ජවිපෙ නැවතත් 'පළා බබා - අපට එපා' සිංදුවට සැරසෙයි | JVP again drifting towards anti devolution path

(2010 අප්‍රේල් 20 - W3Lanka ) මෙතෙක් කල් උස්සාගෙන ගිය ජාතිවාදී සටන් පාඨ මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් පැහැර ගැනීමෙන් පසු ලංකාවේ මිනිසුන් උසිගන්වා ගන්නට වීසි කරන්නට පොල් ලෙල්ලක්වත් නැති තත්වයට පත් වී සිටින ජනතා විමුක්ති පෙරමුණ නැවත වතාවක් බලය බෙදීම නම් පිදුරු ගහේ එල්ලීමට සැරසෙමින් සිටින බව ලංකා ටෲත් නම් ජවිපෙ හොරණෑවේ දැන් දැන් පළ වන පුවත්වලින් හෙළි වේ.




පහත දැක්වෙන්නේ ලංකා ටෲත් මල්ලෙන් බළලා එළියට පනින හැටියි:




ආණ්ඩුවට කලින් ‘වහ’ දැන් ‘රස’ වෙයි


.....................මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආර්.සම්පන්දන් මහතා පැවසුවේ “ඒකීය රාජ්‍යයක් තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දෙන්නේ නම් තමන් ‍වත්මන් ආණෟඩුවට සහය දීමට සූදානම්” යනුවෙනි. මෙහිදී සම්පන්දන් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ “උතුරු නැගෙනහිර වෙනත් කිසිදු දෙමළ පක්ෂයන් එක මන්ත්‍රී ධූරයක් හෝ ලබා‍ගෙන නෑ. ඒකෙන් පේනව දෙමළ ජනතාව පිළිගන්නේ අපිව විතරයි කියල” යනුවෙනි.
කෙසේ වෙතත් අද හෝ හෙට ආණ්ඩු පක්ෂ නියෝජිතයින් හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, මෙහිදී ආණ්ඩුවට සහය දීමේ පොරොන්දුව මත ආණ්ඩු පාර්ශ‍වයෙන් දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි විරහිතව උතුර හා නැගෙනහිර සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආණ්ඩුව
එකඟ වී ඇත.


නව ව්‍යවස්ථාවෙන් මහින්ද විධායක අගමැති වී ඉන්දියාව ඉල්ලන පූර්ණ බලය බෙදීම දීමට සැරසෙයි


.........................මේ අතර මෙම නව ව්‍යවස්ථා සංශෝධනය හරහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් පළාත් සභාවලට බලතල ලබා ගැනීමට නොහැකි වූ වගන්ති ඉවත්කර ඉන්දියාවට අවශ්‍ය කරන ආකාරයට පළාත් සභා ක්‍රමය වඩාත් ශක්තිමක් කිරීමට අවධානය යොමුකර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. එමෙන්ම මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේදී ඉන්දියාවේ සිදුකරන සංචාරය තුළදී එරට බලධාරීන් දැනුවත් කිරීමට නියමිත බවද එම පුවත්පත වාර්තා කරයි.


ජනපති රනිල් රහස් කතාව මෙන්න


..........................මෙයට අමතරව විශේෂ වශයෙන් උතුරු නැගෙනහිර පළාතේ බලය බෙදීම හා ඒ වෙනුවෙන් රජය ලබාදෙන විසඳුම සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. පසුගිය කාලයේදී ඉන්දිය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය සමඟ ජනාධිපතිවරයා එකඟ වූ බලය බෙදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිය එකඟතාවය පළ කර ඇති අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ලබා දීය යුතු සහය ලබා දීමටද මෙහිදී පොරොන්දු වී ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමටත්, ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලට පූර්ණ වශයෙන් බලය බෙදීමත් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇති අතර, මෙම කටයුතු ඉටු කිරීමේදී මතුවන ගැටළු හා ඒ සම්බන්ධයෙන් යෙදිය යුතු පිළියම් පිළිබඳ ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා කෙරී ඇත.


මේ අතර රජය විසින් මේ වන විට සකස් කර ඇති නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර, බලය බෙදීම සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථා අවශ්‍යතාවය මෙහිදී වැඩි අවධානයට ලක් කර ඇත. එමෙන්ම ඉදිරියේදී නැවත හමුවී මතුවන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් එකඟතාවය පළ කර ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා