිබඳ කමිටුවට' කලින් පත් කරන ලද කමිටුවලට මෙන් නොව හපා කන්නට දත් ඇති බව ද තනි තනි පුද්ගලයන් පවා වැරදිකරුවන් කිරීමේ බලය එහි වරමෙහි අඩංගු බව ද විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් නිව්යෝක්හිදී ජනමාධ්‍යවලට පවසා තිබේ.  Peiris dismissed charges that past Sri Lankan commissions of inquiry had achieved little. "Of course it has teeth," he said of the new commission, saying its mandate gave it power to determine whether individuals should be held responsible. ලංකාවේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කරමින් සිටින බටහිර රටවල් ෂේප් කර ගැනීම සඳහා ඇමති ජී.එල්. පීරිස් මේ දිනවල යුරෝපා, ඇමරිකා සංචාරයක නියැලී සිටියි. ඔහු 2002 කොටි සංවිධානය සමග අත්සන් කරන ලද සාම ගිවිසුමේ ඉංජිනේරුවකු වන අත

ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?

Image
(2010 මැයි 26,  W3Lanka )  දිවයින පුරා ඇති සියලුම වාරිඇල සහ කෙත් ඇළ මාර්ග සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නඩත්තුව සහ ආරක්‍ෂා කිරීමේ වගකීම වාරිමාර්ග නිලධාරීන්ගෙන් මුදා හැර අදාළ ගොවි සංවිධානවලට පවරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඒ අනුව, තමන්ගේ කුඹුරට වතුර ගලා එන ඇල නඩත්තු කර ගැනීම සඳහා රජය සපයන ආධාර කොන්ත්‍රාත්කරුවන් අතට යන්නට නොදී ගොවීන්ට ම එම කර්තව්‍යය කර ගත හැකි ය. බැලූ බැල්මට මෙය ජනතාවාදී තීරණයකි. එහෙත්, පොදු අයිතියට යටත්ව පැවති, නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගනු ලැබූ ආණ්ඩුවක පාලනයට යටත් රජය විසින් නඩත්තු කරන ලද වැව හා ඇල මාර්ග ආදිය අවිධිමත් ලෙස පත් කර ගන්නා ලද සංවිධාන ව්‍යූහයන් විශේෂයක් වන ගොවි සංවිධානයට භාර දුන් විට මතු වන පළමු පැනය වන්නේ ඒවා නඩත්තු කිරීමට ගොවි සංවිධානවලට ඇති ධාරිතාවන් ප්‍රමාණවත් ද යන්නයි. රජය විසින් ප්‍රමාණවත් පරිදි ආධාර නොසපයන විට ඇල මාර්ග නඩත්තුව සඳහා ගොවීන්ගෙන් මුදලක් අය කිරීමට ගොවි සංවිධාන තීරණය කරන්නට ඉඩ තිබේ. ලාභ ඉපැයීම සඳහා වැවේ වතුර ටික වානිජ කෘෂිකර්මයේ යෙදෙන සමාගමකට හෝ කම්හලකට විකුණන්නට වුව ගොවි සංවිධානය තීරණය කරන

ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

Image
(2010 මැයි 25,  W3Lanka )   ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි.  හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය.  කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය.  අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා පාසල් දෙක, තුනක උගන්වයි.

අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග | The present Ravaya newspaper sent for our anniversary

Image
(2010 මැයි 25 - අජිත් පැරකුම් ජයසිංහ,  W3Lanka )  මේ මාධ්‍ය ව්‍යායාමයට වසරක් පිරෙමින් තිබියදී රාවයෙන් අපට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ මෙම ලේඛකයාගේ ලිපි රාවයේ පළ නොකරන බවට රාවයේ කේ.ඩබ්. ජනරංජන පැවසූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් වන රාවයේ ලසන්ත රුහුණගේ අප හිතවතකුට පැවසීමයි.  කීවාත් වාගේ දෙසතියක් ම මා විසින් යවන ලද ලිපි රාවයේ පළ වී නොතිබිණි. රාවයත් මාත් අතර කිසිදු ගිවිසුමක් නැත. ලිපි ලියන්නැයි රාවය මට ආරාධනා කළේ ද නැත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මම වතාවතක් සේ බ්‍රහස්පතින්දා පාන්දර හතරට අවදිව රාවයට ලිපියක් ලියා විද්‍යුත් තැපෑලෙන් යැවීමි. මේ ලිපිය නිසා බොහෝ බ්‍රහස්පතින්දා දිනවල මා අත්සන් කළේ රතු ඉරට යටිනි.  පසුගිය කාලයේ මා රැකියාව අහිමිව සිටියදී තිඹිරියාගම බංඩාර මේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්නට කටයුතු යෙදුවේය. දැන් මාස හයකින්, හතකින් පමණ මා එම මුදල ලබා ගන්නට රාවයට ගියේ ද නැත. රාවය විශාල අලෙවියක් ඇති පුවත්පතක් නොවේ. එහෙත් මගේ ලිපි පළ නොකළත් මම හෙටත් රාවයට ආදරය කරමි. එයට හේතුවක් ඇත. උසාවි ගොස් බොහෝ මුදල් හම්බ කළ හැකි නීතිඥයකු වුණත්, පුංචි පඩියකට රාවයේ කාටුන් අඳින ජනරංජන