ඇමති මණ්ඩලයෙන් කැපුණ කැපී පෙනෙන චරිත | Notable omissions from Sri Lanka's cabinet

(2010 අප්‍රේල් 24 - W3Lanka ) අලුත් ඇමති මණ්ඩලයෙන් හැලුණ වඩාත් ම කැපී පෙනෙන චරිතය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් ය. ආරංචි හැටියට නම් ඔහු වැදගත් අමාත්‍යංශයක් ඉල්ලා තිබෙනමුත් ආණ්ඩුව එය දෙන්නට කැමති වී නැත.


ඇමති මණ්ඩලයේ වාමාංශික බෙලි තැපීමක ප්‍රතිඵලයක් ලෙස එක් මන්ත්‍රීවරයෙකු පමණක් මහජන ඡන්දයෙන් තේරුණ කොමියුනිස්ට් පක්ෂයට ඇමති තනතුරක් හා නියෝජ්‍ය ඇමති තනතුරක් හිමි වී තිබේ. ඩිව් ගුණසේකර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිකමේ ද චන්ද්‍රසිරි ගජධීර මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති තනතුරේ ද දිවුරුම් දුන්නේ මහජන ඡන්දයෙන් එක් මන්ත්‍රී අසුනක් දිනූ සමසමාජ පක්ෂයට අවස්ථාව අහිමි කරමිනි. කොහොමද සමාජවාදය?


කැපී ගියේ හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණයි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයන බව පෙන්වීම සඳහා පත් කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය හොබවමින් රජයේ යුද ව්‍යාපෘතියට උර දුන් පුද්ගලයෙකි. 


තාවකාලිකව හෝ සරත් අමුණුගමට ඇමතිකමක් දීමෙන් වැළකී සිටීමට අවස්ථාව මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටියේ නැටූ සවුදමෙන් මහින්ද රාජපක්ෂට ලැබී තිබේ. කෙහෙළිය රඹුක්වැල්ලට හා එස්.බී දිසානයකට පවා ඇමතිකම් දීමේ ලොකු උනන්දුවක් ආණ්ඩුවේ ලොක්කන්ට නැති බව වාර්තා වේ. ෆයිසර් මුස්තාපා ද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ඇමතිවරයෙකි. එහෙත් මහනුවරට ඇමතිකමක් නො දුන්නොත් වෙනත් ප්‍රශ්න ඇති විය හැකි බැවින් ඉදිරි දින කීපය තුළ තවත් කීප දෙනෙක් ඇමති මණ්ඩලයට එක් වීමට ඉඩ තිබේ. 


හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ද ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටිමුත් නියෝජ්‍ය ඇමතිකමක්වත් නොලැබිණි. නවීන් දිසානායකට ද කැබිනට් ඇමතිකමක් ඕනෑ වී සිටිමුත් කිසිවක් ලැබී නැත. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා